නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවූයේ ඇයිදැයි විමසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇත.
නැගෙනහිර පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලද බෞද්ධාගමික පමණක් නොව හින්දුගාමික පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ද තිබෙන බව සඳහන් කරමින් සම්පන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන් වේ.
ආර්. සම්පන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද යොමු කර ඇති අතර සිය ලිපිය මඟින් ඒ මහතා නිරීක්ෂණ පහක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.
‘‘ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික බහුත්ව සමාජයක් බව, ශ්‍රී ලංකාව පළාත් නවයකින් සමන්විත බවත් නැගෙනහිර පළාත් ඉන් එකක් බව, නැගෙනහිර පළාත බහුවාර්ගික පළාතක් වුවද එම පළාතේ බහුතරය දෙමළ බස කතා කරන ජනතාව බව, කාර්ය සාධක බලකාය එක් ජනවර්ගයක - සිංහල සහ එක් ආගමක – බෞද්ධ, ජනතාවගේ අභිලාෂ ඉටු කිරීමට පමණක් ස්ථාපිත කර ඇති බව (ඔවුන් මෙරට ජීවත්වන බහුතරය යැයි පිළිගත යුතුය) සහ අනෙකුත් පළාත්, අනෙකුත් ජනවර්ග සහ අනෙකුත් ආගම් නොසලකා හැරර ඇති බව’’ යන නිරීක්ෂණ පහ ය.
ශ්‍රී ලංකාවේ දෙමළ ජනවර්ගයට අයත් සහ භක්තිමත් හින්දු ජාතිකයකු ලෙස දෙමළ සහ හින්දු ජනතාවගේ අක්මුල් උතුරු සහ නැගෙනහිර පළාත්වල පමණක් නොව රට පුරා තිබෙන බව ද සම්පන්දන් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් සහ සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායේ නැගෙනහිර පළාතේ පුරවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර ඇති නමුත් නැගෙනහිර පළාතේ සමස්ත ජනගහනයෙන් සියයට 70ක් නියෝජනය කරන දෙමළ හෝ මුස්ලිම් ජනවර්ගවලට අයත් කිසිදු පුද්ගලයකු කමිටුව නියෝජනය නොකරන බව ද සම්පන්දන් මහතා කියයි.
හින්දු ආගමික ජනතාවගේ වන්දනාවට සහ මහත් භක්තියට පාත්‍ර වන ස්ථාන උතුරු නැගෙනහිරෙන් පිටත ස්ථානවලද පිහිටා ඇති බව සඳහන් කරන සම්පන්දන් මහතා ‘‘කදිරගාමම්’’ ඉන් එකක් බව ද පෙන්වා දී ඇත. මුරුගා දෙවියන්ගේ සිද්ධස්ථානය එහි පිහිටා ඇතැයි ද ඔහු සඳහන් කරයි. සිංහල වර්ගයාගේ පැමිණීමටත් පෙර ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි ශිව දෙවියන්ගේ පූජනීය ස්ථානයක් වන ‘‘තෝන්දීස්වරම්’’ මේ වනවිට නටඹුන් බවට පත්ව ඇතැයි ද මෙම හින්දු සිද්ධස්ථානය ආරක්ෂා කර සංරක්ෂණය කිරීමට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගත්තේ ඇයිදැයි ද සම්පන්දන් මහතා විමසා ඇත. ඊට අමතරව ලංකාව පුරා දෙමළ-හින්දු බැතිමතුන් වන්දනාමාන කරන පූජනීය ස්ථාන රැසක් ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.
අවාසනාවකට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව එක් ආගමක් පමණක් ප්‍රවර්ධනය කරන සහ අනෙකුත් ආගම්වල නිත්‍යනුකූල අභිලාෂවලට හානි කරන ආයතනයක් යන කීර්තීය ලබාගෙන ඇතැහි ද හෙතෙම සඳහන් කරයි.
නැගෙනහිර පළාතේ දැනටත් ආගමික කටයුතු සිදුවන මෙන්ම මේ වනවිට නටඹුන් බවට පත්වී ඇති බෞද්ධ විහාරස්ථානවල දෙමළ බසින් ලියූ සෙල් ලිපි ඇතැයි ද අතීතයේදී දෙමළ හින්දු බැතිමතුන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළ ඉන් කියැවෙන්නේ යැයි ද ඔහු පෙන්වාදෙයි. බුදුන් වහන්සේ කිසිදු අවස්ථාවකදී හින්දු ආගමට එරෙහි නොවූ බවත් හින්දු ආගමේ පාරිශුද්ධත්වය පෙන්වා දී ඇතැයි ඔහු සිය ලිපියේ සඳහන් කරයි.
