IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරවත් කැඳවයි

(යොහාන් භාසුර)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාගැනීමට 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර මහතා ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හෙට (02) පෙරවරුවේ කැඳවීමට නියමිතය.

එම ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ සංගක්කාර හෙට පෙරවරු 9.00 ට කැඳවීම සඳහා මේ වන විට ලිපිය සකස් කරමින් සිටින බවයි.

“කුමාර් සංගක්කාර ඒ කණ්ඩායමේ නායකයා නිසා ඔහු විශේෂ පුද්ගලයෙක්. ඒ නිසා සංගක්කාර මහතාත් කැඳවීමට අපි තීරණය කළා” යැයි ෆොන්සේකා මහතා වැඩි දුරටත් පැවසීය.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවකු වූ උපුල් තරංගගෙන් ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද (01 වැනිදා) පෙරවරුවේ පැය තුනක් ප්‍රකාශයක් ලබාගත්තේය.

පුස්තකාල ඡායාරූපය(ශාන්ත රත්නායක)



අදහස් (12)

පොලිස් විමර්ශන ඒකකය සංගක්කාරවත් කැඳවයි

sena Wednesday, 01 July 2020 08:40 AM

තුට්ටු දෙකේ දේශපාලන වාසි ගන්න.. දේශපාලකයෝ ඡන්දෙ කාලෙට කරන ප්‍රකාශ නිසා මේ ක්‍රීඩකයින්ට කරදර කිරීම වැරැදියි.

:       2       3647

KooralageWednesday, 01 July 2020 09:34 AM

සේන මේකේ යටි අරමුණ ඔයා දන්නවාද? කුමාර සංගක්කාර අයිසීසී සභාපති ධුරයට පත්වීම වැළැක්වීමට මහින්දානන්ද කුමන්ත‍්‍රණයක ඉන්නේ...මේ ක්‍රමන්ත්‍රණය කරන්නේ මේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයින්ගේ කීර්ති නාමය විනාශ කරන්න. මහා සහගහන අපරාධයක් මේක...

:       1       2025

mohomed Wednesday, 01 July 2020 10:04 AM

හදවතින්ම ආදරය කරන ක්‍රීඩකයෙක් සංගා, මහේල වැනි පිරිසිදු ක්‍රීඩකයින්ට හොර දේශපාලකයින් චෝදනා කිරීම අනුමත කරන්න බැහැ.

:       0       1186

Mahesh Wednesday, 01 July 2020 09:05 AM

මහින්දානන්ද කිව්වේ ක්‍රීඩකයෝ සම්බන්ධ නෑ කියලනේ දෙවෙනි සැරේට ඇහුවාම. ඇයි සුමතිපාලව, අවසන් මහා තරගය බලන්න ගිය මහින්දව ගෙනත් ප්‍රශ්න කරන්නේ නැත්තේ... පිට්ටනිය හදන්න එපා කිව්ව නිසා ඒකේ පලිය තමයි මහින්ද මහත්තයා මේ ගන්නේ... රනිල් එක්කම ගෙදරම අරින්න ඕනෑ.. මහින්ද මහත්තයාවත්... නැත්නම් මේ රට හදනවා බොරු...

:       0       194

rihan Wednesday, 01 July 2020 09:19 AM

මෙහෙමත් රටක්... රටක කීර්ති නම ලැබුණු වීරයින්ටත් නිදහසේ හුස්ම ගන්න බැහැ.

:       0       211

PereraThursday, 02 July 2020 12:05 AM

රාජපක්ෂලාගේ වැඩ වලට අකුල් හෙලුවොත් ලෙඩේ තමයි.

:       0       103

බද්රානි Wednesday, 01 July 2020 09:22 AM

වැදගත් මහත්වරු වගේ ජීවත් වෙන්න ගියාම පොලිසි ගානේ රස්තියාදු වෙන්න සිදුවෙන එක අමුතු දෙයක් නෙමේ... සංගක්කාර මහත්තයෝ. වාචාලයින් කියන කතාවකට පවා ඒ සමාජයේ ලොකු වටිනාකමක් තියනවා. පාසල් කාලෙදී වත් ක්‍රිකට් පිත්තක් අතින් අල්ලලා නැති අයට, පහුකාලේදී, ක්‍රිකට් පුටුවල ඉඳගන්න ලැබුණාම ඕවා ඔහොම තමයි. ක්‍රිකට් මැච් කවුරුවත් සද්දයක් නැහැ මේවාට...

:       0       176

ම. සිරා Wednesday, 01 July 2020 10:39 AM

මේ දේශපාලනය කරන අය පුදුම කරදරයක් ක්‍රීඩකයින්ට කරන්නේ... ලංකාවේ එකම පිළිගැනීමකට පත්වෙච්ච ක්‍රීඩාව ක්‍රිකට්... ඒකත් නැතිකරලා දානවා...

:       0       207

rana Wednesday, 01 July 2020 10:54 AM

මෙවැනි අමන වැඩ නිසාම තවත් ක්‍රීඩකයින් හදවතින්ම ලංකා මාතාව වෙනුවෙන් ක්‍රීඩා කරයිද?

:       0       181

Sarath Silva Wednesday, 01 July 2020 11:42 AM

මේ අපේ පුංචි රට ගැන ලෝකයා කතා කරන්නේ, ගෞරව කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. එයට දායකව කීර්තිමත් ක්‍රීඩකයින් අපරාධ අංශවලට කැඳවා ඔවුන්ව මානසිකව පීඩනයක් ඇතිකිරීමට ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඉතාමත්ම නින්දිතයි. හොරුන්ට හොරකම් කිරීමටත්, ඒ හොරුන් රැකගැනීමත් රජපක්ෂ පවුල් දේශපාලනයේ අපි හැමදාම දැක්ක දෙයක්... මෙවර මැතිවරණයේදී මේ තක්කඩියන් ගෙදර යැවීමට වග බලා ගන්න..

:       0       561

කෝසල ආදිහෙට්ටි Wednesday, 01 July 2020 04:39 PM

හැබැයි එදා 2011 මැච් එක බලද්දීම මට හිතුණා. සංගක්කාර විකට්ටුව පිටුපස සිට ලෙහෙසි උඩපන්දු අත් හැරියා.., බෝක්කු පිට බෝක්කු බයිස් ඇරියා.

:       354       38

Mahesh Wednesday, 01 July 2020 07:44 PM

මෝඩ දේශපාලකයෝ අපේ මාතෘ භූමියේ ප්‍රතිරූපය විනාශ කරයි. අප ලෝකයේ ජනප්‍රිය වීමට හේතුව, ක්‍රිකට් ක්‍රීඩාව හැර වෙනත් හේතුවක් නැත.

:       0       363

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site