IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක්

අජිත්ලාල් ශාන්තඋදය


ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00  වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව ඉක්මවීය.

ඒ නිසා රත්නපුර ප‍්‍රදේශයට සුලූ ගංවතුර තත්ත්වයක් ඇතිවි තිබෙන අතර පහත්බිම් ජලයෙන් යට වී තිබේ.

පහත්බිම්වල ඇති නිවාස මෙන්ම මාර්ගද ජලයෙන් යට වී ඇත.

රත්නපුර කොළඹ ප‍්‍රධාන මාර්ගය කුරුවිට පැරඩයිස් ප‍්‍රදේශයෙන් පිටාර නිසා ජලයෙන යටවිය.

රත්නපුර නව නගරයේ උසාවි හන්දියේදී කොළඹ රත්නපුර ප‍්‍රධාන පාරට ගස් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවිය.

පසුව එක් මංතීරුවක් ඔස්සේ වාහන ගමන් කරනු ලැබීය.

රත්නපුර ඇඹිලිපිටිය පාරේ තිරිවනාකැටිය ප‍්‍රදේශයේදී නිවසක ආරක්‍ෂාවට තිබු පැතිබැම්මක් අද (19) උදේ කඩා වැටිනි.

රත්නපුර නගරය අවට ඇති වෙරලූප පාර, ගොඩිගමුව, අංගම්මන, මුද්දුව, මුවගම, ඇලපාත, ආදී පහත්බීම් ප‍්‍රදේශවල මාර්ග ජලයෙන් යටවී ගමනාගමන කටයුතු මුළුමනින්ම ඇණහිටිනි.

කලූගගේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ ගිය අතර 19දා පෙරවරු 07.00වනවිට අඩි 15ක මට්ටමක පැවතුනි.

පැයකට පසුව අඩි දාසය හමාර ඉක්මවමින් ගංවතුර අවදානමක් ඇත බවට සලකන මීටර් පහේ සීමාව ඉක්මවීය. ඉන් පසු ජලමට්ටම සීග‍්‍රයෙන් වැඩිවිය.

බඹරබොටුව ගග, වේ ගග, හංගමු ගග, ගලතුර ගග, දෙනවක් ගග, කරු ගග යන ගංගාවල ජල මට්ටම ද සීග‍්‍ර ලෙස ඉහළ ගොස් තිබුණි.



අදහස් (0)

රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 81 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site