(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද(30) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මේ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන විශේෂ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරින් පිටත්ව ආ මෙම පිරිස රැගත් ගුවන් යානය උදෑසන 8.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම ගුවන් මගීන් අතර එරට රැකියා සදහා ගොස් සිටි පිරිසක් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි සිසුන් සිටින බව ද වාර්තා වේ.
මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරුණි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මැලේසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් කටුනායකට
Parakramabahu Tuesday, 30 June 2020 04:32 AM
ඡන්දේට තමයි දැන් මේ ගොල්ලන් ටාර්ගට් කරන්නේ... ඡන්දේ වෙනකල් රට වහගෙන ඉන්න තමයි ප්ලෑන් එක... හෝටල් වලට බිස්නස් එක ලංකාවේ අය ගෙනැල්ලා නිරෝධායනේ කරන්න දෙනවා... හෝටල්වලට වැඩ කරපු අනිත් අයට හුළං තමයි.
pathiranaTuesday, 30 June 2020 09:28 AM
මොකට ටාගට් කරත් මගේ පවුලේ අයගේවත් ඡන්දේ.. මේ ආණ්ඩුවට දෙන්නේ නැහැ. මේ ආණ්ඩුව මැදපෙරදිග ඉන්න අපි මිනිස්සු හැටියට ගණන් ගන්න බැහැ. ලෝකය වටේම ඉන්න කට්ටිය ගෙන්නනවා. නමුත් මැදපෙරදිග අත්හැරලා...
Rifai Tuesday, 30 June 2020 08:25 AM
අපි මෙහෙ කට්ටක් කාලා මවුරටට එන්න. එහිදී නිරෝධායනේ වෙන්න හොටෙල් වලටත් සල්ලි දෙන්නේ නැහැ. මෙහි වේලක් කන්න නැහැ. රූම් 1කට ගෙවන්නවත් සල්ලි නැහැ. අසරණ වෙලා ඉන්නේ. රටට ආවාම තව තවත් අසරණ කරන්න එපා...