වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවිය අනුව අද (11 වැනිදා) සවස් වන විට ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 468 දක්වා ඉහළ ගොස් තිබිණ. ඒ අද පස්වරු 6.15 ට නිකුත් කරන ලද දත්ත අනුසාරයෙනි.
අද වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2459 ක් වූ අතර ඔවුන් අතුරින් 1980 ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබිණ.


----------------------------------------------------------------------------------------------------------------------
අද (11 වැනිදා) පෙරවරුවේදී හමුවූ රෝගීන් සිව්දෙනාත් සමග මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 463 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (10) පස්වරු 6.30 ත් අද පෙරවරු 10.00 ත් අතර මෙම රෝගීන් සිව්දෙනා හමුවී තිබේ. ජාතික වසංගත රෝග විද්‍යායතනයෙන් අද පෙරවරුවේදී නිකුත් කරන ලද වාර්තාව අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොරෝනා රෝගීන් සම්පූර්ණ සංඛ්‍යාව 2454 ක් වුවද ඔවුන් අතුරින් 1980 දෙනෙක් සුවය ලබා ආපසු නිවෙස් බලා පිටත්ව ගොස් තිබේ.
රෝගීන් 463 දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර කොරෝනා වයිරසයෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේදී මියගොස් ඇත්තේ 11 දෙනකු පමණි.
තවත් කොරෝනා රෝගීන් තිදෙනකු රාජංගණයෙන් සොයාගනු ලැබ තිබේ. මෙම රෝගීන් තිදෙනා වන්නේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයකු සහ ඔහුගේ දරුවන් දෙදෙනාය.
කොරෝනා වයිරසය ආසාදිත බව සොයගන්නා අවස්ථාවේදී ඔහු රාජාංගණය ප්‍ර දේශයේ සිය නිවසේ සිට ඇත.
ඔහු සහ දරුවන් සමග ඇසුරු කළ 300 දෙනකු මේ වන විට සවයං නිරෝධානයනට යොමුකර තිබේ. ඔවුන් අතර දරුවෝ 70 දෙනෙක් සිටිති.

කොවිඞ් - 19 රෝගී තත්ත්වය සම්බන්ධයෙන් අලුත් රෝගීන් හමුවීමත්,
ජූලි මස 1 වැනිදා සිට අද (11 වැනිදා) පෙරවරු 10.00 දක්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝදලා මඩේ දැම්මා වගේ වැඩක් මේ වුණේ...
කොරෝනාවට වඩා ඡන්දේ ලොකුවුණු රටක ඔයිට වඩා දෙයක් වුණත් වෙන්න පුලුවන්..
ඡන්දය පැවැත්වීම වරදක් නෙමේ. ඒත් ඇයි මේ පාසල් ළමුන් බිල්ලට දෙන්න හදන්නේ...? පාසල් ළමුන් ගොඩදෙනෙක් බස්වල ගමන් කරන්නේ... මේ හේතුවෙන් කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම වැඩි වෙනවා. පාසලේදී ළමුන් නිසියාකාරව සෞක්‍ය උපදෙස් පිළිපදියි කියලා කියන්න අමාරුයි.