(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද 15 අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
පකිස්තානයේ ලාහෝර් නුවර සහ පසුව කරච්චි නුවර ගුවන් තොටුපළ දෙකම වෙත ගොස් , ඒවායේ රැදී සිටි මෙම ගුවන් මගීන් පිරිස රැගෙන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1282 දරන විශේෂ ගුවන් යානය අද 15 අලුයම 4.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් පිරිස සහ එම ගුවන් යානා කාර්යය මණ්ඩලය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , පී.සී.ආර්.පරීක්ෂණ සදහා ඔවුන් යොමු කළ අතර , එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අසළ ඇති හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට පහසුකම් සළසා තිබුණි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පකිස්තානයේ සිටි ශ්‍රී ලාංකිකයෝ 129ක් කටුනායකට පැමිණෙති
Indhika Tuesday, 16 June 2020 01:51 AM
බොහොම පරිස්සමින් වැඩ කරන්න. ගිය සතියේ 21 දෙනෙක් ආවා ජපානයේ නරිතා ගුවන්තොටුපළට පකිස්ථානයේ ඉදලා. එයින් 15 දෙනෙක්ට කොරෝනා.