ශ්‍රීලනිප සහය ගෝඨාභයට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය. 09 October 2019
කොටුව පොලිසියේ අපරාධ - පාලන ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 08 October 2019
පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නාවට කඩා වැටෙයි පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ඔයට කැඩී ගොස් ඇතැයි වාර්තා වේ. 08 October 2019
අපේක්ෂකයෝ 35 පිළිගැනෙති:විරෝධතා ඉවතට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා සියල්ල පිළිගත් බවත් නාම යොජනා බාරදීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා දෙකම පනතේ විධිවිධාන අනුව ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 07 October 2019
නාම යෝජනා බාර ගැනීම ඇරැඹේ ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාර ගැනීමේ කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹිණි. 07 October 2019
නාමයෝජනා බාර ගැනීමට සියල්ල සූදානම් මෙරට හත් වැනි විධායක ජනාධිපතිවරයා පත්කරගැනීම වෙනුවෙන් නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී අද (7) පෙරවරු 9.00ට ආරම්භ වේ. 07 October 2019
පොහොට්ටුවට එක්වීමේ තීන්දුව ගැනීමේ බලය ජනපති වෙතට ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද (05 වැනිදා) රාත්රියේදී තීරණය කළේය. 05 October 2019
දෙමළ භාෂා ගුරු පත්වීම් කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අත්හිටුවයි ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය මගින් ලබාදීමට සංවිධානය කර තිබූ දෙමළ භාෂා ගුරු පත්වීම් 400ක් පමණ මැතිවරණ කොමිෂන් සභාවේ මැදිහත් වීමෙන් අද (05) දහවල් අත්හිටුවීමට පියවර ගත්බව බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී ජනක වැලිවත්ත මහතා පැවසීය. 05 October 2019
ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය . 04 October 2019
ජනපතිවරණය වළක්වන්නැයි ගොනු කළ පෙත්සම ඉවතට ජනාධිපතිවරණය කැදවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයකු වන මෙත්සිරි ද සිල්වා මහතා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 4) තීන්දු කළේය. 04 October 2019
ජනපතිවරණයේ ගැසට්ටුව අවලංගු කරන්නැයි රිට් පෙත්සමක් ජනාධිපතිවරණය කැඳවමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරන සර්ටියෝරාරිටි රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගාල්ල හිටපු නගරාධිපතිවරයෙකු වන මෙත්සිරි ද සිල්වා මහතා අද (3) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. 03 October 2019
ශ්‍රීලනිපයේ ආසන සංවිධායකවරුන් හෙට කොළඹට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියලු දෙනා හෙට ( 04 ) දහවල් කොළඹට කැඳවනු ලැබ ඇත. 03 October 2019
එජාප විශේෂ සම්මේලනය ඇරැඹේ ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක , එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්ෂකත්වය තහවුරු කිරිම සදහා වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ පක්ෂ සම්මේලනය සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 03 October 2019
වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකෙයි වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර තිබේ. 02 October 2019
කැබිනට් රැස්වීමේදී විරෝධතාකරුවන්ට සහන අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පසුගිය දිනවල විවිධ විරෝධතාවන්ට සහභාගි වූ පිරිස් සඳහා සහන රැසක් ලැබී තිබේ. 01 October 2019
පූජිත්ට ඇප හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය. 01 October 2019
හිටපු පොලිස්පති පූජිත් අත්අඩංගුවට හිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද ( 01) අත්අඩංගුවට ගෙන ඇත. 01 October 2019
ජනපති පරීක්ෂණ කොමිසමේ කාලය දීර්ඝ කරයි රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි කියන වංචා හා දූෂණ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය ඔක්තෝබර් 31 වැනිදා දක්වා දිර්ඝ කිරිමට තීරණය කර තිබේ. 01 October 2019
පොහොට්ටු - ශ්‍රීලනිප හවුලේ තීන්දුව 5 වැනිදාට කල්යයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත්‍රීයේදී තීරණය කර ඇත. 30 September 2019
දුම්රිය වර්ජනය දිගටම දුම්රිය වෘත්තිය සමිති අද (30) පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වීම නිසා වැඩ වර්ජනය හෙට දිනයේදී ද ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති. 30 September 2019
නොරොච්චෝලේ පළමු විදුලි බලාගාර ඒකකය දින 100 ක් වසා දමයි අලුත්වැඩියා කටයුතු හේතුවෙන්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු විදුලිබලාගාර ඒකකයේ කටයුතු තාවකාලිකව නවතාදැමීමට තීරණය කර තිබේ. ජාතික විදුලිබල සැපයුමට මේ හේතුවෙන් මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමිවන බවද පැවසේ. 30 September 2019
හිටපු හමුදාපතිත් ජනාධිපති සටනට ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා මීට සුළු වේලාවකට පෙර නම් කළේය. 29 September 2019
හක්මන පොලිස් නිලධාරීන් 4කගේ වැඩතහනම් හක්මන කිරින්දේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත හක්මන පොලීසියේ සැරයන්වරුන් තිදෙනෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් මහතා ක්‍රියාකර ඇත. 29 September 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනා 8 වැනිදා තෙක් රිමාන්ඩ් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවට ගත් හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් තාරක සෙනවිරත්න යන අය ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කර ඇත. 28 September 2019
රේගුවේ හිටපු ලොක්කන් දෙදෙනෙකු අත්අඩංගුවට හිටපු රේගු අධ්යක්ෂ ජනරාල් ජගත් පේ‍්‍රමලාල් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් රාජපක්ෂ පතිරගේ දොන් තාරක සෙනෙවිරත්න යන අයවලූන් මූල්‍ය විමර්ශන කොට්ඨාසය විසින් අද (27) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 27 September 2019
සජිත්ට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂක ලෙස පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (26) ඒකමතිකව තීරණය කළේය. 26 September 2019
එ.ජා.පෙ.ජනපති අපේක්ෂක සජිත් බව ස්ථිරයි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ඇමති හරීන් ප්‍රනාන්දු මහතා මීට ස්වල්ප වේලාවකට පෙර පැවසීය 26 September 2019
සවස 3 ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නම් කිරීමේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (26) සවස 3ට පැවැත්වේ. 26 September 2019
ලබන ජනවාරියේදී රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් 2020 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තවදුරටත් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ. 25 September 2019
යෝෂිත යළිත් ලුතිනන් තනතුරට වැඩ තහනමට ලක්ව සිටි ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතියට අනුව යළි සේවයේ පිහිටුවීමට අදාළ නියෝගයට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අත්සන් තබා ඇත. 25 September 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026