(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා විදේශ රටවලින් හා සංවිධානවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක් (රුපියල් කෝටි 7,000) වටිනා ණය හා ආධාර ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.
ඒ අනුව ඉකුත් මැයි මස 22 වැනිදා වන විට ලැබී ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 173.6 ක් වන අතර ප්‍රදාන ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75 හා ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක් වටිනා භාණ්ඩ මෙරටට ලැබී ඇතැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බව කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ලෝකයේ විවිධ රටවලින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ලොක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන හා රටවල් මෙම ණය හා ආධාර ලබාදීමට එකඟ වී ඇතත්තවමත් එම ආධාර රජයට ලැබී නැතැයි ද අමාත්‍යවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (2) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම සමහර මුදල් ලබාගැනීම සඳහා අවශ්‍ය සේවා හා භාණ්ඩ ලබාගැනීමෙන් පසු බිල්පත් ඉදිරිපත් කළ යුතු බව කී ඇමතිවරයා මේවා තවමත් ගිවිසුම් පමණක් යැයි ද කීවේය.
කොවිඞ් 19 වසංගතයට මුහුණදීම සඳහා ලැබුණු විදේශ ණය ආධාර පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව කී ගුණවර්ධන මහතා ඒවා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය මෙන්ම වැය කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද කරුණු දැක්වූ බව කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවට රුපියල් 5000 දීපු වැඩබැරි ආණ්ඩුවම ගහයි...
ඵහෙනම් ඉතින් අහවලාට මරු ඇති නේද...? ළඟදීම ඵයා ඵයාගේ රටට යයි ඒ සල්ලිත් අරන්... මොකද සේරම දේපල තියෙන්නෙත් ඇමෙරිකාවේනේ..!!!
ඕවා ගැන කියනකොට මට මතක් වුණේ අර සුනාමි වලට ලැබුණු ආධාරයි, හෙල්පින් හම්බන්තොට ගිණුමයි.
මේවත් ඉතින් සුනාමි ආධාර වගේ පවුලේ සාමාජිකයින්ගේ, ලංකාවේ හා පිටරට ගිණුම්වලට යන සේ වැඩ බලාගනියි.
නැව ඇවිල්ලා.., හොරු කියලා දන්න නිසා තමයි ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ... විනිවිද භාවය සවිස්තරාත්මකව මහජනයාට දැනගන්න සැලැස්වුවා නම් තමයි හොඳ...
ආධාර ටිකට සොරිම තමයි...
කොරෝනා ආධාරෙටත් ඉතින්, සුනාමි ආධාරෙට සිද්ධ වුණු දේට වඩා අමුතු යමක් සිද්ධ වෙනවද මේ සිරි ලංකාවේ?
ලංකාවට දෙන, දුන්නා කියන ආධාර ගැන විපක්ෂෙට තියෙන අමාරුව ජනතාවට තියෙන පාටක් පේන්නේ නැහැ. නමුත් පැහැදිලිවම පේන වෙන දෙයක් තියෙනවා. එක්කෝ මහින්දව පරද්දන්න ගේමක් යනවා. මැද පෙරදිග ශ්‍රී ලාංකිකයින්ට කරන කුඩම්මාගේ සැලකිල්ල එකක්. ඒකෙන් මහින්දගේ ඡන්ද කැඩෙනවා. දෙවෙනි එක එම්සීසී ගිවිසුම හරියටම මේ වෙලාවෙම ඇද ගත්ත එක. ඒකෙනුත් ඡන්ද කැඩෙනවා. හැබැයි පෙනෙන විදිහට, ඒ කියන්නේ පක්ෂ අතරේ වැඩි කලබලයක් නැති එකෙන් පෙනෙන්නේ ජනාධිපති ප්‍රමුඛව වේලාසනම මැකෝ එක්ක ඩීල් එකක් දමාගෙන තියෙන බව. ඒක වහන්න මිනිස්සුන්ට පෙන්නන්න හදනවා මැකෝ පොහොට්ටුවට එරෙහි බව... මහින්දගේ ඡන්ද අඩු කළොත් ඒකට හේතුත් වේලාසනම හදාගෙන මේ දවස්වල ජනතාවට පෙන්වනවා. ඉහත 2ට අමතරව ජනාධිපතිගේ පින්තූරේ දාන්න එපා කියපු එක සහ මැකෝ එක්ක බොරු රණ්ඩුවක් ඇදගෙන තියෙන එක... සියලු පක්ෂ දේශපාලකයින් එකිනෙකාගේ පිට කසාගැසීමේ අනුපාතය අනුව පෙනෙන ඡන්ද ප්‍රතිඵලය නම්, මේ පක්ෂ ඔක්කොම දාගත්ත ඩීල් එකේ හැටියට එක්තරා ප්‍රතිශතයකට අනුව ආසන ගාන බෙදා ගන්න බව... සිනහවට කාරණය නම් සියලු දේශපාලකයෝ හිතා ඉන්නවා ජනතාවට මේක තේරෙන්නේ නැහැ කියලා. මේ බොරුව වෙනුවෙන් තමයි මහජන මුදල් කෝටි 1000ක් නහස්ති කරන්නේ...