මෙම කරුණු ප්‍රසිද්ධියට පත් කර ජනතාවට ඒවා සම්බන්ධයෙන් දැනුම සහ අධ්‍යාපනය ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නැත්තේ ඇයිදැයි විමසන සම්පන්දන් මහතා එමඟින් බෞද්ධ සහ හින්දු ජනතාව අතර විශ්වාසය, සමඟිය සහ හොඳහිත වර්ධනය කිරීමට උපකාරී වන්නේ නැත්දැයි ද විමසා ඇත.
මෙවැනි අසමත්කම් නිසා පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් එය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට හැඟීමක් ඇති වන බවත් ඔහු සඳහන් කර ඇත.
බුදුදහම ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පෝෂණය කිරීමටත් කිසිවකුත් විරුද්ධ නැති බවත් බෞද්ධ සිද්ධස්ථානවලට අදාළ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම අයකුට දැඩි දඬුවම් දිය යුතු බවත් දැනට පවත්නා නෛතික බලාධිකාරීන් එම පියවර ගත යුතු යැයි ද සම්පන්දන් මහතා සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත.
බුදුන් වහන්සේ කිසිදු අවස්ථාවකදී ආක්‍රමණශීලී සහ කලහකාරී ඉගැන්වීම් හෝ පිළිවෙත් අනුගමනය නොකළ බව පෙන්වාදෙන සම්පන්දන් මහතා ඇතැම් උන්වහන්සේගේ නාමයෙන් එද එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද සඳහන් කර තිබේ. බුදුන් වහන්සේ අනුගමනය කරනවා යැයි කියන අය සැබැවින්ම උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළා නම් ශ්‍රී ලංකාව සාමයේ සහ ශාන්තභාවයේ පාරාදීසයක් වීමට ඉඩ තිබූ බව ද හෙතෙම පෙන්වාදෙයි.
බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ ස්මාරක ආරක්ෂා කිරීමට ඒවා දැනට පිහිටා තිබෙන ස්ථාන ප්‍රමාණවත් බවත් සියවස් ගණනාවක් තිස්සේ ඒවා එම ස්ථානවල තිබූ බවත් ඔහු සඳහන් කරයි. එම කාර්ය සඳහා අමතර ඉඩම් අවශ්‍ය නොවන බවත් ඇතැම් පුද්ගලයන්ට එසේ අවශ්‍ය කර තිබෙන්නේ මෙම ප්‍රදේශ සිංහල බෞද්ධ ප්‍රදේශ කිරීමට ඇති වුවමනාව නිසා බවත් ඔහු සඳහන් කරයි. එමඟින් දැනට මෙම ප්‍රදේශවල ජීවත්වන සහ රැකියාවල නිරත වන දෙමළ ජනතාවගේ සහ දෙමළ බස කතා කරන ජනතාවගේ වත්මන් සහ අනාගත අවශ්‍යතා උල්ලංඝනය වන බව ද ඔහු පෙන්වාදෙයි. මතක ඇති කාලයක සිට එම ජනතාව මෙම ප්‍රදේශවල ජීවත්වන බව සඳහන් කරන සම්පන්දන් මහතා විජය කුමරුන්ගේ පැමිණීමට පෙර සිටම දෙමළ-හින්දු ජනතාව මෙම ප්‍රදේශවල ජීවත් වූ බව ද සඳහන් කරයි.
අලුතින් ඉඩම් අත්පත් කරගැනීමකින් තොරව බුදුදහම ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පෝෂණය කිරීම කළ හැකි බවත් එමඟින් සියලු ජනතාව අතර සමඟිය සහ හොඳහිත වර්ධනය වන බවත් සම්පන්දන් මහතා වැඩිදුරටත් සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි උරුමය රකින්න තමයි ගෝඨාභය ජනාධිපති වුණේ... දැන් යහපාලනය නැති හින්දා ගොඩක් රිදෙනවා ඇති...
අමතක කරන්න එපා මේක සිංහල බෞද්ධ රට... පුරාවස්තු කියන්නේ රටක ජාතික උරුමය.. එය එක ජාතියකට, ආගමකට සීමාවෙන්නේ නැහැ. රටේ ඔය කියන උතුරු, නැගෙනහිර පළාත් හැරෙන්නට අනිත් කිසිම පළාතක, කිසිම ආගමකට අයත් සිද්ධස්ථානවලට කවුරුවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඇයි මේ ගොඩක් රිදිලා තියෙන්නේ? නාග විහාරයට ගල් ගහනකොට, උතුරේ පන්සලක් හදන්න නොදෙනකොට කොහෙද හිටියේ? අපි රටේ ජනාධිපති කෙනෙක් පත් කරගත්තේ රටේ මහ ජාතියට වෙන අසාධාරණකම්වල කෙලවරක් තිබ්බේ නැති නිසා.. අද ඒ වෙනුවෙන් සාධාරණය ඉටුවෙනවා. මේ රටේ සිංහල බෞද්ධ උරුමය රැකුණොත් විතරයි අනිත් සියලු ජාතීන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ....
