’පාර්ලිමේන්තුව විසුරුවිමේ ගැසට්ටුව ඉවත් කරන්න ජනපතිට නීතියෙන් බලය නෑ’ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගැනීමට ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ජනාධිපතිවරයාට නීතිමය ප්රතිපාදන සලසා දී නැතැයි නීතිපතිවරයා අද (26) ශ්රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියාය. 26 May 2020
බස්නාහිර සිරව සිටි 2000 ක් ගම්බිම් යවති ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස දෙකක දින 66ක් පුරා සිර වී සිටි 2000 පිරිසක් ගම් බිම් බලා යැවීමෙ වැඩ සටහනක් බස්නාහිර පළාතේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් අද (26) උදෑසන පිළියන්දල බස් නැවතුම්පළ භූමියේ දී සංවිධානය කර තිබුණි . 26 May 2020
රූපවාහිනියේ වැටුප් ගෙවන්න කෝටි 20ක ණයක් ශ්රී ලංකා රූපවාහිනී සංස්ථා සේවකයන්ගේ මැයි සහ ජූනි මාසවල වැටුප් ගෙවීම හා අනෙකුත් වියදම් පියවාගැනීම සදහා රුපියල් කෝටි 20ක ණය මුදලක් ලබාගැනීමට තීරණය කර ඇත. 25 May 2020
විවාහ උත්සවයකට උපරිම 100 යි කොරෝනා තත්ත්වය අවසන් වන තුරු පැවැත්වෙන විවාහ මංගල උත්සව සදහා සහභාගී කරවා ගත හැක්කේ උත්සවය පැවැත්වෙන ශාලාවේ ධාරිතාවයෙන් 40%ක් පමණක් වන අතර සහභාගී වන උපරිම පිරිස 100කට සීමා කළ යුතු බව ද සෞඛ්ය අමාත්යාංශයේ පාරිසරික සෞඛ්ය, වෘත්තීය සෞඛ්ය සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් වෛද්ය ලක්ෂ්මන් ගම්ලත් මහතා පැවසීය. 25 May 2020
රුසියාවේ රැදී සිටි ලාංකිකයින් 181 ක් කටුනායකට ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැදී සිටි ශ්රී ලාංකිකයන් 181 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) අලුයම මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ 25 May 2020
කොළඹ ගම්පහ හැර අනෙකුත් දිස්ත්රීක්ක අතර බස් ධාවනය අඟහරුවාදා සිට කොළඹ ගම්පහ දිස්ත්රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්රවාහන කළමනාකරණ අමාත්ය මහින්ද අමරවීර මහතා පවසයි. 24 May 2020
බංග්ලාදේශයේ රැදී සිටි ලාංකිකයින් 276 ක් යළි ශ්රී ලංකාවට බංග්ලාදේශයේ රැදී සිටි ශ්රීා ලාංකිකයන් 276 දෙනෙකු යළි මෙරටට රැගෙන , ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(24) දින අලුයම ඩකා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 24 May 2020
කොළඹට - ගම්පහට ඇඳිරිනීතිය ලිහිල් වෙයි දිවයිනේ සියලු දිස්ත්රික්කවල ඇඳිරි නීතීය මැයි 26 අඟහරුවාදා සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා රාත්රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ක්රියාත්මක වේ. 23 May 2020
තවත් 40ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වීමෙන් ප්රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40දෙනෙකු සුව වී අද(23) දිනයේදී රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පවසයි. 23 May 2020
නොරෝච්චෝල ලක් විජය සේවකයින් කොරෝනා ආසාදිතයින් නොවෙයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ හදිසියේ අසනිපව සිටි පිරිසගෙන් ලබා ගත් ජෛව පටල සාම්පල පිළිබදව ලැබුණු වාර්තා වලින් කිසිවකු කොරෝනා ආසාදිතයින් නොවන බවට සනාථ වි ඇති බව පුත්තලම රෝහල් අධ්යක්ෂ වෛද්ය සුමිත් අත්තනායක මහතා අද (23) දින පැවසිය . 23 May 2020
නොරෝච්චෝල ලක් විජය සේවකයෝ 9ක් හදිසියේ ලෙඩ වෙති නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමින සිටි 600 කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි. 22 May 2020
මැයි 24-25 රටටම ඇඳිරි නීතිය මැයි 24 ඉරිදා සහ 25 සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 May 2020
වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් 2193 දෙනකු නිරෝධායන මධ්යස්ථාන වෙත යොමු කර ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්ර සිල්වා මහතා අද (21) පැවසීය. 21 May 2020
