ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මුල් පුටුව අශෝක් පතිරගේට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන අශෝක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ ඇත. 16 December 2019
රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවයි රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. 15 December 2019
පක්ෂ නායකත්වය ගැන සංශෝධනය සකසන්නැයි රනිල් කියයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට හිමිව තිබෙන බලතල, වගකීම් සහ ධූර කාලය ආදී සියලූ ක්‍රියාපටිපාටියන් ඇතුළත් පක්ෂ ව්‍යවස්ථාවට ගෙන ආ යුතු සංශෝධනය වහාම සකස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතාට අද(15) දැනුම් දුන්නේය. 15 December 2019
සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුදු වෑන් සිද්ධිය සම්බන්ධයෙන් අනාවරණය කළ පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 14 December 2019
‘ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලීමට බුද්ධි මෙහෙයුම් ඕනෑ’ ඉස්ලාම් ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (13) පැවසීය. 13 December 2019
කුලී ගොඩනැගිලිවලින් රාජ්‍ය ආයතන ඉවතට පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන රජයට අයත් ගොඩනැගිලිවලට ගෙනයාමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 13 December 2019
විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට නව ක්‍රමවේදයක් රජයේ විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේදී දැනට දිස්ත්‍රික් මට්ටමින් ඉසෙඩ් අගය වෙනුවට පාසල් පදනම් කරගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 12 December 2019
හිඟ පිළිකා ඖෂධ ගන්න ලැබෙන කෝටි 100 න් 80 ක්ම යන්නේ හිඟ බිල් ගෙවන්න මහරගම අපේක්ෂා රෝහලට හිඟ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් වෙන්කළ රුපියල් කෝටි 100න් කෝටි 80ක්ම කලින් ණයට ලබාගත් ඖෂධ වෙනුවෙන් හිඟ බිල්පත් ගෙවීමට වැය වන බව එම රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ‘ලංකාදීප’ යට ඊයේ (11) පැවසීය. 12 December 2019
වෛද්‍යවරුන් නොමැතිව දියබෙදුම රෝහල වහයි වසර 40ක කාලයක් සිට ගම්මාන 20ක පමණ ජනතාව ප්‍රතිකාර ලබා ගත් ඇළහැර දියබෙදුම ප්‍රාථමික රෝහල වෛද්‍යවරුන් නොමැතිකමින් රෝහල වසාදමා ඇතැයි ගම්වාසීහු කියති. 11 December 2019
කල්පිටියෙන් රත්රන් කිලෝ 10 ක් අත්අඩංගුවට කල්පිටිය කුඩාව වෙරළ තිරයේ දී අද (10) අලුයම රත්රන් කිලෝ 10 ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. 10 December 2019
ජනාධිපති කාර්යාලයේ තිදෙනකුට එරෙහිව විමර්ශනයක් ඕනා පසුගිය ජනාධිපතිවරණ සමයේ දී රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරන ලදැයි කියන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් තිදෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන්නැයි මැතිවරණ කොමිසම ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී ඇත. 10 December 2019
මරණ දඬුවම වළක්වාලන අතුරු නියෝගය මාර්තු 20 තෙක් දීර්ඝ කරයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන මාර්තු 20 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (9) තීන්දු කළේය. 09 December 2019
ස්විස් තානාපති නිලධාරිනිය ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව යයි පැහැර ගැනීමට ලක් වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 08 December 2019
වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිට - දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන වෙරළබඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි දුරකතන ක්‍රියාකාරිනියට තර්ජන එල්ල වී ඇත බවට කරුණු හෙළිවීම හේතුවෙන් එම නිලධාරීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම පොලිස්පතවරයාට නියම කර ඇත. 08 December 2019
බැඳුම්කර හොරුන් නීතිය හමුවට ගේන්නයි කෝප් හිටපු සභාපති ඉල්ලයි මහ බැංකු බැඳුම්කරයේ වෝහාරික විගණන වාර්තා තමා අතට ගෙන ඊට වගකිවයුතු පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොදු ව්‍යාපාර කාරක සභාවේ හිටපු සභාපතිවරයා හැටියට තමා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (8) පැවැසීය. 08 December 2019
