( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අම්පාර අරන්තලාවේදී බෞද්ධ භික්ෂූන් වහන්සේලා 31දෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සිදු කළ දැනට ජීවතුන් අතර සිටින කොටි ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් නඩු පැවරීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිට නියෝග කරන්නැයි ඉල්ලා එම අමානුෂික ඝාතනයෙන් දිවි ගලවාගත් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් ආදාඋල්පත බුද්ධසාර හිමියන් විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
එසේම අගතියට පත් පාර්ශවකරුන්ට රුපියල් කෝටි දෙකක වන්දි මුදලක් ලබා දෙන්නැයිද පෙත්සම්කාර හිමි නම සිය පෙත්සමින් ඉල්ලා සිටියහ.
නීතීඥ මෝදිත ඒකනායක මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති , රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක සුරේෂ් සාලේ , නීතිපති නම් කරනු ලැබ සිටිති.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අරන්තලා භික්ෂු ඝාතනයට එරෙහිව නඩුමඟට යන්නැයි ඉල්ලා පෙත්සමක්
de silva Tuesday, 30 June 2020 09:26 AM
සාධාරණ පැමිණිල්ලක්.., රටේ ත්‍රස්තවාදයට විරුද්ධ රටේ බහුතරයක් ජනතාව ඔබවහන්සේ සමගය...
Hafeel Tuesday, 30 June 2020 10:59 AM
පාස්කු බෝම්බ ප්‍රහාර සහ රණවිරුවන් විකුණා බලයට ආපු වත්මන් රාජපක්ෂ පාලකයින්ට තවදුරටත් ජනතාව නොරැවටිය යුතුයි.
සෑම් Tuesday, 30 June 2020 12:19 PM
අංගුලිමාල මිණීමැරුම් නවත්තලා ගියේ බුදු හාමුදුරුවෝ ළඟට. එතකොට අංගුලිමාල රහත් වුණා. කරුණා මිණී මැරුම් නවත්තලා ගියේ ලංකාවේ ඉන්න තක්කඩින් ගාවට. එ්කනේ එයා අපායට යන පාරේ ඉන්නේ. එනිසා වහාම නඩු දැමිය යුතුයි..
siri Tuesday, 30 June 2020 12:55 PM
"අපොයි. අපොයි. හමුදාපතිටත් වැඩිය යුද්ධය දිනන්න උපකාර වුණු වීරයෙකුටනේ මේ නඩු දාන්න හදන්නේ " කියලා ජාතිය අමතලා කියන නායකයොත් ඉන්න ඉඩ තියෙනවා. මොකද මේක ඡන්දයක් තියෙන කාල වකවානුවක්නේ...
Kavinda Wednesday, 01 July 2020 08:56 AM
LTTE සහ මුස්ලිම් අන්තවාදීන් තාමත් මාධ්‍යවල සැරිසරන බව දාන අදහස්වලින් පේනවා. ඔහොම යං කියලා තමයි කියන්න තියෙන්නේ.