මාලිගාවත්තේ තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මරුට මාලිගාවත්තේ ජනාකීර්ණ නිවාස පෙදෙසක (වත්තක) සිදුවු තෙරපීමකින් කාන්තාවන් තිදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් 9 දෙනකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. 21 May 2020
නාවික භටයන්ට කොරෝනා හැදුණු හැටි තවමත් අබිරහසක් කොරෝනා වයිරසය නාවික භටයන්ට ආවේ කෙසේද යන්න තවමත් අබිරහසක් බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ලංකාදීපයට ඊයේ (20) පැවැසීය. 21 May 2020
5000 දීමනාව ජූනියේදී නෑ කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන් දෛනික ආදායම් අහිමි වූ පවුල්වලට ගෙවනු ලබන දීමනාව ලබන ජුනි මාසයට ගෙවීම දේශපාලන ව්යාපතියක් බවට පත්විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇති බැවින් එම දීමනාව ලබන මාසයේ නොගෙවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. 20 May 2020
උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරුන් දෙදෙනකු හා සිසුන් 14 ක් නිරෝධායනයට 20 May 2020
මැතිවරණය තියන්න බෑ - කොමිසම ශ්රේෂ්ඨාධිකරණයට කියයි රටේ පවතින වත්මන් තත්ත්වය මත ලබන ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්රායෝගිකව හැකියාවක් නැතැයි මැතිවරණ කොමිසම අද (20) ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 20 May 2020
මහින්ද සමරසිංහ ශ්රීලනිපයෙන් නෙරපයි ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්ය මහින්ද සමරසිංහ මහතා එම පක්ෂයෙන් නෙරපා ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. 19 May 2020
කොරෝනා ආසාදිතයන් 1000 ඉක්මවයි ශ්රී ලංකාවේ මේවනවිට හමු වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්යාව 1000 ඉක්මවා ඇතැයි සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය පවසයි. 19 May 2020
වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ප්රකාශකයෙක් පැවසීය. 19 May 2020
රත්නපුරේ අධි අවදානම් කලාපවල ජනතාව ඉවත් කෙරේ රත්නපුර දිස්ත්රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. 19 May 2020
රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක් ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00 වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව ඉක්මවීය. 19 May 2020
මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත් පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනයටත් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. 19 May 2020
විදෙස් ගතවන ලාංකිකයින් ලියාපදිංචිය 20 වැනිදා සිට අරඹයි විදේශ රැකියා සදහා විදේශ ගතවීමට බලාපොරොත්තු වන ශ්රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම මේ මස 20 වැනිදා ආරම්භ කරන බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 18 May 2020
තවත් ලාංකිකයින් 40,000 ආසන්න පිරිසක් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ රටවල් 143 ක සිටින තවත් ශ්රී ලාංකිකයෝ 38,983 කට අධික සංඛ්යාවක් ආපසු මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව විදේශ සබඳතා අමාත්යාංශය පැවසීය . 17 May 2020
හාම්පුතාගේ පැත්තට කතා කළැයි කුළුගෙඩියකින් ගසා දෙදෙනකු මරලා හොරණ අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන් දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය 17 May 2020
පොළොන්නරුවේ වෙළෙන්දෝ සහල් විකිණීමෙන් ඉවත් වෙති සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 960 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්යාව 960 ක් වන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. 17 May 2020
කොරෝනා ආසාදිතයින් 957 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්යාව 957 ක් වන බව වසංගත රෝග විද්යා අංශය සඳහන් කරයි. 16 May 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026