(ඩයනා උදයංගනී)
ලෝක වෙළඳපලේ ඉන්ධන මිල ඉදිරියේදී ඉහළ යා හැකි නමුත් මෙරට තෙල් මිල මෙම වසර අවසන් වන වැඩි කරන්නේ නැතියි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට පවතින තෙල් මිල මෙම වසර අවසන් වන තුරු ස්ථාවරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ලෝක වෙළඳපලෙහි තෙල් මිල අඩුවීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට චෝදනා එල්ල වන නමුත් දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20 ක හා පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පාඩුවක් දැරීමට සිදුවන බව ඇමතිවරයා කීවේය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ පිහිටි ඛනිජතෙල් සම්පත් අමාත්‍යාංශයේදී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම් ලෝක වෙළඳපල ඉන්ධන මිල අඩුවන විට අඩුවන සේම වැඩිවන විට වැඩිවන බව කී ඇමතිවරයා එයින් සාමාන්‍ය ජනතාවට වාසියක් නොලැබෙන බව ද පැවසීය.
ඉන්ධන මිල අඩු වන විට එහි සහනය පොදු ප්‍රවාහන ඇතුළු බොහෝ අංශයන්ගෙන් ජනතාවට නොලැබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා මොනවා කියනවද මන්දා..? මොලේ හෝදන්න වෙලා වගේ...
අනේ කොච්චර දෙයක්ද? එහෙනම් ඔබව පාර්ලිමේන්තු යවන්නම් මේපාර ඡන්දෙන්...
ඡන්දයෙන් ගෙදර යන අය කියන කතා විශ්වාස කරන්න පුලුවන්ද?
අපේ රට තමයි මේවනවිට තෙල් මිල ඉහළම රට... අද මාලදිවයින් වල පෙට්‍රල් රුපියල් 70, ඩීසල් රුපියල් 60.. ආණ්ඩුව තෙල් විකුණන්නේ කලුකඩකාරයෙක් වගේ අපේ බුද්ධිමත් ජනතාව තවත් ගිහිල්ලා ගහපල්ලා කතිරේ.. තෙල් මිල මේ ගාණටම ගන්න ලැබේවා කියලා..
තෙල් මිල අඩු නොකළොත් ජනතාව අගෝස්තු මාසේ ආණ්ඩුව වෙනස් කරාවි...
මේ වසර අවසන් වන තෙක් ද, නැත්නම් ඡන්දය අවසන් වන තුරුද? එකක් කරලා කියන්න. ඡන්දය දෙන්න පැත්තක් තෝරා ගන්න එපැයි.
මීට මාස 5කට පෙර මතකයි මට සුභාවිත ගීත මගී බස් රථවලට අඳුන්වා, ඊට පස්සේ රෙද්ද පල්ලෙන් බේරෙන කටේ නරිවාදන් වලින් සබන් නොගාම නා ගත්තා... තවත් එවැනි කතාවක් නිවට ලෙසින් කියනවා...
ඔව් ඔව් කොන්දොස්තර උන්නැහේ... පානීය දාලා අපේ ඡන්දෙ අරගෙන, ඡන්දෙ දිනුවට පස්සේ දුප්පත් අපිට කෙලවන්න නේද ලැහැස්තිය..? අපිට සජිත් හොඳයි. ඔහේ අාපහු කොන්දොස්තර රස්සාවට යන්න.
ලෝක වෙළඳපලේ තෙල්මිල බොහෝසෙයින් අඩුවෙලා... මම ඉන්න රටේ ඩොලර් 2.10ත් තිබුණු පෙට්‍රල් ලීටරය දැන් මාස 3ක වෙලේ ඉඳන් ඩොලර් 1.75. ඉතින් ඒ වාසිය ලංකාවේ ජනතාවට රජය ලබා නොදෙන්නේ ඇයි...?
මෙතුමා මොනවා කිව්වත් ආණ්ඩුව ජූලි මාසයේ තෙල් මිල රුපියල් 10කින් පමණ අඩුකරාවි... අර 2014දී කළා වගේ, අගෝස්තු ඡන්දෙ තිබෙන නිසා... නමුත් එතකොට ප්‍රමාද වැඩියි.
දැනට මාස 2 1/2 කට කළින් මේ කටින්ම කිව්වා තෙල් මිල අඩුකරනවා කියලා.. දැන් කියන්නේ වෙන කතාවක්... මොහු මහබැංකු කාරයෙකු වන සිරිසේනගේ ගෝලයකු බව මුළුරටම දන්නවා..
දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20 ක හා පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35ක පාඩුවක් දැරීමට සිදුවන බව ඇමතිවරයා කීවේය. අනේ මහත්තයෝ... ඕක වහලා දාන්න. අපි බයිසිකලයෙන් යන්නම්...
