IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පොලිසිය මහේලට අද එන්න එපායි කියයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. කෙසේවෙතත්, ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ය.

2011 ලෝක කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගය පාවා දුන් බවට, හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විමර්ශන ක්‍රියාත්මක වේ.



අදහස් (8)

පොලිසිය මහේලට අද එන්න එපායි කියයි

Galapara Friday, 03 July 2020 04:40 AM

මෙන්න දැන් ක්‍රිකට් තරගය පාවාදීමේ මහින්දානන්දගේ කතාව ආණ්ඩුවට පාරාවළල්ලක් වගේ ඇවිල්ලා තියෙන්නේ. මහේලට දැන් එන්න එපා කියන්නේ ඒකතමයි. මේ ලෝකපූජිත ක්‍රීඩකයින්ට කළේ මොනතරම් අපරාධයක්ද? අපේ තරම් රටට, ජාතියට, තමන්ගේ මිනිස්සුන්ට හරියනවට කැමැති නැති මිනිස්සු ජාතියක් ලෝකෙ කොහෙවත් නැහැ.

:       1       2032

NishanFriday, 03 July 2020 09:21 AM

මේ වගේ වෙලාවක රටේ බොරු ආන්දෝලනයක් ඇති කරලා අපේ වටිනා ජාතික සම්පතක් වගේ ඉන්න ක්‍රීඩකයින්ට සහ විශ්‍රාමික ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ තේරීම් කමිටුවට අපහාස කළාට මේ ආණ්ඩුවේ සෙල්ලක්කාර වගකීම් රහිත දේශපාලකයින්ට විරුද්ධව අපහාස නඩු පැවරිය යුතුයි.

:       0       708

Nimal Friday, 03 July 2020 06:05 AM

නීතිගරුක ශිෂ්ඨසම්පන්න මේ රටේ ජනතාව අප රට බිහිකළ ලෝක පූජිත ක්‍රිකට් ශ්‍රේෂ්ඨයින් හට කරන මේ අපහාසය පිළිකුලෙන් යුතුව හෙලාදකිමු..

:       0       1151

isuru Friday, 03 July 2020 07:09 AM

විලිලැජ්ජයි.., ලංකාවේ දේශපාලකයින් ගැන.

:       0       805

samira Friday, 03 July 2020 07:14 AM

පාහර දේශපාලකයින්ගේ පාහර වැඩ..!!! 

:       0       816

Abey Friday, 03 July 2020 07:16 AM

මේ විමර්ශනයන් නිසා රටට දරන්න වන වියදම මහින්දානන්දගෙන් අය කළ යුතුයි. එවිට වාචාල දේශපාලුවන්ට පාඩමක් වනු ඇත.

:       0       646

Nishan Friday, 03 July 2020 09:23 AM

මේ කලේ ජාතික අපරාධයක්. රටට සහ අපේ වටිනා ජාතික සම්පතක් වගේ ඉන්න ක්‍රීඩකයින්ට සහ විශ්‍රාමික ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ තේරීම් කමිටුවට කළ බලවත් අපහාසයක්... මේ අපහාසය කළාට මේ ආණ්ඩුවේ සෙල්ලක්කාර වගකීම් රහිත දේශපාලකයින්ට විරුද්ධව අපහාස නඩු පැවරිය යුතුයි. එය සැහැල්ලුවට ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටි අගමැතිට විරුද්ධවත් කටයුතු කළ යුතුමයි.

:       0       528

lanka Friday, 03 July 2020 10:46 AM

මහේලව කොහොමත් ප්‍රශ්න කරන්න එපා. මොකද ඔහු අවසන් තරඟයේ 103ක් ගැහුවා වේගයෙන්.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site