මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදු වු බව කියන මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුලු සිව්දෙනෙකුගෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (18) උපදෙස් ලබා දුන්නේය.
හිටපු ජනාධිපතිවරයාට සහ හිටපු අගමැතිවරයාට අමතරව මහා පරිමාණ බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර සටහන් කරගන්නා ලෙස නීතීපතිවරයා විසින් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දෙන ලද්දේ හිටපු අගමැති උපදේශක එස්. පාස්කරලිංගම් හා මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරි වසන්ත කුමාර යන මහත්වරුන්ගෙන්ය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරී 27 වැනිදා සිට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධීන් හතරකදී රජයට රුපියල් කෝටි ගණනක පාඩු සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කරන ලදැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව සිදුකරන විමර්ශන වලට අදාළව නීතීපතිවරයා මෙලෙස උපදෙස් දී ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණිය ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පැවැත්වු භාණ්ඩාගාර බැදුම්කර නිකුතු වලදී මහා පරීමාණ වංචාවක් සිදු කරන ලදැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපතිවරයා සහ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපතිවරයා එහි අධ්‍යක්‍ෂවරයා ඇතුලු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ මෙන්ම ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ අධි චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා මේ වන විටත් ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙන්නම කියාවි අපි තළා කියලා...
මාස අටක් වෙනවා අලුත් ආණ්ඩුව ඇවිත්. මහ ඡන්දේ නිසා මේවා උඩට එනවා.. ඡන්දෙන් පස්සේ ආයේ යට යනවා. වැඩිම වුණොත් නිලධාරියෙක් ඇතුළට දාවි. එච්චරයි ...
තෙවැනි ලොව ඇතැම් රටවල දේශපාලකයා සතුව ඇති සමහර බලතල හා වරප්‍රසාද ලොව මහා බලවත් රාජ්‍යයන්ට හෝ නැති බව පෙනේ. මේවා පක්ෂ දේශපාලනයෙන් අගතියට හා අන්තයට ගොස් සිටින එම රටවල සාමාන්‍ය මනුෂ්‍යයෝ අවබෝධ නොකරති. එවැනි කාලෙක මේවා විග්‍රහ කරන්නට යාමෙන් ගෙලට තොණ්ඩුව වැටෙන්නේ එසේ කරන්නට යන්නාටයි. වහලුන්ගේ විමුක්තිය වෙනුවෙන් සටන් වදින්නාට මිය යාමට සිදුවනුයේ වහලුන් අතින්මයි..
බැඳුම්කර වංචාව කිව්වට, කිසිම කෙනෙක් දන්නේ නෑ.. ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා... මේකට අදාල විගණන වාර්තාව ඉදිරිපත් කරානම් හැම කෙනෙකුටම මේගැන අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙයි.. ඒ ගැන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතුන් මාධ්‍ය තුළින් පැහැදිලි කරන විට...
දන්නේ නෑ. අදාළ නෑ. ඒක මට අයිති දෙයක් නොවෙයි.
බැඳුම්කරය ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් හැමෝටම තේරෙවි මේකෙ බැරෑරුම්කම... නැතිව බැඳුම්කර වංචාවක් කියලා කිව්වාම අපිත් බොරුවට උඩපනිනවා. අගක් මුලක් දන්නේ නැතිව එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන... වංචාවක් වෙලා කියලා විතරක් නම් පැහැදිලියි. වංචාවේ අගක්, මුලක් සාමාන්‍ය අපි වගේ අයට තේරුම් ගැනීමට අපහසුයි.
මේ දෙදෙනාම මේ කාරණාවට කෙළින්ම වග කියන්න ඕනේ...
මෙය හිඟන්නාගේ තුවාලය බඳුයි...
මෙතැන් සිට නඩු ගොනුකරලා, දඬුවම් විඳිනතුරු අපිට කිසිසේත්ම විශ්වාස තියන්න බැහැ.. ඔවුන්ට දඬුවම් ලැබේවි කියලා. එහම වුණොත්, ඉතිහාස ගත වේවි. රන් අකුරෙන් ලියන්න වෙනවා. අනික මේ දෙදනාම අද ආණ්ඩුව නියෝජනය කරන්නේ. මෛත්‍රිට වඩා රනිල් වටිනවා රාජපක්ෂලාට.
එකට රට කාලා ලාංකාකයින් සියල්ලම රැවැට්ටුවා...
මැතිවරණයක් ලග එනකොට විරුද්ධ පාක්ෂිකයන්ගෙ නඩු පමණක් එලියට එනවා. විහිළු තමයි.
අර සොහොන් සල්ලි, ඇවන්ගාර්ඩ් සල්ලි අහන්න එහෙනම් විශ්‍රාම යනකම් ඉන්න වෙයි වගේ...
මේවා නියෝග විතරක් වේවිද මන්දා...?
යහපාලනේට කලිනුත් බැදුම්කර තිබුණේ පවුල් සමාගමේ අයත් එක්ක... නීතියට බයෙන් ඒවා එලියට ආවේ නැහැ. හිටපු කෙනාට මහින්දයා ලොකු තනතුරකුත් දීලා තියෙන්නේ නිකම්ද?