(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.
පසුගිය කාල සීමාව තුළ පත්වූ විවිධ රජයන් යටතේ ඉකුත් මාර්තු 31 වැනිදා දක්වා දෙන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් මෙම මුදල ලැබිය යුතුව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.
ප්‍රවාහන , විදුලිබල සහ ධීවර යන ක්ෂේත්‍ර සඳහා භාවිතා කරන ලද ඉන්ධන වෙනුවෙන් මෙම සහනාධාර ලබාදී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම රජයක්ම කරන්නේ ජනතාවට පොලු තියන එක... ජනතාවට බරපටවනවා. බලයට පත්වෙන අය යහතින් වැජඹෙනවා.
අපි තාම සංවර්ධන වෙමින් පවතින්නේ ...
හරි ලස්සන භාෂාවක්... මගේ පුතා අහනවා මොකක්ද මේ කියලා..?
ඉන්න හිතෙන රටක්...
මේ හැදෙන රටක් නොවේ. කවදා හරි චීනෙට රටම වික්කා කියයි.. ළඟදීම ඒකටත් අප්පුඩි ගහන පිරිසක් ලංකාවේ සිටියි.
මේ මුදලෙන් 3/4ක්ම හොරාකාලා පිටරටවල බැංකුවල ඇති මේ සල්ලි.
විමල් වීරවංශට හරි, ගම්මන්පිලට හරි කිව්වා නම් මේවා ගැන හොඳට තේරුම් කරලා දෙයි..
අපූරු වැඩක්නේ.. මෙතෙක් පැවැති සියලු රජයන් කර තියෙන්නේ.. කෝටි 33,400ක ණයක් මෙතෙක් පැවති සෑම රජයක්ම එකතු වී තියලා.. එතකොට කොහොමද මේ ආයතනය ගෙනියන්නේ..? කොහොමද තෙල්මිල අඩු කරන්නේ..? පක්ෂ දේශපාලනයේ ඇලී ගැලී වෙලී සිටිනා කොයිදේටත් තමන් අදහන දේශපාලකයින්ගේ පාට දර්පණයෙන් ලොව බලනා අනුවණ මිනිසුනේ.. මඳකට ඔබලාගේ පාටපාට දර්පණ ගලවා රට දෙස පිවිතුරු සිතින් බලනු මැනවි...!!! මෙතෙක් පැවැති රජයන්ගේත්, කොළ, නිල් හා රතු, පොහොට්ටු, එකී මෙකී නොකී සියලු දේශපාලන බලවේග ගැන සැබෑ තත්ත්වය.. නිදහසින් පසු මේ සෑම දේශපාලකයාම හා පක්ෂ මේ හැරෙන්නට මොනතරම් සොරකම් කොට මේ රටේ ජාතියේ ලේ උරාබොන්නට ඇතිද?.. එහෙත් බොහෝ දෙනා පක්ෂ දේශපාලනයට ගැතිවී ඔවුන් පුදදෙන්නේ ඇයි? මේ සියලු දේශපාලකයින්ට වඩා ඔබටත්, මටත් මේ රට වටිනවා නොවේද? මා මගේ ඇති පාණ්ඩිත්වය පෙන්වීමට වෙර දරනවා නොවේ. අපේ රට වෙනුවෙන්, අපේ අනාගත පරපුර වෙනුවෙන් ඔබ දන්නා එහෙත්, ඔබ නොසිතන දෙය ඔබගේ බුද්ධියට හසුකර දුන්නා පමණි.
කමක් නෑ.. ඒකත් අපේ එකවුන්ට් එකටම දාන්න. අපි ගෙවන්නම්...