පණ යන තුරු රටට වින කටින්න බලා ඉන්නේ... '''එක්කෝ මේ මිනිසුන් රටේ ඉතිහාසය දැන ගන්න ඕනෑ. නැත්නම් ඔවුන්ගේ ඉතිහාසය දැනගන්න ඕනෑ. නිවට දේශපාලකයින් තමයි මේ මිනිසුන්ට හඬ දුන්නේ...
උත්තරය සරලයි... අනෙක් පළාත්වල තියෙන හින්දු කෝවිල්වලට එහෙම ගැටළුවක් නැහැ. පොලොන්නරුවෙ ශිව දේවාලයෙත් බොහොම හොඳින් තියෙනවා.
විජය කුමරුන්ගේ පැමිණීමට පෙර සිටම දෙමළ-හින්දු ජනතාව මෙම ප්‍රදේශවල ජීවත් වූ බව ද සඳහන් කරයි. කෝ මේ රටේ දෙමළ අය හිටි බවට සාක්ෂි විජය රජු පැමිණීම පෙර සාක්ෂි.
ඔය ප්‍රශ්න ටික අපේ හතරේ පන්තියේ ළමයෙක්ගෙන් ඇහුවනම් උත්තර දෙනවා, අපරාදේ ජනාධිපතිතුමාගේ කාලේ කන්න ඔය අහන්න ගියේ.
ඉතා හොඳ කරුණු දැක්වීමක්. ශ්‍රී ලංකාවේ ඉතිහාසය නිර්මාණය කිරීමේදී සෑම වර්ගයකම පුරාවස්තු වැදගත් වෙනවා. ඊයේ සමුද්‍ර කෞතුකාගාරය විවෘත කළා. ඒ නටඹුන් හුදෙක්ම මෙරට නාවික ඉතිහාසයේ නටඹුන්. ඒවා අතර පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යුගවලට අයිති නටඹුනුත් තියෙනවා. ඒ වගේ ගොඩ බිමේ ඇති අනෙකුත් ජාතීන් සහ ආගම්වලට අයත් නොයෙකුත් සංස්කෘතීන්වල පුරාවස්තුත් විනාශ වෙන්න නොදී ආරක්ෂා කළ යුතුමයි.
සම්පන්ධන් කියන්නේ අපේ දේශපාලකයන් හට අං තියන්න පුළුවන් කෙනෙකු බව කිසිවෙකු අමතක කරන්නට එපා. ඔහු හොඳ සැලසුම්කාරී බුද්ධිමතෙක්. ඔහු තම වර්ගයා වෙනුවෙන් අමුතුම පොටකට එන්න හදන බව පේනවා. මේ අමුතුම උත්සාහයෙන් ඔහු තම වර්ගයාට වෙනමම වටිනාකමක් දෙන්නට වෙර දරන අයුරු පෙනේ ... බුද්ධිමත් වැසියෙනි, මේ දෙය අමුතු උප්පරවැට්ටියක් සේ පෙනෙන්නේ මට විතරද ?
ඒකටත් ජාතිවාදය පටලවාගන්න හදන්නේ.
මෙම ලිපියෙන් පෙන්වා දී ඇති කරුණු සමග එකගයි. වරද ඇත්තේ අද පුරාවිද්‍යාව එහි විද්‍යාවෙන් බැහැරව දේශපාලනිකව එක් ආගමික කණ්ඩායමක් වෙනුවෙන් පමණක් යොදා ගැනීමයි.
සිංහල බෞද්ධ උරුමයන් ගැන හොයන්න දෙමළ, මුස්ලිම් නියෝජිතයන් අවශ්‍ය නැහැ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කාර්ය සාධන බලකාය ඒක කරයි හරියට...
