කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1991 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

අද මේ වනවිට ආසාදිතයින් 40 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන්දියාවේ සිට පැමිණි පිරිසකගෙන් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 432 ක් වේ. 

මේ වන  විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 1548 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.