
(අජන්ත කුමාර අගලකඩ)
මෙවර මහ කන්නයේදී සම්බා, නාඩු සහ කීරි සම්බා වර්ගවල වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක්ද, තෙත වී සඳහා කිලෝවකට රුපියල් 42ක සහතික මිලක්ද ගෙවීමට රජය තීරණය කර ඇත.
යල කන්නයේ වගාකර ඇති භූමි ප්‍රමාණය අනුව එක් ගොවියකුගෙන් වී කිලෝ 5000ක උපරිමයකට යටත්ව වී මිලදී ගැනීමටද රජය සැලසුම් කර තිබේ.
වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදීගැනීමට කටයුතු යොදා ඇති අතර, එහි සම්බන්ධීකරණ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් සිදුකෙරෙනු ඇත.
ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යෑම සඳහා වී අලෙවි මණ්ඩලය මගින් මෙවර යල කන්නයේ වී ටොන් ලක්ෂ 2ක් මිලදී ගැනීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 1042ක් පමණ වේ.
COMMENTS
එක ගොවියාගෙන් ටොන් 5 බැගින් ගන්නවා කියා බොරුවට වී ටිකක් විතරක් අරන් ඡන්දෙට කලින් ගොවියා රවට්ටන උප්පර වැට්ටියක්.
සහතික මිල නියම කිරීමෙන් පමණක් හරියන්නේ නැත. රුපියල් 55-60 ගානේ පුද්ගලික වෙළඳ වී මිලට ගත්තාම වී අලෙවි මණ්ඩලයට රුපියල් 50 ගානේ ගන්න දෙයක් ඉතිරි වන්නේ නැත. ඉන්පසු වෙන්නේ වෙළෙන්දා රුපියල් 100ට නියම කළ හාල් 120 ගානේ විකිණීමයි. එමනිසා සහන මිලට පොහොර ලබාගන්න නම් රජයට වී වික්ක කුවිතාන්සිය ඉදිරිපත් කරන්න කියන්න. හමුදාව යොදවා වී එකතු කරන්න.
කිලෝවකට රුපියල් 50ක් කියන්නේ වී වලට හොඳ මිලක්. වී කිලෝ 100ක් ගත්තොත්, කිලෝ 20ක් විතර පොත්ත. සාමාන්‍යයෙන් වී කිලෝ 100කින් හාල් කිලෝ 68ක් විතර තමයි නිෂ්පාදනය කරන්න පුළුවන්. ආණ්ඩුව නියම කරන මිලට නෙමෙයි ඊට ටිකක් වැඩියෙන් වී මිලට ගත්ත වුණත් හාල් මෝල්කාරයින්ට පාඩුවක් නැහැ. ඒ මොකද කිව්වා නම් වී කිලෝ 100කින් ගන්න පුළුවන් හාල් කිලෝ 68ක් විතර වුණාට, ඉතිරි දහයියා කිලෝ 32 හාල් මෝල්කාරයින් අතුරු නිෂ්පාදන සඳහා ඉහළ මිලකට විකුණන නිසා. වීවලට සහතික මිලක් නියම කරන කොටම, හාල්වලටත් සහතික මිලක් නියම කරන්න ඕනේ. එහෙම කරන කොට දහයියා වලින් හාල් මෝල්කාරයින් උපයන මුදලත් බලලා හාල් මිල නියම කරන්න ඕනේ. ඒ මොකද කිව්වා නම් හාල් මෝල් දහයියා විකුණලා ගන්න විශාල ආදායම හංගන නිසා. මගේ අදහස නම් සම්බා, නාඩු, කීරි සම්බා විකුණන්න පුළුවන් උපරිමය රුපියල් 70 සහ 75 අතර කරන්න ඕනේ. මෙහෙම නොකොළොත් හාල් මෝල්ලු වඩා ආකර්ශනීය මිලක් වී වලට දීලා ඒ වගේ දෙගුණයකට හාල් විකුණන්න පුළුවන්. එතකොට වී සහතික මිල විහිළුවක් වෙනවා. ආණ්ඩුවක් වුණාම වී ගොවියා සහ පාරිභෝගිකයා කියන දෙකොටසටම සාධාරණ වෙන්න ඕනේ.
මේ රට දියුණු කරන්න බැරි ජීවන වියදම වැඩි නිසා බඩු ගණන් වැඩිකරන කොට කම්කරු කුලිය ඉබේම වැඩිවෙනවා. එතකොට නිෂ්පාදන මිල අධිකව ඉහළ යනවා. ජනතාව ගොනාට අන්දමින් ඡන්දෙ කරන එක විතරයි අද කරන්නේ.
විද්‍යාත්මක ස්ථාන අරක්ෂා කළ යුතු යුගයක එවන් වටිනාකමක් ඇති ස්ථාන කඩා විනාශ කරන්නේ කවරෙකුගේ බලපෑම මතද? අද වනවිට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අවස්ථාවක වත්මන් බුද්ධ ශාසන අමාත්‍ය හා සංස්කෘතික අමාත්‍යවරයාගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ මෙවන් දෑ සිදු නොවිය යුතුයි. එසේම තමන්ගේ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ සිදුවන මෙවන් වටිනා ඵෙතිහාසික ස්ථාන ආරක්ෂා කර ගැනීමට නොහැකි මැතිවරණ අපේක්ෂකයෙකු උතුරු ප්‍රදේශයේ මුහුදු මහා විහාරය, දෙවනගල හා කූරගල නටබුන් සංරක්ෂණය කරන්නේ කෙසේද? යන්න සමස්ථ මහජනතාවටම ඇත්තේ සාධාරණ සැකයකි.
ලංකාවේ ප්‍රධාන වී මෝල් ටික තියෙන්නේ දේශපාලන වශයෙන් ලොකු හයියක් තිබෙන මුදලාලිලා ළඟ... පොළොන්නරුව පැත්තේ කෙනෙක් තම දේශපාලන සොයුරාගේ පිහිටෙන් වී හාල් බිස්නස් එකෙන් කෝටි ප්‍රකෝටි ගණන් සෙව්වේ කෙසේද? සහතික මිල කුමක් වුවත්, රජයේ නිලධාරින් හැරෙනවිට මෙවැනි අය තමන්ට අවශ්‍ය අඩුමිලට වී තොග ගබඩාකොට හමාරයි. මෙන්න මේවට නිශ්චිත පියවරක් ගත යුතුයි නේද? රුපියල් 75000 කින්, ඒකත් ණයට ගෙන ආරම්භ කළ වී හාල් කර්මාන්තයකින් මේ තරම් ලොකු ධනස්කන්ධයක් ඉපැයූවේ කෙසේද? මේ වී සහල් මාෆියාව පරාජය කරන තෙක් සහතික මිලක් තිබුණත්, ගොවියා සැමදා අමාරුවේමයි. මේවා කාට කියන්නද?
මේ ආණ්ඩුව ගොවියා රකින්න කියමින් වී මිල ඉහළ දමනවා. එතකොට සහල් මිල අහස උසට නගිනවා. පාරිභෝගික අප ගැන කතාකරන්න කිසිවක් නැහැ. පොහොට්ටුවේ සහයෙන් ප්‍රකෝටිපති සහල් මුදලාලි කිහිප දෙනෙකු කන්නෙකට පොහොට්ටුවට ඡන්දෙ දෙන්න කියලා පාරිභෝගික අපි අපේ ඡන්දෙ වෙන කාට හරි දෙමු...