එහෙම ප්‍රශ්න කරන්නේ කොහොමද? මේක සිංහල අපේ රට. මේ මුලදීම කියන එකත් වැරදියි. ලංකාව බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක් නෙමෙයි. ලංකාව සිංහල බෞද්ධ රටක්. බහු වාර්ගික කියලා ලෝකයේ රටවල් හඳුන්වන්නේ භාෂාව අනුව නම් ලංකාවේ ජන වර්ග කතා කරන්නේ භාෂා දෙකයි. බහුතරය සිංහල භාෂාව කතාකරනවා. සුළුතරය දෙමළ භාෂාව කතා කරනවා. භාෂා දෙකක් කතා කරන ජන වර්ග තුනක් ඉන්න රටක් බහු වාර්ගික රටක් විදිහට හඳුන්වන්නේ නැහැ. බහු වාර්ගික රටක් කියලා කියන්න පුළුවන් ඉන්දියාව වගේ ප්‍රධාන භාෂා 22ක් හා අතුරු භාෂා 20,000කට වඩා කතා කරන, 2000 කට වඩා වැඩි ජන වර්ග ඉන්න රටකට. මං ලියන ඒවා වැටෙයිද දන්නේ නැහැ. නමුත් මම කොටස් කරලා අපේ ඇත්ත ඉතිහාසය ලියනවා මේකට උත්තරේ විදිහට.
බුදුන් වහන්සේ කිසිඳු අවස්ථාවකදී ආක්‍රමණශීලී සහ කලහකාරී ඉගැන්වීම් හෝ පිළිවෙත් අනුගමනය නොකළ බව ඔබත් දන්නවා අපිත් දන්නවා. නමුත් අද ලෝකයේ මුස්ලිම් ආගමිකයින් ලෝකයේම ආගම්වලට කෙරෙන තර්ජන ඝර්ජන ඉදිරියේ ලංකාවේ බුද්දාගමේ පැවැත්මට බෞද්ධ අපිට ලේ සෙලවීමට සිදුවුණොත් ඒ ගැන පුදුම වෙන්න එපා. ඇෆ්ගනිස්තාන්වල භාමියන් බුද්ධ රූප විනාශකළ පාදඩයින්ට අනුරූපව ලංකාවේ බුද්ධ රූප විනාශකිරීම පටන් ගත්ත අයට විරුද්ධව කටයුතු කිරීමට යහපාලකයින්ට බැරිවුණා. නමුත් අද කලොත් අපි ඊට නිසි පිළිතුරු දෙනවා. ඊට නුඹලාගේ අනුමැතිය වුවමනා නැත.
දෙමළ සහ හින්දු අක්මුල් ලංකාව පුරා තියෙනවා කියලා මේ කියන කතාවත් සම්පූර්ණයෙන්ම වැරදියි. ලංකාවේ කවදාවත් දෙමළ ශිෂ්ඨාචාරයක් තිබ්බේ නැහැ. දෙමළ රජවරු හිටියෙත් නැහැ. ඔවුන් රජවරු කළේ අපි. (1). ඒ කියන්නේ එළාර කියන්නේ ඉන්දියාවේ හිටපු දෙමළ රජෙක් නෙමෙයි. හමුදා නායකයෙක්. ඔහු දකුණු ඉන්දියාවේ ඉඳන් හමුදාවක් අරන් ඇවිල්ලා අනුරාධපුර රජ කරපු අසේල රජ්ජුරුවන්ව මරලා අනුරාධපුරේ අල්ල ගත්තා. ඒ කාලේ රජකමට උරුමය කියන සංකේතය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා අනුරාධපුරය අල්ල ගත්තා එළාර රජෙක් වුණා. (2). ඉන්දියාවේ කාලිංඝ නගරේ ඉඳන් ආපු මාඝ කියන්නෙත් රජෙක් නෙමෙයි. හමුදා නායකයෙක්... කාලිංගවරු සහ පාණ්ඩ්‍ය රජු අතර සටනින් පාණ්ඩ්‍ය රජු පැරදිලා රාජ්‍ය ලාංඡනයත් අරගෙන ලංකාවට පලා ආවා ආරක්ෂාවට. කාලිංඝ මාඝ 24,000ක සේනාවක් අරගෙන ලංකාවට ආවේ පාණ්ඩ්‍ය වරුන්ගේ රාජ්‍ය ලාංඡනය හොයාගෙන. එහෙම ඇවිල්ලා පොළොන්නරුව අල්ලා ගත්තා. කාලිංඝ මාඝ දරුණු විදිහට සිංහල යක්ඛ ජනවර්ගය ඝාතනය කරන කොට, වෙහෙර විහාර විනාශ කරන කොට සිංහලයෝ අනුරාධපුර, පොලොන්නරු අතෑරලා දකුණට සංක්‍රමණය වුණා. පස්සේ තුන්වෙනි විජයබාහු රජ්ජුරුවෝ කාලිංඝ මාඝව පොළොන්නරුවෙන් එලෙව්වහම, කාලිංඝ මාඝ යාපනේට පලාගියා....
