IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වැනියත් අත්අඩංගුවට

 

 

(නිමන්ති රණසිංහ)

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය , කුඩු ජාවාරම්කරුවන් වෙත විකුණූ බව කියන සිද්ධියට අදාල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරියෙක් අද (07) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියතුව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මෙම සිද්ධියට අදාලව රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මෙහි ප්‍රධාන සැකකරුවෙකුව සිටි පොලිසියට භාර වූ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර යන අය ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 7 ක ද රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇතිබව ද පොලිසිය පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.



අදහස් (17)

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වැනියත් අත්අඩංගුවට

siri Tuesday, 07 July 2020 05:25 PM

වැටයි නියරයි දෙකම ගොයම් ටික කොටා බානකොට අපි කාටද මේ අමාරුව ගැන කියන්නේ හාමුදුරුවනේ?

:       27       365

බද්රානි Tuesday, 07 July 2020 09:12 PM

වැටත්, නියරත් එහෙමම තියෙද්දී, කුඹුරට බැහැලා ගොයම් විතරක් නෙමේ, වැටයි, නියරෙයි තණකොළ ටිකත් කොටා බාන මීහරක් ගැන ඔබ දන්නෙම නැද්ද? සරුවට වැඩුණු අං දෙක සහිත මීහරක් ගැන කියලා ඇන ගන්නවාට වඩා, වැට පැනලා, නියර දිගේ කුඩු පැකට් එක අරගෙන යන කෙනා ගැන කතා කරලා හිත හදා ගමු නේද ??

:       29       82

K PereraWednesday, 08 July 2020 03:14 AM

වැඩ කරන විරුවාට කියන්න. රටට ගිය කලක්..!!!

:       20       162

ජගත් Tuesday, 07 July 2020 06:13 PM

මෙයාලගෙ වත්කම්, බිරිඳ, දරුවන්, නෑදෑයින්, බැංකු ගිණුම්, දේපළ පරීක්ෂා කරන්න. අසාධාරණ ලෙස හොයපු සියලු මුදල් තහනම් කරන්න.

:       0       90

banda Tuesday, 07 July 2020 10:16 PM

මාකඳුරේ මදූෂ්, කන්ජිපානි ඉම්රාන් වගේ අයත් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වත්ද?

:       0       69

කනිෂ්ක Wednesday, 08 July 2020 01:56 AM

නාකොටික් එකට තාමත් ඔය නින්දිත වැඩේ කරගෙන යන්න තිබුණා.. යහපාලනය තිබුණා නම්... පාස්කු ප්‍රහාරය ගැන නොඉවසිලිමත්ව සිටි ඔවුන් නාකොටික් නිලධාරින් ගැන විමසිලිමත් නොවනු ඇති...

:       3       74

SL Wednesday, 08 July 2020 02:24 AM

මේ අය විනාශ කරපු ජීවිත වලට වගකියන්නේ කවුද. විනාශ වුනු පවුල්වලට කවුද වගකියන්නේ අපේ ජීවිත බේරගනියි , සමාජය බේරාගනී කියලා හිතාගෙන රජයේ පඩි ගත්තු මේ අයට හෙන ඉල්ලන එක අමානුෂික නොවේ.

:       0       42

RaveendraThursday, 09 July 2020 04:09 AM

ඔබගේ අදහස් නිවැරදිය.

:       0       1

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Wednesday, 08 July 2020 04:14 AM

අධ්‍යාපන ක්ෂේත්‍රය මීට වඩා දූෂිතයි. විදුහල්පතිවරු අල්ලස් ගන්නවා. ඒ ගැටලුවත් කඩිනමින් විසඳන්න. හරි විදියට වැටලීම් කරන්න. අපි සහයෛා්ගය දෙන්නම්. විදුහල්පතිවරුන්ගේ වත්කම් පරීක්ෂා කරන්න. ඒ අය පාතාලයට වඩා බරපතලයි. පොලිසියට වඩා දූෂිතයි. පාසල්වල බොහෝ විදුහල්පතිවරු හොරු නොවෙයි, කම්බ හොරු. දූෂිතයෝ නොවෙයි, අමුම අමු දූෂිතයෝ. වැඩේ පටන් ගන්න. අපි සම්පූර්ණ සහයෝගය දෙන්නම්...

