(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා ආසාදිතයන් හමු වූ රාජාංගනය ප්‍රදේශ කිහිපයක සංචරණය සම්පූර්ණයෙන් ම අඩාල කර, නවතා දමා ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(13) පැවසීය. රාජාංගනයේ යාය 1, 3 සහ 5 යන ප්‍රදේශවලට ඒ අනුව මෙම සීමා පනවා තිබේ.
කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවැති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එම ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බලා මෙම පියවර ගෙන ඇතැයිද ජාසිංහ මහතා කීවේය.
රාජාංගනයේ ආසාදිත උපදේශකවරයා සිය ඥාතියකුගේ අවමංගල්‍ය අවස්ථාවකට ගොස් සිටියදී, සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව පිළිපැද්දේ නම් එම පිරිස ආසාදිතයන් වන්නට ඉඩ නොතිබූ බවද ඒ මහතා කීය.
කෙසේවෙතත්, වැලිකන්ද බන්ධනාගාර ආසාදිතයාගෙන් ආරම්භ වූ, කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයන් පොකුර සම්බන්ධයෙන් සිදු විය යුතු සෞඛ්‍යාරක්ෂිත කටයුතු සහ ඔවුන් නිරෝධායනය කිරීමේ කටයුතුත් මේ වනවිට බොහෝදුරට ඉටු වී ඇති බවත් ඒ මහතා කීය.
COMMENTS
මිනිස්සු කළ කැපවීමෙන් ඵලක් නොවුනේ, පාලකයින් ආදර්ශමත් නොවූ නිසයි.