යාපනේ අල්ල ගත්ත ආර්ය චක්‍රවර්තිත් රජෙක් නෙමෙයි. ලංකාවට ආව මුහුදු මංකොල්ලකාරයෙක්. එහෙම ඇවිල්ලා යාපනේ අල්ලගත්තා. රජෙක් වුනේ ඒ කාලේ ලංකාවේ රජකමට උරුමය විදිහට සලකන දන්ත ධාතුන් වහන්සේ හොරකම් කරන් ගියපු නිසා. ඊට පස්සේ ආර්ය චක්‍රවර්ති දන්ත ධාතුන් වහන්සේ දකුණු ඉන්දියාවේ හිටපු පාණ්ඩ්‍ය රජුට යැව්වාම, තුන්වෙනි පරාක්‍රමබහු රජ්ජුරුවෝ පාණ්ඩ්‍ය රටට ගිහින් කරුණු පැහැදිලි කරලා දන්ත ධාතුන් වහන්සේ නැවත අරගෙන ආවා. දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා ලංකාව ආක්‍රමණය කරලා, ලංකාවේ රජකම් කරපු නීත්‍යානුකූල රජවරු මරා දමලා, තාවකාලිකව රටේ ප්‍රදේශයක් අල්ල ගත්තා කියලා දකුණු ඉන්දියාවෙන් ආපු ආක්‍රමණිකයින්ට ලංකාව පුරා දෙමළ, හින්දු අක්මුල් තියෙනවා කියලා කියන්නේ කොහොමද? අතීත ලංකාවේ බොහෝ වටිනා බෞද්ධ නිධන්වස්තු, මුතු මැණික්, රන් රිදී තිබ්බ හින්ද, නිරන්තරයෙන් දකුණු ඉන්දියානු, චීන, ජාවා මුහුදු මංකොල්ලකාරයින්ගේ සහ පල්හොරුන්ගේ පහර දීම් වලට ලක්වුණා. අපේ රජවරු වෙහෙර, දාගැබ් ඉදිකලේ, වැව් අමුණු හැදුවේ, රට ස්වයංපෝෂිත කලේ ඒ දහසකුත් එකක් ආක්‍රමණවලටත් මුහුණ දෙමින්... දකුණු ඉන්දියානු ආක්‍රමණිකයෝ විනාශ කරපු වෙහෙර විහාර නැවත නැවත හදන්නත් සිද්ධ වුණා.
උතුරු නැගෙනහිර අඩියක් අඩියක් ගානේ තිබුනේ බෞද්ධ වෙහෙර විහාර ස්ථුප. අතීතයේ පටන් අපේ සිංහල ගම්මාන වල නම් වෙනස් කර කර දෙමල නම් දාගෙන දැන් ඒවාට අයිතිවාසිකමුත් කියන්න එනව. උදාහරණයක් විදිහට "කදිරගාමම්’’ කියන්නේ අපේ "කජරගාම". මේක "කදිරගාමම්’’ වුනේ, පොලොන්නරුව අතැරලා දකුණට පලා ගිය සිංහලයෝ ක්‍රිස්තු වර්ෂ 1018-1055 කාලේ පොලොන්නරුව අල්ලන් හිටිය චෝල පාලකයාට පහර දෙන්න සංවිධානය වෙනකොට, චෝල පාලකයා ඔහුගේ සෙනෙවියෙක් එව්වා "කජරගාම" නුවරට සිංහලයන් මැඬ පවත්තන්න. එහෙම ආපු චෝල සෙනවිය මුළු කජරගාම නුවරම විනාශ කරලා, නමත් වෙනස් කළා "කතිර්ගාමම්" කියලා. ඊට පස්සේ කතරගම දේවාලේ තිබ්බ තැන දේවාලේ "මුරුග" කියලා දෙමල දෙවියෙක් නමින් වෙනස් කළා. සම්බන්ධන් දන්නේ නැතුව ඇති සිංහල "කජරගාම" නුවර ගැන ඉතිහාසයේ මුලින්ම සඳහන් වෙන්නේ දේවානම්පියතිස්ස රජ්ජුරවන්ගේ කාලේ ඊට පස්සේ කතරගම දෙවියෝ නමින් දේවාලේ හැදුවේ දුටුගැමුණු රජ්ජුරුවෝ. චෝල සෙනවිය "මුරුග" කියලා දෙමල දෙවියෙක් ගෙනාවේ ඊට අවුරුදු 800කට විතර පස්සේ.
මෙයාලා ඡන්ද හොයනවා මේ වෙලාවේ, පස්සේ කොඹට වෙලා ඉන්නවා මේ අය තමයි දෙමළ මිනිස්සුන්ගේ හතුරෝ.
