(නිමන්ති රණසිංහ)
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙම සිද්ධියට අදාලව රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
මෙහි ප්‍රධාන සැකකරුවෙකුව සිටි පොලිසියට භාර වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර යන අය ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 7 ක ද රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතිබව ද පොලිසිය පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටයි නියරයි දෙකම ගොයම් ටික කොටා බානකොට අපි කාටද මේ අමාරුව ගැන කියන්නේ හාමුදුරුවනේ?
මෙයාලගෙ වත්කම්, බිරිඳ, දරුවන්, නෑදෑයින්, බැංකු ගිණුම්, දේපළ පරීක්ෂා කරන්න. අසාධාරණ ලෙස හොයපු සියලු මුදල් තහනම් කරන්න.
මාකඳුරේ මදූෂ්, කන්ජිපානි ඉම්රාන් වගේ අයත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වත්ද?
නාකොටික් එකට තාමත් ඔය නින්දිත වැඩේ කරගෙන යන්න තිබුණා.. යහපාලනය තිබුණා නම්... පාස්කු ප්‍රහාරය ගැන නොඉවසිලිමත්ව සිටි ඔවුන් නාකොටික් නිලධාරින් ගැන විමසිලිමත් නොවනු ඇති...
මේ අය විනාශ කරපු ජීවිත වලට වගකියන්නේ කවුද. විනාශ වුනු පවුල්වලට කවුද වගකියන්නේ අපේ ජීවිත බේරගනියි , සමාජය බේරාගනී කියලා හිතාගෙන රජයේ පඩි ගත්තු මේ අයට හෙන ඉල්ලන එක අමානුෂික නොවේ.
අධ්‍යාපන ක්ෂේත්‍රය මීට වඩා දූෂිතයි. විදුහල්පතිවරු අල්ලස් ගන්නවා. ඒ ගැටලුවත් කඩිනමින් විසඳන්න. හරි විදියට වැටලීම් කරන්න. අපි සහයෛා්ගය දෙන්නම්. විදුහල්පතිවරුන්ගේ වත්කම් පරීක්ෂා කරන්න. ඒ අය පාතාලයට වඩා බරපතලයි. පොලිසියට වඩා දූෂිතයි. පාසල්වල බොහෝ විදුහල්පතිවරු හොරු නොවෙයි, කම්බ හොරු. දූෂිතයෝ නොවෙයි, අමුම අමු දූෂිතයෝ. වැඩේ පටන් ගන්න. අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම්...
මහතැන ඉඳන් පොඩි තැන වෙනකම් හොරකමයි, වංචාවයි. රාජ්‍ය ආයතන ඔක්කොම වගේ දූෂිතයි.. වැඩ නොකර අයිස් ගහනවා කියන්නෙත් හොරකමක්...
දේශපාලකයින් කෝටි ගණන් හොරකම් කර නිදැල්ලේ සිටින විට මේ අයටත් සිතුවිල්ලක් පහළ වෙන්නැති.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරමක සැක කරුවෙක්ව රඳවාගෙන ප්‍රශ්න කරන්නේ?
පොලීසියේ සිටි මේ දූෂිත නිලධාරීන් ඇල්ලීමට වෙහෙස වූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ අවංක කම මොනවට ඔප්පු කොට තිබෙනවා... එම අවංක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය. ඔවුන් මේ දේවල් සැඟවුවානම් මේ දේවල් රටට එලි වෙන්නේ නැත. එබැවින් දූෂිතයන් සුළු පිරිසක් කළ වරදට මුළු මහත් පොලිසියටම දොස් නැගීමට අපි අනුවණයෝ නොවෙමු.
ගිය අවුරුද්දේ වුණු සිද්ධියක් මේ බත්තරමුල්ල පැලවත්තේ තියෙන නාකොටික් එකේ අය අල්ලාගෙන පාසැල් යන වයසේ පිරිමි ළමයි ටිකක් ඊට පස්සේ ඒ ළමයින්ව රිමාන්ඩ් ඵකේ තියාගෙන එයාලා කුඩු බිව්වා කියලා ඒ ළමයින්ගේ ගෙවල්වලට ගිහින් දෙමාපියන්ට කියලා නඩු දාන්නේ නැතුව ගොඩින් බේරගන්න ඕනෙ නම් ඒ ළමයෙකුට ලක්‍ෂ තුනහමාර ගාණේ ගෙවන්න ඕනේ කියලා බය ගන්නලා ඒ අහිංසක දෙමාපියන්ගෙන් සල්ලි අරගෙන ඒ ළමයිව නිදහස් කරලා. මේ සිද්ධියට සම්බන්ධ ඒවත් සොයා බලන්න. මොකද ඒ හිටපු බත්තරමුල්ල පැලවත්තේ තියෙන නාකොටික් එකේ අය මේක දිගටම කරගෙන ගිය සෙල්ලමක්... මිනිස්සු ලැජ්ජාවට, බයට ඒවා කියන්න ගිහින් නැහැ පිටට..