යුද හමුදාවේ 243 ක පිරිසක් මාලි රාජ්‍යයට පිටත්ව යති මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ 243 ක භට පිරිසක් අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ. 13 November 2019
වැලිකඩ - අඟුණුකොලපැලැස්ස - බූස්ස බන්ධනාගාර නොසන්සුන් රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 11 November 2019
එම්.සී.සී. ගිවිසුම ගැන විමසන්න පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඇමෙරිකා එක්සත් ජනපද සහස්ර අභියෝග ආයතනය මඟින් ඇමෙරිකා ඩොලර් මිලියන 480 ක් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීමට අනුමැතිය දීමේ ගිවිසුම අත්සන් කිරිමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය වන බව ප්‍රකාශ කරන ලෙසද, එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා තීන්දු කර ඇත. 11 November 2019
‘රුපියල් කෝටි 566 ක් විශ්ව විද්‍යාල 15 ක බැංකු ගිණුම් වල‘ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත. 10 November 2019
පාර්ලිමේන්තුවේ විශේෂ කැඳවීමක් හෙට පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ. 10 November 2019
සේවයට වාර්තා කරන්නයි හෙද හෙදියන්ට ලිපි යවයි හම්බන්තොට නව මහ රෝහලේ නේවාසිකාගාරවල පැවැති අර්බුදය හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටින සියලු හෙද හෙදියන් වහාම සේවයට වාර්තා කරන ලෙස දන්වා පෞද්ගලිකව ලිපි යැවීම සිදුකළ බව හම්බන්තොට මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය මහතා පැවසීය. 08 November 2019
ටීඑන්ඒ සහය සජිත්ට ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කර ඇත. 07 November 2019
එස්.බී.ගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (07) සැක පිට අත්අඩංගුවට ගත් බව ගිනිගත්හේන පොලිසිය පැවසීය. 07 November 2019
කොන්දේසි විරහිතව ‘ටෙලෝ‘ සහය සජිත්ට නව ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සිය පක්ෂය වන ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමට තීරණය කළ බව පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා පවසයි. 07 November 2019
එස්.බී ගේ ආරක්ෂකයන් කළ වෙඩිතැබීමකින් දෙදෙනෙක් රෝහලේ හිටපු අමාත්‍ය ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 06 November 2019
හේමසිරි - පූජිත් යළි රිමාන්ඩ් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන අයවලුන් තවදුරටත් ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (6) නියෝග කළේය. 06 November 2019
‘ජනපතිවරණය අවසන් වන තෙක් ඇමෙරිකා ගිවිසුමට අත්සන් කරන්නේ නෑ’ ඇමරිකාව සමග මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ඉදිරි ජනාධිපතිවරණය තෙක් අත්සන් නොකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද (5) පැවසීය. 05 November 2019
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට 13 දෙනෙක් මුක්කු ගහති ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය. 04 November 2019
ටෙලෝ-ප්ලොට් නායකයෝ අගමැති හමුවෙති දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම හවුල්කාර පක්ෂ වන ටෙලෝ සහ ප්ලොට් සංවිධානයේ නායකයෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(4) හමුවූහ. 04 November 2019
සම්බන්ධන් ඇතුළු පිරිස ගිය වාහනවලට සෙරෙප්පුවලින් පහර දෙති අතුරුදන් වූවන්ගේ ඥාතීන් ආර්. සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් ගමන්ගත් නිල රථවලට අද (03) සවස සෙරෙප්පුවලින් පහරදීමට උත්සහ කළ බව පොලිසිය කියයි. 03 November 2019
බෙලිඅත්තේ ශ්‍රිලනිප රැස්වීම පොලිසියෙන් නවත්වයි බෙලිඅත්ත කාර්මික විද්‍යාල ශ්‍රවනාගාරයේ අද (02) දින පැවැති බෙලිඅත්ත ආසනයේ ශ්‍රී.ල.නි.ප. කාන්තා බල මණ්ඩල රැස්වීම බෙලිඅත්ත පොලීසියේ දැනුම්දීම මත අතරමගදී නවතාලීමට සංවිධායකයින්ට සිදුවිය. 02 November 2019
මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්න එපා ඇමරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ. 31 October 2019
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරුද්ධත්වය ඉවත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (එම්.සී.සී) ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 31 October 2019
ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක් සේවක වැටුප් ගෙවීම පවා අසීරු තත්වයකට පත්ව ඇති ඌව පළාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා හේතුවෙන් පළාත් සභාවට රුපියල් කෝටි ගණනාවක පාඩුවක් සිදුව ඇතැයි පළාත් විගණන දෙපාර්තුමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනයෙන් අනාවරණය වී තිබේ. 31 October 2019
කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් එස්ටීඑෆ් දැලේ කෝටි දෙකක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනකු අද (31) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 31 October 2019
‘ගෝඨාභය ජනපති වූවොත් අගමැති මහින්ද‘ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්රහණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 30 October 2019
සජිත් ජනපති දරන රජයක තමන් අගමැති බව රනිල් කියයි සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරය දරන රජයක තමන් තවදුරටත් අග්‍රාමාත්‍යවරයා බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (30) පැවසීය. 30 October 2019
රජයේ වෛද්‍ය නිලධාරීන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි ඉල්ලීමක් ජනාධිපතිවරණයේ සුපිළිපන්නභාවය ආරක්ෂා කිරීම උදෙසා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් මැතිවරණ රාජකාරිවලින් ඉවත්කරන්නැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය(CMEV) ලිපියක් යොමුකරමින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. 29 October 2019
මරණ දඬුවම වළක්වාලීමේ අතුරු නියෝගය දීර්ඝ කරයි මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරදකරු කර මරණ දඬුවම් නියමව සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක්‍රියාත්මකවීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු නියෝගය ලබන 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 29) තීන්දු කළේය. 29 October 2019
පැෆරල් සංවිධානය සමෘද්ධි අධ්‍යක්ෂකට එරෙහිව නඩු පවරන්න යයි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි. 28 October 2019
පුත්තලමේ පීඩාවට පත් පිරිස 31,318 දක්වා ඉහළට පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 15ක ගංවතුරින් හා මහ වැසි හේතුවෙන් පීඩාවට පත්වු පිරිස අද(28) වනවිට 31,318 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසයි. 28 October 2019
අයි.එස්. නායකයා මියගිය බව ට්‍රම්ප් තහවුරු කරයි අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය. 27 October 2019
අයිසිස් නායකයා මරුට ඇමෙරිකා එක්සත් ජනපදය කළ මෙහෙයුමක් අතරතුරදී අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි මියගොස් ඇති බව ඇමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් පුවත් ආයතන වාර්තා කර ඇත. 27 October 2019
ජනාධිපතිවරයාගේ දිනක වියදමට කෝටි 2 ක් ලබන අවුරුද්දේ මුල්මාස හතරට අදාළව වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කරගත් අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරෝධය දැක්වූ නමුත් එක්සත් ජාතික පක්ෂයත්, ශී‍්‍ර ලංකා පොදු පෙරමුණ වගේම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයද ඊට සහයෝගය දීම නිසා එය සම්මත වූයේ යයිද එමගින් ජනාධිපතිවරයාට පමණක් රුපියල් කෝටි 240ක් අනුමත වූ බවද ජනතා විමුක්ති පෙරමුණ් ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා පැවසීය. 25 October 2019
‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘ හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය. 25 October 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026