( ඩයනා උදයංගනී )
ලංගම හා පුද්ගලික මගී ප්‍රවාහන බස් රථවල ගාස්තු ගෙවීම සඳහා ජූලි මස අවසානයේ සිට පෙර ගෙවුම් ගමන් කාඞ් පතක් හඳුන්වා දෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
මගී ප්‍රවාහන බස් රථවල විශාල පිරිසක් අතර මුදල් පරිහරණය සිදුවන නිසා එහිදී කොවිඞ් 19 වෛරසය මහජනතාව අතර පැතිරීමට ඇති ඉඩකඩක් ඇති බැවින් මෙම පියවර ගන්නා බව ප්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම කාර්ඞ් පත ඉදිරියේදී දුම්රිය ගමනාගමනය සඳහා ද යොදා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පෙර ගෙවුම් ගමන් කාර්ඞ් පත හඳුන්වා දීමෙන් පසුව ලංගම බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්හට වැටුපට අමතරව මාසික දීමනාවක් ද ලබා දීමට පියවර ගන්නා බව කී අමාත්‍යවරයා පෞද්ගලික බස් රථවල රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ට ද එම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් එම බස්රථහිමියන් සමග සාකච්ඡා කරන ලෙස ජාතික ගමනාගමන කොමිසමේ සභාපතිවරයාට උපදෙස් දී ඇතැයි ද කීවේය.
මෙම පෙරගෙවුම් කාර්ඞ් පත සකස් කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවත්, එය ජූලි මස අවසානයේදී හඳුන්වා දිය හැකි බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා තමාට දැනුම් දි ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව දමලා බල කරොත් ඇරෙන්න මාටියා පාර ගහන්න බැරි නිසා කොන්දොස්තරලා ඔය වැඩේ කරන්න දෙන්නේ නැහැ.
පුළුවන් නම් ජුනි අග ඉඳලාම දාන්න.. ඕක දැම්මා නම් කොච්චර ලේසිද අපට...
ලිපියේ වැදගත්ම කොටස කොන්දොස්තර මහත්වරුන්ට හා රියැදුරන්ට වැටුපට අමතරව මාසික දීමනාවක් කියන කොටස.. ඕක දුන්නොත් වැඩේ කෙරෙයි, නැත්තන් ලප් තැන ලොප් වෙයි වැඩේ... මොකද ලාභයක් නැතුව වැඩක් කරවාගන්න හරි අමාරුයි. මගීන්ගෙන් වැඩිපුර ගත්තට ඉන්න කොන්දොස්තර මහත්වරු 90%ක් විතර මනුස්සයෙක්.. රුපියලක් හරි අඩුවෙන් දුන්නත් මරාගන්න හදන අය...
අනේ ඕක කොයි කාලේ ඉඳන් කියන කතාවක්ද?
හත් ඉලව්වේ මිනිස්සු ගැහැණුන්ට දෙන පොරොන්දු වගේ නොවැ.
කොන්දොස්තරවරු අවශ්‍ය නැහැ කාර්ඩ් ක්‍රමේ තියෙනවා නම් ඒ අයගේ මාටියා ගැහිල්ල සදහටම නැති වෙනවා. බෙරිහන් දිදී මිනිස්සු පටවා ගැනීමත් ඉවර වෙනවා.
කොරයි කියලා තමයි බය. ටිකට් එකවත් දෙන්න බැරි මේ ගොල්ලන් කාඩ් එකෙන්ම සල්ලි ගනියි. ඕක නිකං අඟුලාන කිරිබත්ගොඩ බස් එක බොරුල්ලෙන් යවනවා වගේ... අද වෙනකල් ඔය පොලිසිය, අධිකාරිය ඉඳලත් බැහැ.. ඔතනින් බස් එක කොට කොටා තියෙන්නේ නැතුව යවන්න...
මේක අලුත් දෙයක් නෙවෙයි, 122 බස් මාර්ගයේ තමයි අවුරුදු 7ත වගේ කලින් පටන් ගත්තේ, ඊට පස්සේ නුවර දිස්ත්‍රික්කය ඇතුලේ හරසරද මොකක්ද කියල ඕකම කරා. හැබැයි දෙකම අසාර්ථකයි. ප්‍රධාන හේතුව කොන්දොස්තර කියනවා මැෂින් එක කැඩිලා සල්ලි දීල ටිකට් ගන්න කියලා. අපහු මේකම කරන්න කලින් අන්න ඒ වගේ ලෙඩ වලට බෙහෙත් කරලා හිටියනම් හරි.
මම සභාපති කමෙන් අයින්වෙනකොට මහ බංකුව, ලංකා පේ ආයතනය, ලංකා බැංකුව හා මහජන බැංකුව සමග සියළුම අවශ්‍ය දේවල් සකස්කොට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවද තිලකරත්න බණ්ඩා මහතා සමග සකස්කොට අවසන්කොට තිබිණි. අවුරුදු එකහමාරකට පසුව හෝ මෙම තීරණය ගැනීම බස්හිමියා නගාසිටුවීමට මා ගත් උත්සාහයේ ප්‍රතිඵල නෙලාගැනීමකි. ගරු ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාට මේ ගැන මගේ සුබපැතුම්...
මැෂින් කැඩිලා තිබෙන බස් වල ජනතාවට නොමිලේ ගමන් කරන්න පුළුවන් කියල නිතිය දැම්මනම් ඔක්කොම මැෂින් වැඩ කරාවී. ප්‍රශ්න ඉවර වේවි.
මධ්‍යම පළාතේ ක්‍රියාත්මක වුණු දේට මොකද වුණේ? මගදි නැවතුණා නේද?
කොන්දොස්තරලා කාඩ් එක ගහද්දි ගාන වැඩියෙන් ගහනවා. මට ඔහොම වුණු හින්දා තමයි අනික් කාඩ් එක අයින් කරේ...