IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අප්‍රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

අප්‍රිකානු මහාද්වීපයේ රටවල සේවය කරන , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ටැන්සානියාවේ සිට  අද (21 )දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මැඩගස්කර් , මොසැම්බික් , උගන්ඩාව , කෙන්යාව , රුවන්ඩාව  සහ ටැන්සානියාව යන අප්‍රිකානු මහාද්වීපයේ රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා වල නියැලී සිටි විශාල පිරිසක් මෙම ගුවන් මගීන් අතර සිටිති .

මෙම ගුවන් මගීන් පිරිස ටැන්සානියාවේ , දාර් එස් සලාම්  නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1710 දරන විශේෂ ගුවන් යානයෙන් අද අලුයම 5.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කටුනායක ගුවන් තොටුපළ තුළ දී රජයේ සෞඛ්‍ය අංශ විසින්  මෙම ගුවන් මගීන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා දී තිබුණි .



අදහස් (2)

අප්‍රිකානු මහත්වීපයේ රටවල සිටි ලාංකිකයෝ 289 ක් කටුනායකට

Siri Sunday, 21 June 2020 04:37 AM

හෝටල් කීපයක නැවැත්තුවලු.. මේ සැරේ මොන දේශපාලකයෙකුගේ පුතෙක්ද දන්නේ නැහැ මේ කට්ටිය අතර ඉන්නේ..?

:       0       0

rama Sunday, 21 June 2020 05:58 AM

ඇයි මැදපෙරදිගට විතරක් ගුවන් යානා එන්නේ නැත්තේ..? එයාලා මැරුණට කමක් නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site