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දැන් කතා බෑ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කතාකළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. 07 December 2019
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ. 06 December 2019
මුදල් වංචා කළ ගණකාධිකාරිවරයකුට වසර 367ක සිර දඬුවමක් ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 21කට ආසන්න මුදලක් වංචා කරන ලදැයි ගණකාධිකාරිවරයකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීමෙන් පසු අදාළ චෝදනාවන්ට ඔහුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශිෂී මහේන්ද්‍රන් මහතා, විත්තිකාර ගණකාධිකාරිවරයාට රුපියල් ලක්ෂ 19ක දඩ මුදලක් සහ වසර 367ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (06) නියම කළේය. 06 December 2019
ජනපතිවරණ සමයේ පාසල්වලට සිසුන් ගන්න ලියුම් 427 ක් දීලා ඇමැති ඩලස්ගේ නියමයෙන් පරීක්ෂණයක්.ජනාධිපතිවරණ සමයේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම් සම්බන්ධ කඩිනම් වාර්තාවක් ලබාදෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන්ට නියෝග කර තිබේ. 06 December 2019
විපක්ෂ නායක ධුරය සජිත්ට විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ. 05 December 2019
ශ්‍රී ලංකාවේ ඉල්ලීම සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානයට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරන බව දැනුම් දී ඇතැයි නීතිපති අද (4) ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලට දැනුම් දුන්නේය. 04 December 2019
ෆවුසි අධිකරණයට යන්න සැරැසෙයි තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් තීරණයට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසි මහතා අද (3) පැවසීය. 03 December 2019
‘19 වැනි සංශෝධනය යළි වෙනස් කිරීමට එජාපය කැමතිලු’ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කළ යුතු වෙනස්කම් පිළිබද රජය සමග සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදි අද(02) පැවැසීය. 02 December 2019
‘‘තුනෙන් දෙකේ බලය ලැබුණොත් 19 ඉවත් කරනවා‘‘ දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසමත්කමක් යැයි ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබුණහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ද හින්දු’ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් පවසා ඇත. 01 December 2019
.‘ජාතික පාසල් 274 කට විදුහල්පතිවරු නෑ’ දිවයින් පුරා පිහිටි ජාතික පාසල් 383 න් 274 කටම විදුහල්පතිවරුන් නැතැයි අධ්‍යාපන ක්‍රීඩා සහ තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 01 December 2019
හිටපු කැබිනට් ඇමැතිවරුන්ගේ ගනුදෙනු ඇතුළත් ලිපිගොනුවක් අගමැති අතේ ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන්ගේ ගනුදෙනු සම්බන්ධ තොරතුරු ඇතුළත් ලිපි ගොනු කට්ටලයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හමුවී ඇත. 01 December 2019
‘අපේක්ෂා රෝහලේ බෙහෙත් හිඟය ගැන නොකියන්නැයි හිටපු සෞඛ්‍ය ඇමැති කීවා’ “මහරගම අපේක්ෂා රෝහලේ බෙහෙත් නැති එක ගැන කටහොල්ලන්නට එපා” යැයි හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මැතිවරණයට පෙර තමාට දැනුම්දුන් බව එම රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ, වෛද්‍ය වසන්ත දිසානායක මහතා ලාකංදීපයට අද(01) පැවැසීය. 01 December 2019
මැකෝ ඉල්ලා අස්වීමේ ලිපිය යවයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා ඇත. 29 November 2019
ජල සම්පාදන මණ්ඩලය කෝටි 140 ක් අවභාවිත කරලා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කොළඹින් දකුණු නගර ජල ව්‍යාපෘතිය, මාතර ජල ව්‍යාපෘතිය හා අවිස්සාවේල්ල ජල ව්‍යාපෘතිය යන ජල සම්පාදන ව්‍යාපෘතිවලින් රුපියල් කෝටි 140 කට අධික මුදලක් අවභාවිතා වී ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය කියයි. 28 November 2019
විපක්ෂ නායකත්වය සජිත්ට දෙන්නැයි මන්ත්‍රීවරු 57 දෙනකුගෙන් කතානායකට ලිපියක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලා එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකු අත්සන් කළ ලිපියක් පෙර කතානායකවරයාට භාර දී තිබේ. 28 November 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026