IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ

මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව එම පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කරන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු කරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් අත්හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.

අදාළ අත්හිටුවීම ඊයේ (5) පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැනි පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරන ලදි.
 
 
055



අදහස් (3)

පර්පෙචුවල් ට්‍රෙෂරීස් ව්‍යාපාර අත්හිටුවීම තවත් මාස හයකින් දීර්ඝ කෙරේ

සිරිබිරිස් Tuesday, 07 July 2020 02:32 AM

අත්හිටුවන අන්තිම පාර තමයි ඔය... ඊට පස්සේ ඒ කට්ටිය ඔක්කොම එක බෝට්ටුවේ...

:       0       0

SHANAKA Tuesday, 07 July 2020 05:06 AM

මිනිසුන් රවටනවා... ඡන්දෙන් පස්සේ සේරම හොරු නිදහස් වෙයි.

:       0       0

athula Tuesday, 07 July 2020 10:17 AM

ඒ කියන්නේ සමාගම තහනම් කරලා එහෙම නැහැ. ඡන්දෙන් පස්සේ නඩුව සුහදව අවසන් වීමට නියමිතයි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site