ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 01 September 2019
රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 31 August 2019
මැදමුලන නඩුව ඔක්තෝබර් 15 දා සිට දිනපතා විභාගයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි. 30 August 2019
දුම්රියේ ලොරියක් ගැටී මගීන් 8 ක් රෝහලේ දෙහිවල පීටර් ලේන් මාර්ගය අසළදී ගඩොල් පටවාගත් ලොරි රථයක් පසු පසට ධාවනය කිරීමේදී කොළඹ සිට මාතර දෙසට ගමන් ගත් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 29 August 2019
එස්බී - ඩිලාන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනිති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක සහ ඩිලාන් පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ. 29 August 2019
සුප්‍රසිද්ධ නඩු 3කට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු 3ක් රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන්ට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී. 28 August 2019
ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිට ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 28 August 2019
දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම් දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 28 August 2019
මඩකලපු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. 27 August 2019
දරු දෙදෙනකු ඝාතනය කර සැකකරු පොලිසියට බාරවෙයි වෙන්නප්පුව , වයික්කාලේ තරුණියක සහ ඇගේ සොහොයුරා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. 27 August 2019
ශ්‍රීලනිපයේ තනතුරු කිහිපයක වෙනසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති. 26 August 2019
නවක වධය දුන් රුහුණු සරසවියේ 19 දෙනා තවදුරටත් රිමාන්ඩ් රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 දෙනා ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (26) නියෝග කළේය. 26 August 2019
වෙලේ සුදා-පොට්ට නව්ෆර්-කංචිපානි බූස්සට වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 25 August 2019
තව්හීත් ජමාත් සමාජිකයෙක් මුරුතවෙලින් අත්අඩංගුවට තහනම් කරන ලද තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල ,මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 August 2019
හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය. 23 August 2019
නවක වදයදුන්නැයි ලක්ෂ හයක වන්දියක් නියම වෙයි ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට, වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23) නියම කළාය. 23 August 2019
රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද අලී සබ්රි මවුලානා මහතා ප්‍රාථමික කාර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (23) දහවල් යළි දිවුරුම් දුන්හ. 23 August 2019
රිය අනතුරකින් 25 කට තුවාල: 4කට බරපතලයි දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 23 August 2019
ඇමතිකම් එපා කියු දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 22 August 2019
අමරවීර පොහොට්ටුවත් ගෝඨාභයත් හමුවීමට සැරැසෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය. 22 August 2019
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ. 22 August 2019
එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් එයාර් බස් හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706 ක පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. 21 August 2019
කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. 21 August 2019
ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ. 20 August 2019
පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ. 20 August 2019
නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. 19 August 2019
කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 19 August 2019
ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක ‘අනුර කුමාර‘ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කළේය. 18 August 2019
ප්‍රධාන අපරාධ සිද්ධීන් 6ක වාර්තා පොලිස්පති සීඅයිඩීයෙන් ඉල්ලයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඝාතන සිද්ධීන් ඇතුළු ප්‍රධාන විමර්ශන හයක විමර්ශන ගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 18 August 2019
සන්ධානය පිහිටුවීම ගැන සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නව පුළුල් සන්ධානය පිහිටුවීමට අදාළව පවත්වනු ලැබූ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 18 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025