IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට


(ක.ග.කරුණාරත්න)     

                                       
වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07)  පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.


ඊට අමතරව මෙම රැඳවියා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරය මගින් බවත් එම නිසා පොලොන්නරුව බන්‍ධනාගාරයේද රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද නිරෝධායනට ලක්කරන බව ඒ මහතා කීය.


මොවුන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කරනු ලබන්නේ වෙනත් ස්ථානයක නොව ඔවුන් දැනට රැඳී සිටින ස්ථානවලම බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.


මේ අතර නිරෝධායනට යොමුකර සිටින මේ සියළුම දෙනා සඳහා පීසීආර් පරීක්‍ෂණද සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය. 
 



අදහස් (2)

රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට

Dr. Vajira Fernando Tuesday, 07 July 2020 06:27 AM

මේ නිරෝධායන ක්‍රියාවලියේ අඩුපාඩුවක් තියෙනවා. පිරිස් සමූහ වශයෙන් රඳවා තැබීම අවදානම්. එක් එක් අය වෙනවෙනම රඳවා තැබීමට ක්‍රියාකළ යුතුයි. නැතිනම් මෙය තවත් වැලිසර කඳවුරක් විය හැකියි.

:       0       0

sena Tuesday, 07 July 2020 07:48 AM

ඒ කියන්නේ තවම සාමාන්‍ය මහජනයා අතරේ වෛරසය තියෙනවා. දෙවැනි රැල්ල ශුවර් එකටම එනවා. මගෙ අම්මෝ..!! මම නම් ඡන්දෙ දාන්න යන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site