දැන් අලුත්ම එක... විජය හොරා එන්නත් ඉස්සෙල්ලා දකුණේ ශිව දේවාල තිබ්බලු. ඔය කතාව ලංකාව බ්‍රිතාන්‍ය කොලනියක් කාලේ ආපු කතාවක්. අපේ ඉතිහාසය සම්පූරණයෙන්ම විකෘති කරන්න බ්‍රිතානයනුත් ඉහළින්ම දායක වුණා. දෙමළ ජාතිකයින් අපේ ඉතිහාසය මොනතරම් විකෘති කරලා ජාත්‍යන්තරයට කියලද කියලා මම දැනගත්තේ 2015 ඉංග්‍රීසි වෙබ් අඩවියකට මුලින්ම කොමෙන්ට්ස් ලියන්න පටන් ගත්තට පස්සේ. මේ ලියන ඒවා මම අවුරුදු ගානකට ඉස්සෙල්ලා එතනට ලිව්වා. අපේ ඉස්සර සිංහල දේශපාලක කළු සුද්දන්ට ඇත්ත ඉතිහාසය හොයන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ කාලයේ ඉන්දියානු බලපෑම තදින්ම තිබ්බ හින්දා ඉන්දියානු ආභාෂයට අනුව ලියපු මහා වංශය අපේ පාලකයින් පිළිගත්තා. දැන් නම් තවත් මේ බොරු ඉතිහාසය ඔලුවේ තියාගෙන ඉන්න නරකයි. මේ පේනවනේ. අපේම රටේ අපිට අයිතියක් නැති වෙන තැනට එන්න යන්නේ. කවදා හරි ලංකාවට කොන්ද පණ තියෙන සිංහල බෞද්ධ පාලකයෙක් පත් වෙලා මේ බොරු ඉතිහාසය විසි කරලා සිංහල අපේ නියම ඉතිහාසය එළියට ගන්න ඕනේ. ඉතිහාසය ගැන නව පිබිදීමක් රටේ ඇතිවුනා 2015 ඉඳන්. රාවණා ඉතිහාසය එළියට එනවට හුඟ දෙනෙක් බයයි. නමුත් සිංහල යක්ඛ ජනවර්ගයේ පිබිදීම නැවත යටපත් කරන්න බැහැ...
පෝළිමේ ඇවිත් සම්පන්දන්ට නෙළන්න කලින් හොයලා බැලුවොත් නරකද අර බුද්ධි අංශ නිලධාරියා හප්පලා මරපු ඩිෆෙන්ඩර් එක පදවපු රත්වත්තේට ඇප ලැබුණු එක ගැන..? රත්වත්තේලා කියන්නේ උඩරට වංශවත් සිංහල පරපුරක් හින්දා... එහෙම මිනිස්සු මැරුවට කමක් නැති හින්දද නැතිනම් අකුරටම එක රටක්, එක නීතියක් ක්‍රියාත්මක වෙන හින්දද? අපි නම් කැමතියි පාඨලීලාට, රංගෙ බණ්ඩාරලාගේ පුතාලාට වගේම රත්වත්තේ පුතාලාටත් නීතිය එක විදියට ක්‍රියාත්මක වෙනවට. මොකද අපි පක්ෂවලට වහල් වෙලා නැති ශ්‍රී ලාංකිකයන් නිසා...
සම්පන්දන්ගේ අදහස් දැක්වීම අගය කරමි. සිංහලයින් හින්දු ආගම වෙනම ආගමක් විදිහට කවදාවත් දැක්කේ නැහැ. කතරගමදී නල්ලූර්වලදී අපේ දණ නැමෙනවා. අදේව වාදි බෞද්ධයින් දෙවිපිහිට පතන්නේ හින්දු දෙවි වරුන්ගෙන්... නමුත් අපේ ජනවර්ග භේද කලේ ඔබතුමාලා වගේ දේශපාලකයින්ම (සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝම) සෑම ජනවර්ගයකම උග්‍ර ජාතිවාදින් ඉන්නවා. ඒ වාගේම උග්‍ර ජාතිවාදී විරෝධීන් ඉන්නවා. අනෙක් අය අවස්ථාවේ විදිහට දෙපැත්තට යනවා. ඒ වාගේම සිංහලයින් බුදුන් වහන්සේ තමන්ගේ කරගන්න දඟලන බව සහ ඒ නිසාම අනෙක් ජනවර්ග බෞද්ධාගමෙන් දුරස්වන බවත් අපි පිලිගන්න ඕනැ. එංගලන්තේ සංඝනායක ස්වාමීන් වහන්සේ සුදු ජාතිකයෙක් වුනා නම්... සමාජවාදයේ බිද වැටීමත් සමග වර්ගවාදීන්ගේ යුගය ආරම්භ වී ඇත. මිනිසා එක්සත් කරන දර්ශනයක ඌනතාව මතුව ඇත. සියලු ජනවර්ගයා සමානව සලකන තම හිතෛෂිවන්තයින් ඝාතනය වුවද වෙනත් ජනවර්ගවලට වෛර නොකර සාමය අගයන මිනිසුනි අදහස් දක්වමු. යළිත් වර්ගවාදීන් පරාජය කර (යුද්ධයෙන් නොව) වැඩියෙන් මානවවාදී අදහස් දරණ සමාජයකට මුල්ගල තබමු. නිදහස් මත දරන මුලු ලෝකයම ඒකරාශි කිරීමට හිතන මිනිසුන් නිහඬව සිටියා හොඳටම ඇති. යම් ජනවර්ගයකට මතු නොව සමාජයට, මානවයාට හානිකර මතයන් පරාජය කරමු..
