(ඩයනා උදයංගනී)
විදේශීය වෙළඳ නාවිකයින් මෙරටට පැමිණීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ වරායෙන් විදේශ නෞකා සඳහා හුවමාරුවීමට විදේශිකයන්ට අවසර දී තිබුණත් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇතුළුව එසේ පැමිණි අයගෙන් වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයින් වූ නිසා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
දිගින් දිගටම එසේ පැමිණෙන විදේශිකයින් රෝගීන් වුවහොත් මෙරට රෝහල් පද්ධතියේ ඉඩකඩ ප්‍රමාණවත් නොවිය හැකි නිසා මෙවන් තීරණයක් ගැනීමට සිදුව ඇතැයි ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයිරසයේ අතිශයින් භයානකම ප්‍රභේදයක් තමයි ඇමරිකාවේ පවතින්නේ. එපමණ මියයන්නේත් එ්කයි. මේ ගත්තා වූ තීරණය හොඳ එකක්..
නිශ්ශංක සේනාධිපති හා ගෝඨාභයගේ අලුත් බිස්නස් එක අවුලන ඉන්දියාවෙන් ගෙන්වපු නාවිකයන් සෙට් එකට කොරෝනා හින්දා.. ඒ අයගේ බිස්නස්වලට මිනිස්සු ගේනවා.. හැබැයි මේ රටේ පුරවැසියෝ ගෙන්නන්නේ නැහැ ඡන්දෙ ඉවර වෙනකම්.
එනම් මේතාක් කල් මෙරට ලියාපදිංචි සමාගම් ගණනාවක් කරමින් සිටි ව්‍යාපාරයක් මෙම නිස්සංක සේනාධිපතිටම පවරා දීමයි. මෙම ව්‍යාපාරය හැඳින්වෙන්නේ නාවික කාර්ය මණ්ඩල හුවමාරුව යනුවෙනි. එනම් ගුවන්තොටුපොළෙන් නැව්වලටත් නැව්වලින් ගුවන්තොටුපොළටත් නාවිකයින් හුවමාරු කිරීමත් සහ ඒ අතරමැද කාලයක් ඇත්නම් නම් එම නාවිකයින්ට හෝටල් පහසුකම් ලබාදීමත්ය. දැන් කවුද දිනුම්..?