(*** මහියංගණ රංජිත් කරුණාවීර)
මහියංගණ, දඹාන ගම්මානයේ හයදරු මවක පොල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මහියංගණ පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ දඹාන, උල්පත පදිංචි ඕ.එම්. ගුණවතී නමැති 62 හැවිරිදි හය දරු මවක බව ද පොලිසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ පුතකු සැක කරන බවත් පවසන පොලිසිය සැකකරු හය දරු මව ඝාතනය කර වැඩිමහල් සොහොයුරාටද තියුණු ආයුධයකින් පහරදී ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිසිය කියයි.
තුවාල ලබා සිටින ඔහු මහියංගණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කීය.
ඝාතනයට සහ පහරදීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවගේ පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ සැකකාර පුත්‍රයා මීට වසර හතරකට පෙර සිය පියා ද කපා කොටා ඝාතනය කළැයි චෝදනාව මත මීට වසරකට පමණ පෙර සැකකරු බන්ධනාගාරයෙන් ඇප පිට නිදහස්ව පැමිණ සිටියදී මෙම ඝාතනය ද සිදු කර ඇති අතර, ඔහු කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබන අයකු ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් දෙහිඅත්තකණ්ඩිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරි (SOCO) පරීක්ෂණ පැවැත්වූ අතර, ඝාතනය සම්බන්ධයෙන් මහියංගණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජේ.ඒ.ආර්.එල්. සේනාධීර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් පරීක්ෂණ කටයුතු සිදු කරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ නරුමයන්ට උපරිම දඬුවම් දෙන්න ඕන.
අපායෙන් මෙහා කොහේ යන්නද ළමයා... පව්..!!!
මේ පාර ඡන්දෙට සුදුසුකම් නම් සපුරලා තියෙනවා.
මේ කල පව ගෙවන්නට නම්, මුලු සංසාරයම මදි වෙයි.
වැරදි කරුවන් නැවත නැවත වැරදි කරන්නේ ඇප පිට ඉද්දි... රටේ නීතිය මීට වඩා ශක්තිමත් විය යුතුයි. යාවත්කාලීන විය යුතුයි.
ආයෙත් ඇපදීලා එවන්න තව කීපදෙනෙකුට යන්න වෙයි.
මේ මනුස්සයාට පව් කරගන්න තියෙන ලොකුම පාපකර්මය කරගත්ත මුගලන් හාමුදුරුවන්ටත් දෙමව්පියන් මරපු එකේ පවා පව් විපාක දුන්නා. මුගලන් හාමුදුරුවන්ට අන්‍ය තීර්ථකයින් විසින් පොලු වලින් තලා ඝාතනය කළේ මීට ආත්ම 500කට එපිට තම දෙමව්පියන්ට එහෙම කරපු නිසයි. මේවට බලපාන සමාජ ආර්ථික හේතු නොසොයා නීතියට දොස් කියන්න එපා..
දස මසක් කුසේ දරා ලේ කිරිකර පොවලා මේ දෙමව්පියන් ලබා ගත් දෙය කුමක්ද? මේ වගේ කතා කලින් ඇසුනේ උතුරේ පමණි. පූරුවේ කරපු පාප කර්මයක් විය හැකියි.