IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


ජූලි 6 වැනිදා සිට දරුවන් යළි පාසලට

(ඩයනා උදයංගනී සහ විනීතා එම්.ගමගේ)

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් යළි විවෘත කිරීම මෙම මස 29 වැනිදා සිට අදියර 4ක් යටතේ සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

‍ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරෙන්නේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණක් වන අතර සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කෙරෙන්නේ ජූලි 6 වැනිදා සිට බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වසරේදී අ.පො.ස උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් පළමු අදිය‍ර යටතේ ජූලි 6 වැනිදා පාසල් විවෘත කෙරෙන අතර අනෙකුත් දරුවන් සඳහා ඉන්පසු අදියරෙන් අදියර පාසල් විවෘත කෙරෙන බව ඇමතිවරයා කීවේය.

කොවිඩ් 19 වසංගතය පැතිර යාම හේතුවෙන් ඉකුත් මාර්තු 15 වැනිදා පාසල් වසාදමනු ලැබූ අතර යළි විවෘත කිරීමට තීරණය කළ ඊයේ (09) වනවිට පාසල් වසා දමා දින 100 ක් ගතව තිබිණි.

ජුනි 29 වැනිදා පාසල් ආරම්භ වන දිනයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන සේවකයින් සියලු දෙනා පාසල්වලට පැමිණිය යුතු අතර දරුවන්ට පැමිණීම සඳහා පාසල් විෂබීජහරණය කර සකස් කිරීම ඔවුන් විසින් සිදුකරනු ඇතැයි ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  
 
දෙවැනි අදියර ජූලි 6 වැනිදා ආරම්භ වන අතර 5, 11, 13 යන ශ්‍රේණිවල දරුවන් පමණක් පාසලට ගෙන්වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.

ජූලි 17 වැනිදා තෙවැනි අදියර ඇරඹෙන අතර, 10 හා 12 ශ්‍රේණිවල සිසුන් පමණක් ගෙන්වීමට නියමිතය.

සිව්වැනි අදියර ජූලි 27 වැනිදා ආරම්භ වන්නේ 3 සිට 9 දක්වා වසරවල සිසුන් සඳහා පාසල විවෘත කරමින් බව කී අමාත්‍යවරයා පස්වැනි පියවර වශයෙන් පසුව 1 සහ 2 යන ශ්‍රේණිවල සිසුන් පාසල්වලට කැඳවන බවත් කීය.

සියලුම පාසල් පෙරවරු 7.30 ට ආරම්භ වන අතර 10, 11, 12, 13 යන ශ්‍රේණිවල සිසුන්ට පස්වරු 3.30 වනතුරු පන්ති පැවැත්වෙන බවත් 6, 7, 8, 9 පන්තිවල සිසුන් පස්වරු 1.30 දක්වාද, 5 වසර සිසුන්ට දහවල් 12 දක්වාද, 3 සහ 4 වසරවල දරුවන් සඳහා පෙරවරු 11.30 දක්වාද  පන්ති පැවැත්වීමට නියමිත බව ද අමාත්‍යවරයා කීය.

මේ අතර අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවැසීය.

5 වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වන ඉරිදා පැවැත්වීමට තීරණය කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.

මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 3,66,783 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 3,34,381 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

ඔහු මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (11)

ජූලි 6 වැනිදා සිට දරුවන් යළි පාසලට

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 09 June 2020 10:37 AM

සතුටට කරුණක් ! ඒත්, බොහොම පරිස්සම් විය යුතුයි නේද ? අනේ මන්දා ...

:       92       307

lal Tuesday, 09 June 2020 11:12 AM

පාසැල් ඇරලා දරුවන්ට කොරෝනා බෝවෙලා ගුරුවරු, ගෙවල් වල සිටින වයසක අය, දෙමව්පියන්ට බෝවුණාම බට කැලේට ගිනිගත්තා වගේ රටපුරා බෝවුණාම මොනවද වෙන්නේ...? තව ටික දවසක් අන්තර්ජාලය හරහා කරගෙන ගිහින් තව ටිකක් ප්‍රමාද කළා නම් නේද හොඳ?

:       86       369

සනත් ඉතාලිය Tuesday, 09 June 2020 01:51 PM

අපෙත් දරුවන් ඉන්නවා පාසැල්‍ යන්න. ඔය කියන දුරස්ථ අධ්‍යාපනය නරක නැහැ.. නමුත් ඒකෙන් දරුවා පාසැලෙන් දුරස් වුනත් යම්කිසි අධ්‍යාපනයක් ලබනවා. සමහරුන්ට අන්තර්ජාල පහසුකම් නැහැ.. වැස්සොත් සිග්නල් නැහැ... අන්තිමට ඒකත් කොළඹට කිරි, ගමට කැකිරි. අදින් ඉදිරියට තවත් මාසයක් තියනවා. හැමෝම පොඩ්ඩක් කැපකරලා පරෙස්සමින් වැඩේ පටන්ගමු. දරුවොත් දැන් බලන් ඉන්නේ පාසල් පටන්ගන්න තුරු...

