වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයකුට අනුව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකය මගින් හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයක් පටිගත කරනු ඇත. ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා කීවේය.
මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රීඩාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී නව පනතක් සම්මත කර ඇති බවයි.
“ඔහු ළඟ තියෙන සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, එහි දූෂණ මර්ධන ඒකකයට සහ ආරක්ෂක ඒකකයටත් බාරදිය යුතුයි. එවිට ඒ ගැන වඩාත් හොඳ විමර්ශනයක් කළ හැකියි“ යයි 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් කටයුතු කළ කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබිණ.
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් පන්දු 88 කදී නොදැවී ලකුණු 103 ක් ලබාගත් මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඡන්දය ළඟ ළඟම එනවා නේද ?..... ජෝකර්ලා වැඩ පටන් අරන් වගේ.... සාක්කි හෝ නම් කෝ...?“ යනුවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිත වගේම තවත් කෙනෙක් තමයි මහින්දානන්දත්.. කවදාවත් වැදගත් හෝ බුද්ධිමත් කතාවක් කරලා නෑ.
මේ වගේ අය 225ක් මොකටද?
ඇයි මේ අනුවණ ඇමැතිලගේ වචන විශ්වාස කරලා කමිටු පත්කරන්නේ?
වර්තමානයේ රටතුළ ඇතිවී තිබෙන ප්‍රශ්න මගහැරීමට යොදාගත්තු උපක්‍රමයක්...
මොකද මේ අවුරුදු 9කට පසු හීනෙන් ඇහිරිලා වගේ එක එක දේවල් මතක් වෙන්නේ..
"වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා" මහින්දානන්දගේ දික්කසාද නඩුවෙන් පෙනී යන්නේ ඔහු රටෙන් කොපමණ මුදලක් කොල්ලකාලාද කියලයි.
කුවේට් වලින් අතරමන් වෙලා ආපු උදවියට බෝම්බයක් එව්වා කියලා රටවල් අතර අසමගියට පාර කැපුවේත් මෙයා තමයි.
නොදන්නා දේවල් කතා කරන්න මේ කට්ටිය හරි දක්ෂයි.
ලංකාවේ ක්‍රිකට් වලින් තිලංගටත් වඩා හම්බකරලා තියෙන්නේ මෙයා මගේ හිතේ. ලංකාවේ ඉක්මනටම පොහොසත් වුණු ඉන්ශූරන්ස් ඒජන්ට්ලුනේ ඉතිං. කලින් වයිෆ්ට මාසෙට බර ගානක් ගෙවන්නත් තියනවලු... සාමාන්‍ය මනුස්සයෙක්ට ඒ ගාන ජීවිත කාලෙටම හම්බ කරන්නත් අමාරුයිලු... අපේ ආයුෂත් අරන් ඔබතුමාලා 'චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්න ඕනේ' අප්පා,
එහෙම දෙයක් වුනා නම් ..එහෙම දැනගෙන අවුරුදු 9ක් වසන් කරපු එක වරදක්. අයිසීසී එක මොහු ගැන පරීක්ෂණයක් පටන් ගත යුතුයි.
ඊයේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර සිරස්තල මේ පිළිබඳව විය. ඇයි මේ මොහුට අපේ ක්‍රීඩකයන්ට මඩ දැමීමට අවශ්‍ය? ඔහුට ක්‍රීඩා ඇමති රැකියාව ලබා දුන්නේ කවුද?
නාවලපිටියේ මිනිස්සු මේ පාරත් මෝඩවෙයිද? බුද්ධිමත් වුණත් වැඩක් නෑ ලැයිස්තුවෙන් හරි එයි...
පැහැදිලිවම ඒ මැච් එක බඳුනක තබා ඉන්දියාවට පිරිනැමුවා කිව්වොත් නිවැරැදියි. හරිම බාල විදියටයි, ඒ මැච් එක අතහැරියේ. මතක් වෙන කොටත් දුකයි, ඒ අවසන් මහා තරගය.
හොරකම් කළ, පිස්සු වැඩ කළ අයව නම් එපා...
ඔය තරගයේදී ලංකාව ක්‍රීඩා කරපු විදිය ගැන අපි හැමොටම ප්‍රශ්න තිබුනා. වෙන එකක් තියා තරගයේ ලකුණු පුවරුවක් පවා තරගයට කලින් බෙදා හැරුනා. ඉන්දියාවෙ IPL තරගාවලියට සාභාගි වීමට බාධා ඇති වන නිසා මේ එකගතාවය ඇතිකගත් බවයි ඒ දවස් වල කියවුනේ. කොහොම උනත් විධිමත් පරීක්ෂණයක් පවත්වන එක ඉතාමත් කාලෝචිතය.
