(අජන්ත කුමාර අගලකඩ)
දිවයින පුරා පනවා ඇති ඇඳිරි නිතීය සංශෝධනය කරමින්, ලබන සතියේදී දිස්ත්‍රික්ක 21ක ඇඳිරි නිතිය ලිහිල් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වයිරසය හේතුවෙන් දැනට අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයෙන් හතරක් හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මෙසේ ලිහිල් කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ගවලින් පැවසේ.
ඒ අනුව, අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මේ මස අග පමණ දක්වා තවදුරටත් දීර්ඝ කෙරෙන ඇති බවද පැවැසේ.
එසේ වුවද අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ද ලිහිල් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
කොරෝනා වයිසරය පැතිරයාම පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙසේ දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරිනීතිය ලිහිල් කෙරෙනු ඇති බව වාර්තා වේ. මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ලිහිල් කළ ද කොරෝනා වයිරසය පැතිරයාම පාලනය සඳහා වන දැඩි කොන්දේසි පැනවෙනු ඇති බවද සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග කියයි.
බස්නාහිර පළාත සඳහා ඇඳිරි නීතිය මාර්තු මස 20 වැනිදා පැනවූ අතර, එක්වරක් පමණක් ලිහිල් කිරීමෙන් පසුව නැවත පනවනු ලැබීය. එම දිස්ත්‍රික්ක තුනත් පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක තුනත් ඉන් පසුව අධි අවදානම් ප්‍රදේශ ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගනිමිනි.
තවත් දිස්ත්‍රික්ක හතක් අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබූ අතර, කොරෝනා එක් රෝගියකු හෝ වාර්තා නොවුණ දිස්ත්‍රික්ක 12ක් මේ වන විට හඳුනාගෙන ඇත.
එම දිස්ත්‍රික්කවල තත්ත්වය අවදානම් නොවන බවට සෞඛ්‍ය අංශ විසින් දෙන ලද නිර්දේශ සැලකිල්ලට ගනිමින් ඒවායේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා හැකි වන පරිදි මෙම ලිහිල් කිරීම සිදු කෙරනු ඇත.
කොරෝනා අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති දිස්ත්‍රික්ක හයේ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ලබන සදුදා උදේ 6.00 වන තෙක් ක්‍රියාත්මක බවත්, එම දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය යළි ක්‍රියාත්මක වීම පිළිබඳ පසුව දැනුම් දෙන බවත් රජය ඉකුත් බදාදා (15) නිවේදනය කළේය.
COMMENTS
ගොඩාක් හොදයි . ඉතාලියට වෙච්ච දේ වෙයි ළගදීම. තව කල් ඉන්න තියෙන්නෙ එක්කෙනෙක් හරි ඇවිත් ගියොත් ඒ පැත්තට ඔක්කොම ඉවරයි කවදාවත් ඉවර කරන්න බැරිවෙයි... මෙහෙ ඉන්න අය මුලින්ම කරපු නැතිදේට දැන් දුක්විඳිනවා... අපේ මිනිස්සු පස්සට දුක් විදී වගේ. තව සමහරක් අය හරි ආසාවෙන් හිටියේ බැන්නේ මේක අරින්න අඩිරිනිතිය අයින් කරන්න කියලා.... මේකට ලියපු අයත් සතුටුයි ඇති දැන් රටේ ඉන්න මිනිසුන් දුක්විඳින එකට පව් මගේ රටේ මිනිස්සු මන් මෙහෙදි අත් දුටුවා එකයි කියන්නේ...
දැන් මේක තිබුණා හොඳටම ඇති.
පසුගිය මාසය පුරා ආහාර, සබන් සහ කුළුබඩු බෙදා හැරිම ගම්පහ නගරය අවට ක්‍රමවත් නොවීම හේතුවෙන් ජනතාව අපහසුතාවයට පත්ව ඇත. රටේ තත්වය යහපත් වනතුරු ඇඳිරි නීතිය දීර්ග කිරීම හොඳයි..., එත් මිනිසුන්ගේ මුලික අවශ්‍යතා සති දෙකකට වරක්වත් සපයන්න. ඇඳුමක් සෝදා ගැනීමට වත් සිරුරේ ගෑමට වත් සබන් වර්ග නැත.
