IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව ඉල්ලු වාරණය විසිවෙයි

 

( තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ  )

 

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා  ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකු පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වලන වාරණ නියෝගයක් ලබා දීම කොළඹ දිසා අධිකරණය විසින් අද (22) ප්‍රතික්ෂේප කළේය.


අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා සිටින වාරණය නිකුත් කරනවාද නැත්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය මේ බව දැනුම් දුන්නාය.

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ගොනු කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උපනායක රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ සාමාජිකත්වය අත්හිටුවීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ගොනු කෙරිණි.

පැමිණිලිකාර සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රාම් මොහොමඩ් මහතා පෙනී සිටියේය.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් වෙනුවෙන් නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ රෝලන්ඩ් පෙරේරා මහතා පෙනී සිටියේය.

 

 



අදහස් (10)

එජාප පක්ෂ සාමාජිකත්වය ඉවත්කිරීමට එරෙහිව ඉල්ලු වාරණය විසිවෙයි

විකුම්සිහ Monday, 22 June 2020 06:46 AM

සියලුම උත්සාහයන් අසාර්ථකයිනෙ. කොරෝනා බාවිතා කර යෙදූ උපක්‍රමයන්ද අසාර්ථකයි. අපරාදේ කාලය.... අන්තිමට යම් ප්‍රෞඩත්වයක් තිබූ මහ ගෙදරත් නැති කර ගත්තා.

:       212       1158

නන්දසේන Monday, 22 June 2020 07:02 AM

එ.ජා.ප ය දෙකඩ වීමෙන් වාසිය පොට්ටුවට එන නිසා මේ වෙලාවෙ එකතුවීමට ඉඩ දෙන්නෑ.

:       556       131

BamunuarachchiMonday, 22 June 2020 10:23 AM

පුළුවන් නම් කෑලිකෑලි වලටම කඩලා දමන්න. දාසලා නැවත දේශපාලන බිමට ඕනෙම නැහැ...

:       2       165

Silva Monday, 22 June 2020 07:24 AM

ජයවේවා. එක්සත් ජාතික පක්ෂය ගිගුකල් දිනේවා.!

:       287       2291

Akila Viraj Monday, 22 June 2020 08:08 AM

ඇද්ද ඔයාලට?

:       87       533

Prabha Monday, 22 June 2020 09:21 AM

අලුත් පක්ෂයක් හැදුවා නම් පරණ පක්ෂයේ එල්ලිලා එන්න ඕනේ නැහැනේ.

:       12       507

K PereraMonday, 22 June 2020 10:56 AM

කැමැත්තකින් ගියේ නැහැනේ.. පරණ පාක්ෂිකයෝ වගේ එල්ලිලා ඉන්නකොට වෙන මොනවා කරන්නද?

:       1       48

PrabhaMonday, 22 June 2020 01:40 PM

එහෙම පක්ෂයක් අතහැරලා අලුත් ගමනක් යන්නත් ආත්ම ශක්තිය, හිතේ හයිය තියෙන්න ඕනේ...

:       0       6

vinivida Monday, 22 June 2020 10:18 AM

සමගි ජනබලවේගයේ මහලේකම් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගෙන් තිබුණා වූ සාමාජිකත්වය පිළිබඳ සැකය අධිකරණය විසින් නිසැකවම සැකයක් තබා නොව සත්‍ය වශයෙන්ම ඔවුන් මේවනවිට එක්සත් ජාතික පක්ෂයේ නොවන බව ඔවුන්ට පැහැදිලිවම තහවුරු කර දී ඇත. මෙවැනි පැහැදිලි කරදීමක් සමගි ජනබලවේගයේ මහලේකම් ඇතුළු සමගි ජනබලවේගයේ සියලුදෙනාහට ලබාදීමෙන් මොවුන් දැන්වත් සත්‍ය අවබෝධ වනු ඇත. එක්සත් ජාතික පක්ෂය මුලා කිරීමට ගත් උත්සාහය මෙයින් අවසන් විය...

:       0       540

PereraTuesday, 23 June 2020 02:22 AM

දිසා අධිකරණය ඔය තීන්දුව දුන්නාට එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට යා හැකියි. අභියාචනා අධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයටත් යා හැකියි. තවම කල් මදි නිගමන වලට එළඹෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site