(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක කුරණ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
මත්කුඩු කිලෝ 6 ග්‍රෑම් 137 ක් සැකකරු සමග පොලිස් භාරයට ගෙන ඇත .
වයස අවුරුදු 45 ක් වූ සැකකරු කටුනායක කුරණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් මෙච්චර ඇල්ලුවා, අරහෙන් මෙච්චර ඇල්ලුවා කියලා අපි දකිනවා. ඒත් එතැනින් එහාට මොනවද වෙන්නේ කියලා හරියට කවුද දන්නේ...? ඇයි මේ දේවල් වල මහ මොළකරුවන්ව නීතියට හසු කරගන්න තාමත් බැරි වෙලා තියෙන්නේ.. නීතියේ දුර්වලතාවයන් නිසාද? එහෙමත් නැතිනම් දේශපාලන බලපෑම් නිසාද?
අන්න අර හාදයා නම වෙනස් කරලලු අර්ජාන් ඇලෙක්සැන්ඩර් කියලා... ඔහෙයිලා තාම දන්නේ නැතෙයි. දැන් කොහොමෙයි උන්දැව කුදලාගෙන මේ රටට ගෙනත් නඩු දාන්නේ..?
මේ ඡන්දෙදි කුඩු මුදලාලිලා, තැබෑරුම්කාරයන් ගෙදර යවමු.
දිගට හරහට කුඩු නම් අල්ලනවා. මේවට මොනවා වෙනවද කියලා කවුද දන්නේ? කුඩු කියන්නේ සල්ලි.. දේශපාලුවන්ගේ සමහර ලොක්කන්ගේ පිහිටෙන් වැඩේ කෙරීගෙන යනවා.
කුඩු විකුණන්නේ අහිංසක දුප්පත් මිනිස්සු... ඒ අය ආරක්ෂා කළ යුුතුයි.
දේශපාලකයාට ඕනෑ රටවැසියන්ව කුඩ්ඩෝ, අබ්බගාතයෝ, මන්ද බුද්ධිකයෝ... එහෙමත් නැතිනම් ගොට්ට අල්ලන අයව බිහිකරන්න මිසක් රටේ දියුණුව පිණීස වැඩ කරන්න නෙමෙයි. රට දියුණු වුණොත් එවුන්ගේ පැවැත්මට බාධාවක් වෙනවනේ.
මෙතෙක් කල් අල්ලපු මත්කුඩුවලට මොකක්ද කළේ...? හරිනම් ගෝල්ෆේස් ගෙනල්ලා මහජනයා ඉදිරියේ විනාශ කළ යුතුයි..
පහුගිය කාලෙ නේවි එකෙන් මුහුද මැදට ගිහිල්ලා ගෙනපු තොගයෙන් කොටසක් වෙන්න බැරිද? මොකද ආවට කළේ? කවුරුවත් දන්නේ නැහැ... මීඩියා ෂෝ විතරයි. හොර පාරෙන් ගෙන්නපු කෙනාගේ ගෙදර යනවා වෙන්න බැරිද?
තවදුරටත් අපි මත්කුඩු අල්ලා ගත් පසු සතුටු වන්නේ නැත. මන්ද එම මත්කුඩු නැවැතත් හොර රහසේම පසුපස දොරෙන් එළියට එනවාද යන්න අපට සැක සිතෙන බැවිනි...
අපි දැන් ගණන් කරලා බැලුවොත්, කුඩුවලට සම්බන්ධ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ මැති, ඇමැතිකම් කරනවද කියලා... අන්න එතන තමයි උත්තරේ..