අර යුද්දෙන් ඉතුරු වෙච්ච තුවක්කුවයි, වෙඩි උණ්ඩයකුයි තිබුණා නේද?
එක පිළිතුරයි... පොලොන්නරුවේ ශිව දේවාල තාම හොඳින්...
දොරේ, අමතක කරන්න එපා... මේක සිංහල බුද්ධාගම සුරකින රට. ඔයාලගේ පුරාවස්තු හොයාගෙන ඉන්දියාවට යන්න. සාමාන්‍ය දෙමළ ජනතාව අපි සමග සහජීවනයෙන් එදත්, අදත් ජීවත් වෙනවා. අමන දේශපාලකයින්ගේ බඩගෝස්තරය රැකගන්න අහිංසක ජනතාව පාවිච්චි කරන්න එපා. නහින දෙහින කාලෙ කෝවිලකට වෙලා හිටියා නම් හොඳයි. අපිට අවශ්‍ය නියම නායකයා දැං ගලවන්න බෑ උඹලට... යකෝ මේ රටේ සතුටින් ජීවත්වෙන එකට අඩුම තරමේ ගරුකරන්න පුරුදු වෙයල්ලා. කොරෝනා ලෙඩ්ඩුත් ගේන්න කතාව...
"බුදුන් වහන්සේ කිසිඳු අවස්ථාවකදී හින්දු ආගමට එරෙහි නොවූ බවත් හින්දු ආගමේ පාරිශුද්ධත්වය පෙන්වා දී ඇතැයි ඔහු සිය ලිපියේ සඳහන් කරයි" බුදුන් වහන්සේ හින්දු ආගමට හෝ වෙනත් ආගමකට එරෙහි වුණේ කවද්ද? හින්දු ආගමේ පාරිශුද්ධත්වය පෙන්වා දුන්නේ මොන සූත්‍රයෙන්ද?
වැදගත් අදහස් හුඟ දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා.. මට කියන්න තියෙන්නේ නහින දෙහින කාලේ මොකට ප්‍රශ්නයක් අල්ලන් නිකම් වද වෙනවද? මේවා ජාතික උරුමයන්... අනාගත පරපුර වෙනුවෙන් ඒවා රැකගැනීම කාගෙත් වගකීමක්...
බෞද්ධයා කෝවිලක් උඩ හෝ පල්ලියක් කඩලා පන්සලක් හැදුවා කියලා අහලා තියෙනවද? ආක්‍රමණය කරන්නේ බෞද්ධ සිද්ධස්ථාන නම් ඒවා රැකගැනීම රජයේ වගකීමයි... ඒකට කාගෙන්වත් අවසර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
2009ට කලින් කොටින්ගේ වේදිකාවල බෙරිහන් දෙමින් බෙදුම් වාදය සහ ජාතිවාදය අවුස්සපු අන්තවාදී උතුරේ දේශපාලකයින් කොළඹට ආවම සාන්තුවරයන් වගේ කතා කරන්නේ... කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ....
"සිංහල වර්ගයාගේ පැමිණීමටත් පෙර ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි ශිව දෙවියන්ගේ පූජනීය ස්ථානයක් වන ‘‘තෝන්දිස්වරම්’’....." සිංහල ජනයා මෙරට බිහිවීමට පෙර හින්දුවරුන් සිටියා කියලා කියන්නේ කුමන පදනමක් මතද..? යම් ලෙසකින් අප නොදන්නා සත්‍යයක් එම ප්‍රකාශයේ තිබෙනවා නම් එම ස්ථානද ආරක්ෂා කළ යුතුයි. මොකද එතරම් පැරණි ස්ථානයක් විනාශ වෙන්න නොදිය යුතුයි...