540/5000 සීමාවන් ක්‍රමානුකූලව අඩු කිරීම නරක අදහසක් නොවේ. ආර්ථිකය ස්ථාවර මට්ටමක තබා ගැනීම සඳහා යම් යම් පියවර ගත යුතුය. සේවකයකු වැඩට නොගෙන සියලුම සමාගම්වලට දිගටම වැටුප් ගෙවිය නොහැක. නිවසේ සිට වැඩ කිරීම සියලුම සමාගම් වලට ගැලපෙන්නේ නැත. එසේම දිගු කලක් තිස්සේ සුභසාධන ආර්ථිකයක් පවත්වාගෙන යාමට රජයට නොහැකිය. එබැවින් විදේශ ආදායම් උත්පාදනය කරන අත්‍යවශ්‍ය සේවා සහ ව්‍යාපාර ආරම්භ කළ යුතුය. කෙසේ වෙතත් රැස්වීම් දැඩි ලෙස පාලනය කළ යුතුය.
ඇඳරි නීතිය ලිහිල්කලා කියල වෛරසය පැතිරීමක් නැතැයි නොසිතා දැනට පනවා ක්‍රියාත්මක සමාජ දුරස්තතාවය තවත් කලක් ක්‍රියාත්මක කිරීමත් ස්වභාව ධර්මයට අනුව කටයුතු කිරීමත් සෑම කෙනෙක්ම තමා අදහන ආගම දහමට අනුව කටයුතු කිරීමත් බෞද්ධයින්නම් අඩුම තරමින් නිති පන්සිල්වත් රැකගෙන සිටියොත් යහපත් යැයි කිවහැකිය
ඉතාලිය ලොක්ඩවුන් කරලා අදට දින 41ක්. තවමත් ආසාදිතයින් 3000-4000ත් හමුවෙනවා. නමුත් මෙහෙත් ලබන සතියෙන් පසු ක්‍රම ක්‍රමයෙන් ජනජීවිතය යථා තත්වයට පත්කරන්න උත්සහ කරනවා වගේම ආර්ථිකය ශක්තිමත් කරන්න කර්මාන්තත් අරඹන්න ලැහැස්ති වෙනවා. ඊටත් වඩා විශේෂ දේ දැන් මිනිස්සු තමන්ගෙ කටයුතු සදහා එළියට එනවා ටික ටික. මැරෙන එක කොහොමත් පොදු දෙයක් කියන හැගීමෙන්. හැබැයි සමාජ දුරස්භාවය තියාගෙන තර්කය ඒඩ්ස් ආපු මුල් කාලෙ ඒකට බය උනා නමුත් බෙහෙතක් නැහැ කිව්වම මිනිස්සු ක්‍රම ක්‍රමයෙන් එක සකරුවෙක් / සහකාරියක් වගේම ආරක්ශක ක්‍රම වලට ගියා. දැන් කවුරුත් ඒඩ්ස් ගණන් ගන්නෙ නැහැ. ඒ වගේ මිනිස්සු මේ වයිරසයටත් හුරුවෙනවා. බෙහෙතක් හොයාගන්නතුරු ආරක්ෂක ක්‍රම භාවිතාකරමින්. මෙයට බෙහෙතක් හොයාගන්නතුරු කිසිම රටකට මෙය බින්දුවට බස්සන්න බැහැ. එතෙක් ලොක්ඩවුන් වෙන්නත් බැහැ. අපි අපිම ස්වයං නීරෝදායන වීම ආරක්ෂක ක්‍රම භාවිතා කිරිම හා නිසිඋපදෙස් අනුගමනය කිරීමයි යහපත්. ලොක්ඩවුන් හොද වගේම රටකට රටක් වශයෙන් මාස ගණන් වසාගෙන සිටීමත් රටකට අහිතකරයි.
දැනගැනීම හොඳයි