IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට

(කවිතා සුබසිංහ) 

මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් 150 කට අධික පිරිසකගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකළ බවත් ඔවුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණය මගින් සනාථ වූ බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙතින් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස එහි කාර්ය මණ්ඩලය විසින් මහර බන්ධනාගාරයේ නිලධාරීන් හා රැඳවියන් පිරිසක් පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමු කළ බව මහර බන්ධනාගාර අධිකාරිවරයා පැවසීය.

රාගම හා ගම්පහ ප්‍රදේශ ආශ්‍රීතව කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමඟ මහර බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කරන ලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදය තව දුරටත් දැඩි කිරීමට ද පියවර ගත් බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

සිය නිවෙස් වල සිට දෛනිකව රාජකාරියට වාර්ථා කරන නිලධාරීන් සහ නිල නිවාස වල සිට සේවයට පැමිණෙන නිලධාරීන් 325 පමණ පිරිසක් සහ මහර බන්ධනාගාරයේ රඳවා සිටින 2200 අධික රැඳවියන් ආරක්ෂා කර ගැනීමේ වගකීම ආයතන ප්‍රධානියා වශයෙන් තමා වෙත පැවැරි ඇති බවත් ඒ හේතුවෙන් දැඩි නිතී රිති පනවා හෝ සෞඛ්‍ය අංශ විසින් නියම කර ඇති කොරෝනා වයිරස මර්ධන මාර්ගෝපදේශයන් අනුගමනය කීරීමට කටයුතු කරන බව ද ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.

විශේෂයෙන් මේ නව විට මහර බන්ධනාගාරය තුළ රාජකාරි ස්වාභාවය අනුව රැඳවියන් සමඟ සෘජුව සම්බන්ධ වන නිලධාරීන් සඳහා විශේෂ සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් ලබාදීමට මහර බන්ධනාගාරය විසින් කටයුතු කර ඇති අතර විශේෂයෙන් බන්ධනාගාරගත වන නවක රැඳවියන් සෝදිසි කිරීම සිදු කරන හා එම රැඳවියන්ගේ ලියාපදිංචි කටයුතු සිදු කරන ස්ථානවල රාජකාරියේ නිරත නිලධාරීන් සඳහා ආරක්ෂිත ඇදුම් කට්ටල , විසබීජනාශක මුහුණු ආවරණ ඇතුළු උපකරණ ලබාදී ඇති අතර බන්ධනාගාර රැඳවියන් සියළු දෙනා සඳහා මුහුණු ආවරණ පැළදීමද අනිවාර්ය කර ඇති බව බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා කීය. 

ඒසේම අලුතින් බන්ධනාගාරගත වන රැඳවියන්  දින 21 කාලයක් වෙනම සිරමැදිරි තුළ රැඳවීමටද කටයුතු කර ඇති බවත් මහර බන්ධනාගාර රෝහලේ  වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා ඇතුළු වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් බන්ධනාගාරය තුළ අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා මනා සහයෝගයක් ලබා දෙන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේය. 

 

 



අදහස් (0)

මහර බන්ධනාගාරයේ නිලධාරීන් - රැඳවියන් 150 ක් පී.සී.ආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site