:       0       269

lanka Wednesday, 08 July 2020 04:59 AM

මහතැන ඉඳන් පොඩි තැන වෙනකම් හොරකමයි, වංචාවයි. රාජ්‍ය ආයතන ඔක්කොම වගේ දූෂිතයි.. වැඩ නොකර අයිස් ගහනවා කියන්නෙත් හොරකමක්...

:       0       155

kanthiWednesday, 08 July 2020 08:15 AM

රට යැවීමට සම්බන්ධ ආයතනවල ඉන්න නිලධාරින්ගේ වත්කම් පරික්ෂා කරන්න.

:       0       275

Ajith Wednesday, 08 July 2020 05:05 AM

දේශපාලකයින් කෝටි ගණන් හොරකම් කර නිදැල්ලේ සිටින විට මේ අයටත් සිතුවිල්ලක් පහළ වෙන්නැති.

:       0       87

SankaWednesday, 08 July 2020 07:28 AM

අනේ ඇත්ත, අපි සර්ට කියන්නේ... ඔය FCID එකේ තියෙන නඩු ඔක්කොම අහලා ලොකු වුණාට ඉස්සෙල්ලම දඬුවම් දෙන්න. ලොකු තැන හොරු ඉඳගෙන පහළ අයට දඬුවම් දීලා වැඩක් නැහැ.

:       0       438

Perera Wednesday, 08 July 2020 05:37 AM

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොහොමද මත්ද්‍රව්‍ය ජාවාරමක සැක කරුවෙක්ව රඳවාගෙන ප්‍රශ්න කරන්නේ?

:       0       4

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 July 2020 07:16 AM

පොලීසියේ සිටි මේ දූෂිත නිලධාරීන් ඇල්ලීමට වෙහෙස වූ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ අවංක කම මොනවට ඔප්පු කොට තිබෙනවා... එම අවංක නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය. ඔවුන් මේ දේවල් සැඟවුවානම් මේ දේවල් රටට එලි වෙන්නේ නැත. එබැවින් දූෂිතයන් සුළු පිරිසක් කළ වරදට මුළු මහත් පොලිසියටම දොස් නැගීමට අපි අනුවණයෝ නොවෙමු.

:       0       158

Nihal Thursday, 09 July 2020 02:05 AM

දූෂිත නිලධාරීන්ට තම ආයතනය දූෂණය කිරීමට ඉඩදීම අවංක නිලධාරීන් විසින් සිදුකරන දූෂණයක්. වක්‍රාකාරයෙන් ඔවුන් ද වරද සඟවා සිටීම සිදුකෙරෙන වරදකරුවන්.

:       0       1

ධම්මික තේනබදු විජිතපුර ,පැලවත්ත Wednesday, 08 July 2020 07:49 PM

ගිය අවුරුද්දේ වුණු සිද්ධියක් මේ බත්තරමුල්ල පැලවත්තේ තියෙන නාකොටික් එකේ අය අල්ලාගෙන පාසැල් යන වයසේ පිරිමි ළමයි ටිකක් ඊට පස්සේ ඒ ළමයින්ව රිමාන්ඩ් ඵකේ තියාගෙන එයාලා කුඩු බිව්වා කියලා ඒ ළමයින්ගේ ගෙවල්වලට ගිහින් දෙමාපියන්ට කියලා නඩු දාන්නේ නැතුව ගොඩින් බේරගන්න ඕනෙ නම් ඒ ළමයෙකුට ලක්‍ෂ තුනහමාර ගාණේ ගෙවන්න ඕනේ කියලා බය ගන්නලා ඒ අහිංසක දෙමාපියන්ගෙන් සල්ලි අරගෙන ඒ ළමයිව නිදහස් කරලා. මේ සිද්ධියට සම්බන්ධ ඒවත් සොයා බලන්න. මොකද ඒ හිටපු බත්තරමුල්ල පැලවත්තේ තියෙන නාකොටික් එකේ අය මේක දිගටම කරගෙන ගිය සෙල්ලමක්... මිනිස්සු ලැජ්ජාවට, බයට ඒවා කියන්න ගිහින් නැහැ පිටට..

:       0       1041

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31728 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14185 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 207 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site