විපක්ෂ නායකවරයා රනිල් එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) පැවසීය. 27 November 2019
රාජ්‍ය-නියෝජ්‍ය ඇමැතිවරු දිව්රුම් දෙති නව රජයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වෙයි. 27 November 2019
කල් ඉකුත් වෙන්න ළඟ ඖෂධ තුනක් ලංකාවේ ජීව කාලය අඩු ඖෂධ වර්ග තුනක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ඇතැයි ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද 2018 වසරේ විගණන වාර්තාවේ සඳහන් වේ. 26 November 2019
කරූ දිගටම කතානායක තනතුරේ කරූ ජයසූරිය මහතා ඉදිරියටත් කතානායක ධුරයේම තබා ගැනීමට රජය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. 26 November 2019
සීඅයිඩීයේ නිලධාරීන් 704 කට රට යන්න වැට බඳියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත පොලිස් නිලධාරීන් 704 දෙනෙකු විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට දන්වමින් ආරක්ෂක අමාත්‍යංශය අද(25) ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර තිබේ. 25 November 2019
‘ණයයි පොලියයි ගෙවන්න ආදායම මදි‘ “ලබන අවුරුද්දේ ණය වාරිකයයි , පොලියයි ගෙවාගන්න රජයේ ආදායම මදි වෙනවා. අමාරුකම් විඳගෙන අපි හැම කෙනෙක්ම කටයුතු කරන්න ඕනෑ” යැයි මගී ප්‍රවාහන, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 24 November 2019
සද්භාවයෙන් කරන ක්‍රියාවන් පාරා වලල්ලක් වන්නට ඉඩදෙන්නේ නැහැ ’’රාජ්‍ය සේවකයින් සද්භාවයෙන් කරන ක්‍රියාවන් ඔවුන්ට පාරා වලල්ලක් වන්නට කිසිසේත් අප ඉඩ දෙන්නේ නැහැ. බුද්ධ ජයන්තියට සිල් රෙදි බෙදන්න කියලා මහා සංඝරත්නයෙන් ඉදිරිපත් කල යෝජනාව අනුව එදා විධායක ජනාධිපතිවරයා ලෙස මා දුන් නියෝගය ක්‍රියාත්මක කළ ලලිත් වීරතුංග මහත්තයටයි, අනූෂ පැල්පිට මහත්තයටයි එදා ජම්පර් ඇන්දුවා.’’ යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) දහවල් කුරුණෑගලදී පැවසීය. 23 November 2019
ඇමැති මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. 22 November 2019
මහින්ද අගමැති ධුරයේ වැඩ අරඹයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා සර්ව ආගමික ආශිර්වාද මැද අද (21) සිය ධුරයේ රාජකාරි ඇරඹුවේය. 21 November 2019
මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. 21 November 2019
මැදමුලන නඩුවෙන් ජනපති නිදහස් මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළැයි කියන නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරිමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) නියෝග කළේය. 21 November 2019
නව ආණ්ඩුකාරවරු 6 ක් දිවුරුම් දෙති නව ආණ්ඩුකාරවරු 6 දෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්හ. 21 November 2019
නව ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙති පළාත් ආණ්ඩුකාරවරුන් 9දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද(21) පෙරවරු 8.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතය. 21 November 2019
මහින්ද යළිත් අගමැති තනතුර අබියස වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ ඉල්ලා අස්වීමෙන් පසුව මීළඟ අගමැතිවරයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසී යැයි ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි. 20 November 2019
අගමැති රනිල් අස්වෙන්න තීරණය කරයි එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා අද(20) අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අගමැති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 20 November 2019
අගමැති ඉල්ලා අස්වෙන්න යයි අද පැවැත්වෙන එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත්වනු ඇතැයි එක්සත් ජාතික පෙරමුනේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. 20 November 2019
ජනපති සිය ධුරයේ වැඩ අරඹයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ( 19) සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කළේය. 19 November 2019
‘රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා‘ රටේ ජනාධිපතිවරයා ලෙස ලැබී ඇති විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 18 November 2019
හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 18) දිවුරුම් දුන්නේය. 18 November 2019
ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය. 17 November 2019
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි. 17 November 2019
ගෝඨාභයට විශිෂ්ට ජයක් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ මෙතෙක් නිකුත් කර තිබෙන නිල ඡන්ද ප්‍රතිඵලවලට අනුව 50.68%ක ඡන්ද ප්‍රතිශතයකට හිමිකම් කියමින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී. 17 November 2019
ගණන් කිරීම ඇරඹෙද්දී විදෙස් අවධානය වැඩිවෙයි ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට අවසන් විය. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වුවත් එහි උණුසුම එන්න එන්නම වැඩිවෙමින් තිබේ. ජනාධිපතිවරණයේ හොඳම සටන පැමිණෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වීමත් සමඟය. 16 November 2019
එජාපයේ - පොහොට්ටුවේ දෙපිරිසක් අතර ගැටුමක් - 3 ක් රෝහලේ ඔහිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (16) පොහොට්ටුවේ පිරිසක් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බොරලන්ද ග්‍රාමීය රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 16 November 2019
ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ ලිඳුල නගර සභාවේ උප සභාපති අත්අඩංගුවට ජනාධිපතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් ලඟ තබාගෙන සිටි තලවකැලේ ලිඳුල නගර සභාවේ උප සභාපති ඊයේ (15) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගත් බව තලවකැලේ පොලිසිය පැවසීය. 16 November 2019
ජනාධිපතිවරණ ඡන්ද විමසීම ඇරඹේ ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම අද (16) උදෑසන 7ට ආරම්භ විය. 16 November 2019
ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58ක් සමඟ රියදුරෙක් අල්ලයි ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමට හම්බන්තොට සුචී ජාතික පාසලට පැමිණි වෑන් රථයක ඡන්ද පත්‍රිකාවට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 58 ක් තිබී අද(15) හමු වූ බවත් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවත් හම්බන්තොට මූලස්ථාන පොලිසිය කියයි. 15 November 2019
ජා.නි.පෙ. හලාවත ආසන සංවිධායක අත්අඩංගුවට මැතිවරණයට සම්බන්ධ පෝස්ටර් තොගයක් ළග තබා ගෙන සිටි බව කියන ජාතික නිදහස් පෙරමුණේ හලාවත ආසන සංවිධායකවරයා අද (15) අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි. 15 November 2019
ඡන්දය දෙන්න තාවකාලික හැඳුනුම්පත් ලක්ෂ 2 ක් ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ජාතික හැඳුනුම්පත් අයදුම්පතකට ඇති ඡන්ද දායකයින් වෙත එදිනට (16) පමණක් අදාළ වන පරිදි තාවකාලික අවසර පත් ලක්ෂ 2 ක් මැතිවරණ කොමිසමට බාරදුන් බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 14 November 2019
සිරකරුවන් 267කට ජනපති සමාව බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය. 13 November 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026