බෙලරෑස් හි සිටි ලාංකිකයන් 290 ක් රැගෙන එති ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 28 June 2020
ඛනිජ තෙල් සංස්ථාවට රජයෙන් කෝටි 33,400 ක පොල්ලක් ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්ර සඳහා ක්රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි. 26 June 2020
පාස්කු ප්රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් නීතිපති ආපසු යවයි පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් ඉලක්ක කර ප්රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (26) යවන ලදී. 26 June 2020
කෝටියක මත්කුඩු තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෝනපල බටුවිට පාරේ නිවසක හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්රේමරත්න මහතා පැවසීය. 26 June 2020
ලෙබනයේ රැඳී සිටි ලාංකකියන් 171දෙනෙකු කටුනායකට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 26 June 2020
විදේශීය නාවිකයින් ගෙන්වීම තාවකාලිකව නවත්වයි විදේශීය වෙළඳ නාවිකයින් මෙරටට පැමිණීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 25 June 2020
සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්යයේ රැඳී සිටි ශ්රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 25 June 2020
කරුණා සිඅයිඩියට එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන 10.45 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණියේය. 25 June 2020
විද්යුත් හැඳුනුම්පත් මුද්රණය මුද්රණ දෙපාර්තමේන්තුවට පවරයි විද්යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශ දෙකම ප්රතික්ෂේප කර එය රජයේ මුද්රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. 24 June 2020
‘‘මෙම වසර අවසන් වන තුරු ඉන්ධන මිල වෙනස් කරන්නේ නෑ‘‘ ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ යා හැකි නමුත් මෙරට තෙල් මිල මෙම වසර අවසන් වන වැඩි කරන්නේ නැතියි මගී ප්රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 June 2020
රත්නපුරේ මැණික් මිල පහෙන් එකට බසී කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් රත්නපුරේ මැණික් මිල ඉතා පහළ මට්ටමකට වැටී ඇතැයිද, මේනිසා ශ්රමයට සරිලන මිලක් මැණික් සඳහා ලබාගත නොහැකිව තමන් දැඩි අසීරුතාවයට පත්වී ඇතැයිද පතල් කම්කරුවෝ පවසති. රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා මැණික් ගලක් රුපියල් ලක්ෂ 20 ක් හෝ ලක්ෂ 30 ක පමණ මිල දක්වා පහත වැටී ඇතැයි පතල් කරුවෝ පෙන්වා දෙති. 24 June 2020
රිෂාඩ්ගේ මල්ලී සහරාන්ව 2017 දී ඉන්දියාවට යවලා හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරු රිෆ්ඛාන් බදියුදීන් යන අය ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක සහ්රාන් හෂීම් නමැත්තාට 2017 වර්ෂයේ දිනෙක මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ කාෂ්මීරය වෙත පලා යෑමට උපකාර කර ඇතැයි හිටපු බුද්ධි අධ්යක්ෂකවරයෙක් පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධ විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ ඊයේ (23) සාක්ෂි දෙමින් පැවසීය. 24 June 2020
කොරෝනා ආසාදිතයින් ගණන 1991 දක්වා ඉහළට කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්යාව 1991 ක් වන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. 23 June 2020
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ආදායම අඩුවෙයි විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්රේෂණ ඉකුත් අප්රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත. 23 June 2020
සජිත්ගේ ප්රදානයක් මැකෝ නවත්වයි සමගි ජන බලවේගය නායක සජිත් ප්රේමදාස මහතා රුපියල් ලක්ෂ 37 වටිනා වෛද්ය උපකරණ තොගයකෙ පොල්ගස්ඕවිට වැතර දිසා රෝහලට පරිත්යාග කිරීමට නියමිතව තිබූ උත්සවයක් මැතිවරණ කොමිසන් සභාවේ මැදිහත්වීමෙන් අද (23) අත්හිටුවීමට පියවර ගත්තේය . 23 June 2020
ඇමෙරිකාවේ රැඳී සිටි ලාංකිකයන් 217දෙනෙකු කටුනායකට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඇමෙරිකා එක්සත් ජනපදයේ රැදී සිටි ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 23 June 2020
සංස්ථා - මණ්ඩල 5 ක වැටුප් ගෙවිය නොහැකි තරමේ මූල්ය අර්බුදයක් කොරෝනා වසංගතයත් සමඟ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ නාගරික සංවර්ධන හා නිවාස පහසුකම් අමාත්යාංශය යටතේ ඇති සංස්ථා හා මණ්ඩල පහක සේවක වැටුප් පවා ගෙවිය නොහැකි අන්දමින් මූල්ය අර්බුදයකට ලක්ව ඇත. 22 June 2020
කරුණා අම්මාන් සීඅයිඩීයට කැඳවයි හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 22 June 2020
අලි රොෂාන් නඩුවේ 4 ක් නිදොස් කොට නිදහස් වනජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනිය හා ඇත්ගොව්වන් තිදෙනෙකු විත්ති වාචක නොකැඳවාම නිදොස් කොට නිදහස් කිරීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) නියම කළේය. 22 June 2020
එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව ඉල්ලු වාරණය විසිවෙයි තමා ඇතුළු 99 දෙනකුගේ එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉල්ලු වාරණය කොළඹ දිසා අධිකරණය අද (22) ප්රතික්ෂේප කළේය. 22 June 2020
කරුණාගේ ප්රකාශය ගැන පරීක්ෂණයකට නියෝග හිටපු නියෝජ්ය අමාත්ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්රකාශයක් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට වැඩබලන පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද(22) දැනුම් දුන්නේය. 22 June 2020
වසරකට පෙර තාත්තා මැරූ පුතාගේ පොලු පහරින් අම්මාත් එතැනම මහියංගණ, දඹාන ගම්මානයේ හයදරු මවක පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය කියයි. 22 June 2020
ඉන්දියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට ඉන්දියාවේ සිට ගුවන් මගීන් 230 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(22) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 22 June 2020
කොරෝනා වක්රය පහළ බසී ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්ය වාර් තා පෙන්වා දෙයි. 21 June 2020
’ජාත්යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’ අගෝස්තු මස පස් වැනිදා පැවැත්විමට නියමිත මහ මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්යන්තර නිරීක්ෂකයින් එනවාද නැද්ද කිනය එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ තව සති දෙකකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා කීය. 21 June 2020
අප්රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට අප්රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 21 June 2020
මහින්දාන්දගේ කතාව ගැන පරීක්ෂණයක් කරන්න ක්රීඩා අමාත්යංශ ලේකම්ගෙන් නියෝග වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්රීඩා අමාත්ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්රීඩා අමාත්යාංශ ලේකම්වරයා ක්රීඩා අමාත්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබේ. 19 June 2020
සම්පන්දන් කරුණු 5 කින් ජනපති තීරණය ප්රශ්න කරයි නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවූයේ ඇයිදැයි විමසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආර්. සම්පන්දන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇත. 18 June 2020
බැදුම්කර වංචාව ගැන හිටපු ජනාධිපති - අගමැති දෙදෙනාගෙන් කටඋත්තර ගන්න පොලිස්පතිට නියෝග ශ්රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදු වු බව කියන මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්රමසිංහ ඇතුලු සිව්දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (18) උපදෙස් ලබා දුන්නේය. 18 June 2020
සජින් ද වාස් ගුණවර්ධන කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්රතික්ෂේප කරයි පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි රුපියල් තිස් කෝටි හැට ලක්ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කල බවට තමන්ට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ ගොනුකර ඇති අධි චෝදනා නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවන ලෙසට හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් ද වාස් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය අද (18) ප්රතික්ෂේප කළේය. 18 June 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026