IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය මුද්‍රණ දෙපාර්තමේන්තුවට පවරයි

(අජන්ත කුමාර අගලකඩ)

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 ක් මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට පිරිනැමීම සඳහා ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය කර ඇති නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පැවරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ සඳහා වන යෝජනාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත අද (24) ඉදිරිපත් කරන ලදැයි දැනගන්නට තිබේ.

ඒ අනුව විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණය ආරක්ෂක අමාත්‍යාංශයේ අධිකරණය යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 15 ක් පමණ වාර්ෂිකව අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ලක්ෂ 50 මුද්‍රණය කිරීම පෞද්ගලික සමාගම් දෙකකට දීමට පසුගිය ආණ්ඩුව සමයේ පත් කරන ලද ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලය තීරණය කර තිබිණි.

එම නිර්දේශ දෙකම ප්‍රතික්ෂේප කර විද්‍යුත් ජාතික හැඳුනුම්පත් මුද්‍රණ දෙපාර්තමේන්තුවට බාර දෙන්නැයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත.

 

 



අදහස් (17)

විද්‍යුත් හැඳුනුම්පත් මුද්‍රණය මුද්‍රණ දෙපාර්තමේන්තුවට පවරයි

surath Wednesday, 24 June 2020 11:49 PM

විශිෂ්ඨ තීරණයක්...

:       0       20

Denin Thursday, 25 June 2020 12:28 AM

රියදුරු බලපත් මුද්‍රණයත්, ඔය ආකාරයටම මුද්‍රණය කරන්න.

:       0       11

Rohitha Thursday, 25 June 2020 01:17 AM

ඉතා හොඳ තීරණයක්.

:       0       0

ලුම්බිණි Thursday, 25 June 2020 01:54 AM

මම හිතනවා මේකෙන් වියදම අඩු වේවි කියලා...

:       0       0

Denesh Thursday, 25 June 2020 03:35 AM

ඉතා උසස් තීරණයක් සර්...

:       0       6

rama Thursday, 25 June 2020 03:55 AM

හොඳ වැඩේ... කොමිස් කාක්කන්ට හුළන් බොන්න වෙන්නේ...

:       1       23

Sanath kandyThursday, 25 June 2020 08:06 AM

දැන් මේ මුද්‍රණ කටයුතුවලට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර සහ අනෙකුත් ද්‍රව්‍ය ගෙන්වනකොට කොමපණ කොමිස් මුදලක් ලබාගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද දන්නේ නැහැ.

:       316       102

VajiraThursday, 25 June 2020 08:07 AM

ඇයි මේ අලුත් ඇඳුනුම්පතේ නෙලුම් මලක්...?

:       2       31

RajindaThursday, 25 June 2020 01:11 PM

ඒක නෙලුම් මලක් නොවේ රෝස මලක්... ඇයි අවුල්ද?

:       0       0

kamal Thursday, 25 June 2020 05:28 AM

ඉතාම හොඳයි. දැන් විමලෙට කොපි 2ක්ම ගහගන්න පුළුවන් ලේසියෙන්ම..

:       215       36

janahitha Thursday, 25 June 2020 07:58 AM

බඩට වැදුණත් දේශපාලනය උතුම් කරගෙන මෙන්න කොමිස් කාක්කන්ට කඩේ යනවෝ...

:       0       12

Palitha Thursday, 25 June 2020 05:34 AM

සර්, ඔබට මගේ ගෞරවය, ආචාරය පුදකරමි.

:       2       130

සේන Thursday, 25 June 2020 05:41 AM

රජයේ ආයතන තියෙද්දී පෞද්ගලික ආයතනවලට වැඩේ පවරන්නේ හොරා කන්න. මොහුම තමයි රට ඉදිරියට යා යුත්තේ...

:       2       88

mal pani Thursday, 25 June 2020 07:59 AM

අපේ යහපාලන ආණ්ඩුවේ සියලුම සංවර්ධන වැඩ මේගොල්ලෝ නවත්තලා දානවා.

:       7       60

pradeepa Thursday, 25 June 2020 08:40 AM

අපේ ඇමැතිවරුන්ගේ සහ එයාලගේ බිරින්දෑවරු නැවත කවදාවත් වයසට යන එකක් නැහැ... මොකද කැමැති කැමැති උපන්දින දාලා දාලා ID මුද්‍රණ කරගන්න පුළුවන්නේ...

:       106       7

HelenFriday, 26 June 2020 05:18 AM

@Pradeepa... සාමාන්‍ය දැනීමවත් නැහැ. නම් ගම් තොරතුරු මුද්‍රණය කරන්නේ මෙහේ... අඩුම තරමින් කෙනෙක් කොහොමද එක්දින සේවාවෙන් හැඳුනුම්පතක් ගන්නේ කියලා හිතාගන්න බැරිද? කවුරු වුණත් හොඳ දෙයක් කරනකොට අගය කරන්න ඉගෙනගන්න.

:       0       39

අතපත්තු Friday, 26 June 2020 06:28 AM

රියදුරු බලපත්‍රයත් ආණ්ඩුවෙන් මුද්‍රණය කරනවා නං හොඳයි. එක බලපත්‍රයකට රුපියල් 1400ක් ලබාගන්න පුද්ගලික සමාගම එහි අඩංගු සිම්පත කියවීමේ පහසුකම පොලිසියට ලබාදෙන්න ගිවිසුම්ගත වෙලා ඉන්නවා. ඒත් දැන් අවුරුදු දහයක් වෙනවා ඒක කෙරිලා නෑ. බොරුවට ලයිසන් එකේ සිම් එකක් තියනවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site