සම්පන්දන් මහතා, ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික බහුතර සමාජයක් වුනේ සිංහලයාගේ වරදින්. දැනටත් ඕනෑම දෙමලෙකුට, හම්බයෙකුට ලංකාවේ ඕනෑම තැනක ජීවත් වන්න පුළුවනි. නමුත් සිංහලයින්ට දෙමල්ලු මුස්ලිම් අය පාට් දමනවා. ඒ අපි තවම ඉවසන නිසා. එසේ ලංකාවේ ඕනෑමතැනක නිදහසේ ජීවත් වෙන්න ඉඩ තිබියදී රටින් කෑල්ලක් ඉල්ලීම අපේ වෛරය ඔබලා වෙත යොමු වීමට ප්‍රධාන හේතුවයි... ඒ හැරෙන්නට අපිට ඔබලා සමග එකට ජීවත්වීමට අපි දෙගොල්ලන්ගේ සරිත් විරිත් සංස්කෘතියෙන් කිසිම බාධාවක් නැත. අපිට හම්බ සංස්කෘතිය සමග ජීවත් වීමට බැරිය. වහබ්වාදය නොතිබුණත් ඔවුන්ගේ ආගමේ ඉගැන්වීම් අපිට හානිකරයි.
" සිංහල වර්ගයාගේ පැමිණීමටත් පෙර ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි ශිව දෙවියන්ගේ පූජනීය ස්ථානයක් වන ‘‘තෝන්දීස්වරම්’’ මේ වනවිට නටඹුන් බවට පත්ව ඇතැයිද මෙම හින්දු සිද්ධස්ථානය ආරක්ෂා කර සංරක්ෂණය කිරීමට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගත්තේ ඇයිදැයිද "දෙමළා ඉන්දියාවේ සිට ලංකාවට ආ බව ඔප්පු කිරීමට සාධක අටුවා ටීකා වුවමනා නැත. සම්බන්ධන් සිංහලයා මෙරට ආවේ කොහෙන්ද? දෙමළා, සිංහලයාට කලින් ලංකාවේ සිටියා නම් ඔවුන් ජීවත්වීමට ඝර්ම කලාපයම තෝරාගෙන පදිංචි වුයේ අැයි? සිංහලයාටත් පළමුව දෙමළා හෝ ඉන්දියානුවා මේ රටේ සිටියා නම් මේ වනවිටත් නුඹලාගේ ජනගහනය 12%ට සීමා වී තිබෙන්නේ මොකක් හෝ අඩුවක් නිසාද? සිංහලයා වෙන රටකින් ආවානම් සිංහල කතා කරන ඒ රට මොකක්ද? සම්බන්ධන් විජයන් නමැති කල්ලතොනියා මෙරටට එනවිට මෙරට සිටියේ තමන්ගේ රෙදි වියාගෙන අඳින දියුණු ජාතියක්... ඒ තමයි සිංහලයා කියන්නේ. ඒ නිසා සිංහලයා වෙන කොහෙන්වත් මෙරටට ආව ජාතියක් නොවෙයි. ඉන්දියාවට ඉන්දියානුවන් ඇතිවුණු ආකාරයට ලංකාවට සිංහලයා ඇතිවෙන්න ඇති. දෙමල ජාතිය බිහිවුනේ මෑතක. බුදුන්ගේ කාලයේ දෙමළ ජාතියක් ගැන කියවුනේ නැත. මේ තර්ක මම 2007 කාලේ ඉදිරිපත් කලේ ඩයස් පෝරාවට...
සම්බන්ධන් උන්නැහේ මෑතක් වනතුරු උතුරේ බෞද්ධ සිද්ධස්ථාන රකින්න නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවන්න වුවමනා වුනේ නැත. 1983න් පසුව උතුරු, නැගෙනහිර පළාතේ පුරාවස්තු, බෞද්ධ සිද්ධස්ථාන විනාශකර දෙමළුන් සහ හම්බයින් ඔවුන්ට නොතිබුන අලුත් ඉතිහාසයක් ගොඩනැගීමට සූදානම් වන බව පෙනේ. අන්න එ් නිසයි අපේ උරුමය රැකගැනීමට අපිට ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන්න වුවමනා වුනේ. නුඹලාට ඇති.. නුඹලාම විසින් අපි දන්නා කාලයේ ඉදිකර ගත්ත කෝවිල් කීපයක් පමණි. ඒවා විනාශ කිරීමට සිංහලයින් එන්නේ නැත. හැබැයි ඒවත් විනාශ කරන්නේ නුඹලා කරට ගෙන ඉන්නා හම්බයින්ය. ඒ බව මතක තියා ගන්න...
ජනාධිපතිතුමනි, සම්බන්ධන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමට ඔබතුමා කාලය නාස්තිකරන්න එපා. 2005-2010 කාලය තුළ ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ, ජර්මනියේ සිටි ඩයස්පෝරාව සමග හැප්පුණු මට සම්බන්ධනුත් තවත් එක දෙමළෙක් පමණයි. මම ඔහුට උත්තර දෙන්නම්...