IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


’ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’

(මොහොමඩ් ආසික්)

අගෝස්තු මස පස් වැනිදා පැවැත්විමට නියමිත මහ  මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින්  එනවාද නැද්ද කිනය එක සම්බන්ධයෙන් තීරණය කළ හැක්කේ  තව සති දෙකකින් පසුව  බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.

අද (21)මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  මහනුවර සහ අවට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන්  නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මෙන්ම  ජ්‍යෙෂ්ඨ  නිළධාරින් සමඟ  පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය. මෙහිදී මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පළිතුරු දෙමින් මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය මහතා මෙසේද කීය.

මැතිවරණ නීති බලාත්මක කරන්නේ  කොහොමද කියලා මහනුවර සහ අවට දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිළධාරින් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. මැතිවරණ නීති බලාත්මක කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. මේ මැතිවරණවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි සංග්‍රහ කිරීම.නොයෙකුත් දේවල් බෙදා හැරීම. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම , අනවසර පෝස්ටර් සහ කටවුට් යනාදිය. මේවා  පාලනය කරන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා යැයිද බවද  මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තව දුරටත් කීය.

ප්‍රශ්නයකට පිළිතුරුදුන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර නිරීක්ෂකයින් එනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් වෙන්නේ තව සුමාන දෙකකින් පස්සේ බවයි.

 මැතිවරණ කොමිසම ලියන සියලු ලිපිවල අගෝස්තු මස පස් වනදා පැවැත්වීමට නියමිත මැතිවරණය කියා ලියන බවත් කිසිදු ලිපියක  පවත්වනු ලබන කියා නොලියන බවත් පවත්වනු ලබන බවට ලියන්නේ තුන් වනදා සිට බවද   මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කීය.



අදහස් (0)

’ජාත්‍යන්තර නිරීක්ෂකයින් ගැන තීරණය සති දෙකකින්’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14182 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11133 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1134 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site