දැන්මම හම්බ වුණානම් ඡන්දෙට බඩු බෙදන්න තිබුණා.
මොනවා කියනවද කියලා තේරුම් ගන්න අපහසුයි. සල්ලි ලැබුණා කියනවා, ආයේ කියනවා ගිවිසුම් ගැහැව්වට සල්ලි ලැබුනේ නෑ කියනවා. බඩු අරගෙන බිල් දෙන්න කියනවා. ඕවගේ විනිවිද භාවයත් ඔය විදිහටම වෙයිද මන්දා?
වෙන ආණ්ඩු කාලවල අහන්න නොලැබුණු කතා තමයි මේ පොරොන්දු වුණාට තවම දුන්නේ නෑ. බිල්පත් ඉල්ලනවා වගේ කතා. පාලකයින් ලැජ්ජා වෙන්න ඕනෑ. එයාලගේ කැරැට්ටුව හොඳ නැති නිසා තමයි මෙහෙම කොන්දේසි පිට ආධාර දීලා තියෙන්නේ. එහෙම නොවුණා නම් මේ ආධාර මහජනතාවට නොලැබී පාලකයින්ගේ පුද්ගලික ගිණුම්වලට යන්න ඉඩ තිබුණා. මේ ආණ්ඩුව බලයේ ඉන්නකන් මෙහෙම කොන්දේසි දානවා දකින්න පුලුවන් වෙයි.
එ් කියන්නේ කෝටි 14000කට එහා හම්බවෙලා..
"ඒවා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කරන ආකාරය මෙන්ම වැය කිරීමට බලාපොරොත්තු " මේ විදිහට කියන්නේ හොරු මෙතන ඉන්න එක නේද? මේ මුදල්වලට විතරක් නොවෙයි, රටේ මහජනයාගේ මුදල් විනිවිදබවින් වැයකිරීම රජයයන් සතු පරම යුතුකමකි. මේ මුදල් ආණ්ඩුවේ කිහිප දෙනෙකුගේ බූදලයක් නොවෙයි.
මේ සැරේ ඒකෙන් කීයක් සාක්කුවේ දාගන්නද කල්පනාව... සුනාමි සල්ලිවලට කළ දේ සරත් එන්. සිල්වා කිව්වේ...
"කොරෝනා මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොපමණ මුදලක් ලැබුණාද?"- රනිල් ආණ්ඩුවෙන් අසයි. මෙහෙම අහන්න කොන්ද පණක් තිබුණේ එජාප නායකයෙකුට පමණි. ඇසුව නිසා කිව්වා. ඇසුවේ නැතිනම් මොන විනිවිද භාවයක්ද තියෙන්නේ? අහන්න ඉස්සෙල්ලා කියන්න කොන්දක් තියෙන්න එපැයි.
කොරෝනාවට මුහුණ දෙන්නත් ණය ගත්තද?
මුලින්ම කිව්වා එක ඩොලර් එකක්වත් ලැබුනේ නෑ කියලා.. ඒක හින්දා 5000 දෙනා එ්ක පරක්කු වෙනවා කිව්වා. දැන් කියනවා බඩු අරගෙන බිල් දුන්නම දෙනවා කියලා. කට්ටිය හරි ගාණට බිල් දාලම භාණ්ඩ හා සේවා අරගෙන ඔය සල්ලි ටික අරගනියි.
ඉතින් දැන් තියෙන්නේ ICU ටිකක් වැඩිපුර හදන එක...
මෙයා දුන්නා කියනවා.. තව කෙනෙක් දුන්නේ නැහැ කියනවා.. අනේ අර රෝහිත අබේගුණවර්ධන කියන කෙනාට මේ ලිපිය කියවලාවත් ඉගෙන ගන්න කියන්න. විදේශ ආධාර දෙන්නේ කොහොමද කියලා දැනගන්න. සල්ලි දැක්කාම පෙරේතකමින් ඇස් අන්ධ කරගෙන පල්හෑලි කියවන්නේ නැතිව වගකීමෙන් කතා කරන්න. දැන් ආයෙමත් කියයිද දන්නේ නැහැකීයක්වත් ලැබුණේ නැහැ කියලා...
හොඳ හොද්ද නේද අප්පච්චි...?
ඇමෙරිකානු ඩොලර් මිලියන 252ක්?
ඕකත් සුනාමි ගිණුමට දාන්න.
සල්ලි කන්දරාව දකිද්දී පැණි බේරෙනවා නේද අප්පච්චි? සල්ලිවලට කොච්චර ආසද ඉස්සර ඉඳලම... රෝහිත අබේගුණවර්ධන හිතන් ඉන්නේ විදේශ ප්‍රධානයන් ණය එන්නේ මුහුදින් සහ ගුවනෙන් කියලා. මේවගේ අයද පාර්ලිමේන්තු යවන්නේ? ඡන්දෙ දෙන අය හරක්නේ...
අප්පච්චිට සුනාමිය මතක් වෙනවා ඇති. අනේ සුනාමි අරමුදලට වෙච්චදේ මේකට නොවේවා...!! කොහොමටත් මේක ණය... නමුත් ණය ආධාර කියලා අමුතු නමක් තියලා...
අයියා සුනාමි.., මල්ලි කොරෝනා...