මහ බැංකු බැඳුම්කර සිදුවීමට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගත් තීරණය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගවලට අනුව එම පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව කරන විමර්ශන තවදුරටත් කරගෙන යෑමේ අරමුණින් පර්පෙචුවල් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවකු කරන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවත් මාස හයකින් අත්හිටුවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය පියවර ගෙන තිබේ.
අදාළ අත්හිටුවීම ඊයේ (5) පස්වරු 4.30 සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව 2017 ජූලි මස 6 වැනිදා මුල් වරට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට තීරණය කළ අතර එතැනි පටන් අඛණ්ඩව මාස හයෙන් හයට එම අත්හිටුවීම දීර්ඝ කරන ලදි.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්හිටුවන අන්තිම පාර තමයි ඔය... ඊට පස්සේ ඒ කට්ටිය ඔක්කොම එක බෝට්ටුවේ...
මිනිසුන් රවටනවා... ඡන්දෙන් පස්සේ සේරම හොරු නිදහස් වෙයි.
ඒ කියන්නේ සමාගම තහනම් කරලා එහෙම නැහැ. ඡන්දෙන් පස්සේ නඩුව සුහදව අවසන් වීමට නියමිතයි වගේ.