(අජන්ත කුමාර අගලකඩ)
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත අද (24) ඉදිරිපත් කරන ලදැයි දැනගන්නට තිබේ.
ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධිකරණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබිණි.
එම නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ තීරණයක්...
රියදුරු බලපත් මුද්‍රණයත්, ඔය ආකාරයටම මුද්‍රණය කරන්න.
ඉතා හොඳ තීරණයක්.
මම හිතනවා මේකෙන් වියදම අඩු වේවි කියලා...
ඉතා උසස් තීරණයක් සර්...
හොඳ වැඩේ... කොමිස් කාක්කන්ට හුළන් බොන්න වෙන්නේ...
ඉතාම හොඳයි. දැන් විමලෙට කොපි 2ක්ම ගහගන්න පුළුවන් ලේසියෙන්ම..
සර්, ඔබට මගේ ගෞරවය, ආචාරය පුදකරමි.
රජයේ ආයතන තියෙද්දී පෞද්ගලික ආයතනවලට වැඩේ පවරන්නේ හොරා කන්න. මොහුම තමයි රට ඉදිරියට යා යුත්තේ...
අපේ යහපාලන ආණ්ඩුවේ සියලුම සංවර්ධන වැඩ මේගොල්ලෝ නවත්තලා දානවා.
අපේ ඇමැතිවරුන්ගේ සහ එයාලගේ බිරින්දෑවරු නැවත කවදාවත් වයසට යන එකක් නැහැ... මොකද කැමැති කැමැති උපන්දින දාලා දාලා ID මුද්‍රණ කරගන්න පුළුවන්නේ...
රියදුරු බලපත්‍රයත් ආණ්ඩුවෙන් මුද්‍රණය කරනවා නං හොඳයි. එක බලපත්‍රයකට රුපියල් 1400ක් ලබාගන්න පුද්ගලික සමාගම එහි අඩංගු සිම්පත කියවීමේ පහසුකම පොලිසියට ලබාදෙන්න ගිවිසුම්ගත වෙලා ඉන්නවා. ඒත් දැන් අවුරුදු දහයක් වෙනවා ඒක කෙරිලා නෑ. බොරුවට ලයිසන් එකේ සිම් එකක් තියනවා.