:       1       39

nimalTuesday, 09 June 2020 10:49 PM

කවුරු මළත් පටන් ගන්න එපැයි. නැත්නම් කොහොමද ඡන්දේ තියන්නේ. රට සාමාන්‍යයි කියලා පෙන්වන්නේ

:       4       5

Ranjith Amarakoon Tuesday, 09 June 2020 11:43 AM

දුරස්ථ අධ්‍යාපනය ඔය කියන තරම් සාර්ථක නැති බව හැමෝම දන්නවා. බේරෙන්න ඕනෑ නිසා එ්ක කරනවා. කොරෝනාව සීයට සීයක් ඉවර වෙන එකක් නොවේ. කොහොම හරි ඉක්මනට ඉස්කෝල පරිස්සමින් පටන් ගනිමු. දුරස්ථ අධ්‍යාපනය සාර්ථක, දක්ෂ ළමයින්ට විතරයි.

:       102       29

p.d goonawardena Tuesday, 09 June 2020 12:26 PM

සියලුම සෞක්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරලා පරිස්සමින් ගිහින් ඉස්කෝලේ වැඩ කටයුතු කරගන්න සියලු දෙනාම හිතට ගන්න. සියලු දෙනාවම සියලු දෙවිවරු ආරක්ෂා කර දෙත්වා...!!!

:       141       52

vipula Tuesday, 09 June 2020 03:36 PM

ලොකු දෙයක්. මුලින්ම උසස් පෙළ පටන්ගෙන බලමු..

:       201       12

Pradeep Tuesday, 09 June 2020 06:26 PM

මෙම වෛරසයට නිසි ප්‍රතිකර්මයක් තවමත් සොයා ගෙන නොමැති නිසා කවදා හෝ මෙම තත්වය පාලනය වනතුරු රටේ එදිනෙදා කටයුතු කල් තැබීම ගෝචර නැත. පවතින තත්වය වටහා ගෙන ඊට සරිලන අන්දමින් එදිනෙදා වැඩ කටයුතු කර ගැනීමට අපට සිදුවනවා. ජනතාවගේ අවබෝධය සහ දැනුවත් වීම ඊට අවශ්‍යයි

:       11       2

amali Wednesday, 10 June 2020 02:27 AM

ළමයිනුත් ටිකෙන් ටික හුරුවෙන්න ඕනේ සෞක්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් සමාජයට අනුගත වෙන්න. අනික අන්තර්ජාල ක්‍රමය හුගක්ම සාර්ථක නැහැ. දෙමව්පියන් දෙන්නම රැකියාවට යන විට ගැටළු තියෙනවා. තාක්ෂණික ගැටලුත් තියෙනවා. ගම්බද දුර පළාත් වලට ගොඩක් අසාධාරණයි ගුරුවරයා සමග පන්ති කාමරයේ වැඩ කරනවා වගේ මේ ක්‍රමය සාර්ථක නැහැ.

:       4       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 10 June 2020 03:32 AM

අනේ ! කොරෝනා කළ විපතක මහත. වෙනදා පාසලේ උඩ පනිමින් දඟලමින්,කෙළි දොළෙන් දුව පැන දඟලු මේ පුංචි සුරතලුන්ට දැන් මුව ආවරණයක් දාගෙන හරියට හුස්මක් කටක් ගන්නට බැරිව මහා ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.ඒත්,මක්කරන්නද පුංචි සුරතල් දරු දැරියනේ .. මේ වසංගතය නීමවෙනකන් මුව ආවරණ දාගෙන සසුක්‍ය අංශ කියනා ආකාරයට තව ටික කලක් ඉඳීමුකෝ.. හොඳේ .. ඔබ සියළුම දෙනාට ජය !!!

:       0       166

thushara Wednesday, 10 June 2020 04:04 AM

1.30 සහ 3.30 ලෙස කොටස් දෙකකට පාසල් අවසන් වීමෙන් පාසල් වෑන් රථ වල පැමිනෙන දරුවන්ට ගැටලුවක් ඇතිවෙනවා නේද? එකම වේලාවක සියලුම දරුවන්ට පාසල් අවසන් කිරීමට කටයුතු කිරීමට නොහැකිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 4 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 181 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 355 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 3509 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 293 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1487 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 647 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site