IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


රිෂාඩ් ප‍්‍රකාශයක් දෙන්න සීඅයිඩීයට

(නිමන්ති රණසිංහ)

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය.

මන්නාරම ප‍්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයට අදාළව මේ වන විට හිටපු අමාත්‍යවරයා සිය ප‍්‍රකාශය ලබාදෙමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 14 වැනිදා ද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප‍්‍රකාශය ලබා දී තිබූ අතර, අද එහි වැඩිදුර ප‍්‍රකාශ ලබාමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරා වන රියාද් බදියුර්දීන් මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා තබාගෙන ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලබන්නේ පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙනි.



අදහස් (15)

රිෂාඩ් ප‍්‍රකාශයක් දෙන්න සීඅයිඩීයට

ass charya Thursday, 16 April 2020 08:12 AM

අනිවාර්‍යයෙන්. කොරෝනා අස්සේ චන්දෙ තියන්න යන්නේ කියලා මට හිතෙන්නේ.

:       318       290

NuwanThursday, 16 April 2020 08:30 AM

අම්මෝ බයේ බෑ අර රවීට වගේ එහෙම නීතිය තදින් ක්‍රියාත්මක කළොත් එහෙම.

:       87       144

Sisira Thursday, 16 April 2020 10:09 AM

දැන් එහෙනම් කියන්නේ මුකුත් නොකරම නිකම් ඉන්න කියලද? පහුගිය කාලේ දිගටම නැටුවේ මුකුත් කරන්නේ නැහැ කියල. හොයල බලල දෙයක් කරනකොට ඒකත් වැරදිද?

:       35       63

ramaThursday, 16 April 2020 08:52 AM

චන්දෙ තියන එක ආණ්ඩුවේ වැඩක් නෙවේ... මැකෝගේ වැඩක් .... මෙයට ගියවර කට උත්තර දෙන්න අමතක වෙච්ච දෙයක් වෙන්න ඇති...

:       4       14

athuraFriday, 17 April 2020 05:52 AM

මේකත් ගිය ආණ්ඩුවේ තාජුධීන් වගේ තමයි දිනෙත් එක්ක ලියලා තියාගන්න මෙයාට මොකුත් වෙන්නේ නැහැ.

:       0       2

deThursday, 16 April 2020 12:28 PM

ඡන්දය තියන්න බලය තියෙන්නේ ඔයාලගේ කොමිසමට.

:       0       0

Wasantha Thursday, 16 April 2020 08:43 AM

මේ පාර ඒ සෙල්ලම් නැහැ. බලාගෙන ඉන්න. හැමදේම නෙගටිව් විදිහට බලන විදිහ අත්හරින්න අපේ මිනිස්සු පුරුදු වෙන්න ඕන.

:       37       76

Raveendra Thursday, 16 April 2020 08:49 AM

නරින්ගෙන්, හිවලුන්ගෙන් , වල් ඌරන්ගෙන් උදව් අරගෙන " බලේ රැකගත්ත සහ බලය නැවතත් රැක ගැනුමට මාන බලන " සියලුම පාපතර දෙෂත්ද්‍රෝහී දේශපාලුවන් මෙම පාපයට අඩු වැඩි නැතිව අතගසා ඇති බව සදහන් කිරීමට කැමැත්තෙමු. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව දියවන්න වලේ පට්ටියේ 225 ටම සම්පුර්ණයෙන්ම කියවීමට හැකිවේවා !! "එකෙකුටවත් " මෙම පාපකර්මයෙන් මිදිය නොහැක. තාත්ත කිව්වා නිසා මම එදා වැසිකිලියටවත් ගියේ නැහැ කිව් කෙනාටත් මෙය කියවීමට හැකිවේවා !!!

:       1       651

de silva Thursday, 16 April 2020 09:08 AM

චන්දෙට කලින් මෙවැනි නාඩගම් හැමදාම තිබෙනවා. වැඩිම උනොත් දවස් 14 රිමාන්ඩ් කරලා තියාවි ඊට පස්සේ නිදහස් කරාවි... අවුරුදු 2-3 යනකොට සිද්ධිය කාටත් අමතක වේවි...

:       200       180

Ajantha Thursday, 16 April 2020 09:11 AM

මේ අයව හුරතල් කරන්න එපා. යක්කු.

:       71       141

Nimanthi Thursday, 16 April 2020 09:36 AM

ඔහොම්මම ඇතුලට යමන් කියල කුදලන් ගිහින් දාන්න තියෙන්නෙ කරලා තියෙන අපරාධ වල හැටියට...

:       65       110

Kumar (Galf)Thursday, 16 April 2020 03:47 PM

නිමන්ති කියල තියෙන එකට අන්ලයික් කරපු එවුනුත් ඉන්නවනෙ. එකත් එකටම එක්කො සිරිකොතේ රෙදි අපුල්ලන එවුන් එහෙමත් නැත්තන් අලියගෙ නැට්ටේ එල්ලිලා ඉන්න සීනු කාරයො. කොහොමත් ඉතින් දැන් රටම දන්නවනෙ රතු අලින්ටයි සිරිකොතේ බත් බැලයින්ටයි රටක් තිබුනත් එකයි, නැතත් එකයි බඩ පිරෙනව නම් කියල....

:       52       75

විපරමා Thursday, 16 April 2020 09:44 AM

සමහර දුශිත දේශපාලුවොත් මේ වගේ රගපෑම් කරලා දැන් නිදහසේ ඉන්නෙ...

:       1       61

Wca Thursday, 16 April 2020 11:58 AM

මෙක අදරදගුරුතුමා හින්ද තමයි ඔක ඇදගෙන යන්නෙ. නැත්තන් මෙලහකට අපිටත් අමතක වෙලා දෙවැනි පාරටත් ඕකුන් ගහලා...

:       6       26

Sirisena Thursday, 16 April 2020 02:20 PM

එහෙම බැලුවම අර 20 % කෝමිස් ගහපු කෙනා අයෙමත් ලංකාවට බිලියන් ගණන් ආධාර ලැබෙන තැනක වැඩි උනේ ..එයටත් කොච්චර හොරකම් නඩු තියෙනවද ,ගෙවල් එහෙම ...කෝ නඩු ...මෙයාල සේරම කරන්නේ මාර රංගනයක් ,අපි හැමෝම රැවටෙනවා 225 ම එකතුවෙලා ගේම ගහන්නේ ,අනික බදුර්දීන් කියන්නේ ඒ ගොල්ලොම ගෙනාපු අය, ඉතින් මේක පොඩි ටෙලියක ජවනිකාවක්..

:       56       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 418 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2188 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site