මම මේ බැලුවේ... මෙතුමාගේ කට පිහිටලා තියෙන්නේ කොයි පැත්තේද කියලා..?
පාර්ලිමේන්තුවට තෙල් මිල අඩුකරන්න කියලා බයිසිකලයෙන් ගිය ඔයා ඉන්නේ මහින්දගේ ආණ්ඩුවේමද?
2021 ජනවාරි පළවෙනිද අඩු කරනවාද? වැඩි කරනවාද? කෙලින් කියන්න. වෙනස් කරනවා කීවාම දෙපැත්තක් තියෙනවා.
මිල සූත්‍රය අපහාස කරකර හිටියා... දැන් කොහොමද උත්තර දෙන්නේ? මෙහෙම මිනිස්සු පත්කර ගත්ත අපේ මෝඩකම.. බොරුව වපුරලා කරපු දෙයක්...හෙණ ගහනවා මිනිස්සුන්ව මෙහෙම මරමර සල්ලි හම්බකරන එකට. ඇවිල්ලා කරපු කිසිම දෙයක් නැහැ. දැන් ඊගාව තුරුම්පුව ජාතිවාදේ අවුස්සන එක තමයි..
පොදු ප්‍රවාහන සේවය හරියට ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. යතුරුපැදිය පෙට්‍රල් ටිකක් ගහගෙන වැඩට යන්න පෙට්‍රල් මල අඩුකරන්නෙත් නැහැ. දේශපාලකයන්ගේ ප්‍රාඩෝවලට නම් පිනට පෙට්‍රල් ආණ්ඩුවෙන් ලැබෙනවා. පිල් මාරු කරකර හැමදාම ඕවා කිය කිය ඉන්න බැහැ.., හම්බන්තොට ඉන්න සියලු දෙනාම බයියො කියලද ඔබ හිතන්නේ? අලුත් විදිහට හිතන්න අලුත් පරපුර ඕවාට හැමදාම අහුවෙන්නේ නැහැ.
මේක මහා කරුමයක්... මධ්‍යම පාන්තිකයින් වන අපි අද ලොකු අමාරුවක වැටිලා ඉන්නේ... ලොකු ව්‍යාපාරිකයින්ට ආණ්ඩුව 4% පොලියට ණය දෙනවා ව්‍යාපාර වැඩිදියුණු කරන්න. සමෘධි ලාභීන්ට සමෘධියට අමතරව රුපියල් 5000 ලැබෙනවා. බඩුමිල අහස උසට.. ඒ මදිවට පෙට්‍රල් ටිකවත් අඩුවට දෙන්නේ නැහැ. හිත හදාගෙන හරි බඩගින්නේ ඉන්න පුළුවන් ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණු පරිදි රට ආරක්ෂා කරනවා කියලා පේනවානම්... නමුත් MCC එක අහෝසි කළේ නැහැ සමාලෝචනය කරමින් සිටිනවා. මිනීමරු කරුණාව නළවනවා. මහබැංකු හොරු තවම නිදැල්ලේ... අපේ විදේශ ශ්‍රමිකයෝ අනාථ කඳවුරුවල දුක් විඳිනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගත්ත දේශපාලකයින්, නිලධාරීන් යහතින් සිටිද්දී අගෝස්තු මාසෙදී කතිරෙ ගහනකොට මධ්‍යම පාන්තිකයාට වෙන දිශාවක් බැලීම හැර වෙන විකල්පයක් ඔබලා ඉතුරුකර නැත..
දැනටත් ඉන්ධන අලෙවියේදී ඛනිජතෙල් සංස්ථාවට ඩීසල් ලීටරයකින් රුපියල් 20ක්ද, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 35කද පාඩුවක් සිදුවන බව ඇමැතිවරයා කීවේය. පසුගිය දිනවල තෙල්මිල කිසිදා නොවූවිරූ ලෙසට පහත බැස තිබිණි. එම අවස්ථාවේ තෙල්මිලට ගෙන ගබඩාකර ගත්තා නම් ටිකක් හෝ ලාභයක් ලැබීමට තිබුනේ නැද්ද? ලෝකයේ තෙල් සඳහා මිලක් අය නොකර නොමිලයේම ලබාදී ප්‍රවාහනයත් ඒ රටවලින්ම නොමිලයේම කළත් ලංකාවේ ඔය කියන සංස්ථාව නම් කිසිදාක ලාභ ලබන්නේම නැත...
අපිට මේක හරියන්නේම නැහැ. රට කොලණියක් වෙනකම් බලන් ඉන්න තමයි වෙන්නේ...
වෙනස් කරන්න එපා..