රාජිත කියෙව්වට ලොකු වැඩ කරලා තියෙනවා. මෙයා එහෙම කරපු වැඩක් තියෙනවද?
දැන් ඉතින් මේ මනුස්සයාගේ ඔක්කොම වැරැදි අමතක කරලා මෙයාව පාර්ලිමේන්තු යවන්න ඕනේ.., මේක ගැන පරීක්ෂණයක් කරවා ගන්න.
තැපැල් 90 යේ බඩු වික්ක මහින්දානන්ද කොහොමද මෙච්චර පොහොසත් වුනේ කියලා නඩුවක් තියෙනවා. තව නඩුවකුත් තියෙනවා මෙයා අයතා විදිහට මුදල් හොයලා කියලා. ඔක්කෝටම කලින් ඒ නඩු අහලා බලන්න.
මහින්දානන්දට බැනලා වැඩක් නැහැ. රට වෙනුවෙන් අමාරු වුණත් ප්‍රකාශයක් එතුමා කළා. තමන්ගේ පක්ෂේ හිටියත් බූකීපාලයි, සංගක්කාරයි එකතුවෙලා රට වික්ක බව දන්නෝ දන්නවා. බලන්නකෝ සංගක්කාරගේ විකට් කීපින් ටික ඒ මැච් එකේ, ඔයාලට තේරේවි...
රට විරුවන්ට පමණක් නොවෙයි, ජාත්‍යන්තරය දිනු, ක්‍රිකට් විරුවන්ටත් අපහාස කරමින් මේ ශ්‍රී ලාංකික අමිහිරි හඬ ලොවපුරා සිසාරා යනු ඇත!!
මෙ වගේ අයටත් අන්ත අයට චන්දෙ දීලා පාර්ලිමෙන්තුවට යවන්න තරම් බුද්ධියක් තියෙන ජනතාවක් ඉන්න රටක් මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන එක තමයි පුදුමෙ...
අවුරුදු 9ක් මහින්දානන්ද පොල්ගෑවද මෙක කියන්න බැරුව... ආණ්ඩුව 7පොළේ ගාගන්නවා.
මහින්දානන්ද මෙක විහිළුවක් නොවෙ... ඔබට විකාරද?
මෙයා කරලා තියෙන ඒවා බලන්න කොමිටි 5ක් වත් පත්කරන්න වෙවි...
මහේල හා සංගා දේශද්‍රෝහීන් ලෙස 69 ලක්ෂයක් ජනතාව පිළිගෙන අවසන්. ජාතික වීරයන් මෙලෙස ලෙස සලකන පාලකයන් කුමටද?
රටේ ජනතාව ගොනාට අන්දවල අපේෂකයගෙ නම බොහෝ අය කතා කරන මාතෘකාවක් බවට පත් කරගන්න කරන කපටි වැඩක්. මෙයාගෙ උපක්‍රමය සාර්ථකයි.
වසර 11ක් පැරණි දේවල් ගැන කතාකරන ඇමැතිවරුන්ගෙන් නව නිර්මාණ නව අදහස් කිසිදිනක බලාපොරොත්තු විය නොහැක... පොහොට්ටු පාලනය වටකරගෙන, පාලනය නතුකරගෙන සිටින්නේ මෙවැනි අය තමයි..
මේ නිව්ස් එකට දාල තියන ෆොටෝ එකෙන් හිතාගන්න පුලුවන් ප්ලෑන් එක.
පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවන් අයද?
මම හිතන්නේ මේක ජනාධිපතිතුමා එක්ක මුළු ආණ්ඩුවම රටේ පවතින තත්වය අමතක කරන්න ඡන්දෙ ඉලක්ක කරගෙන කළ පහත් දේශප්‍රේමී කුමන්ත්‍රණයක්. එහෙම නැත්තන් අවංකවම ගෝඨාභය රට ගැන, රටේ ගෞරවය ගැන, පාට පක්ෂ නීතිය දූෂණයට, වංචාවට විරුද්ධ නම් මේකේ පරීක්ෂණ කරන්න ICC එකට බාරදිය යුතුයි. ඔය කියන මහින්දානන්ද ළඟ තියෙන සියලු සාක්කි සමග... එසේ කළොත් පමණයි රටේ සහ තමුන්ගේ නම්බුව රැකෙන්නේ... බලමු අපි 69 ලක්ෂයක් වූ ගෝඨාභයට ඡන්දෙ දුන්නු ජනතාව සැබෑ දේශප්‍රේමියන්ද, නැත්ද, නිකම්ම නිකන් බයියන් රැලක්ම පමණක්ද කියලා...
හොරුන්ගෙත් හොරු කම්බ හොරු.