(නිමන්ති රණසිංහ)
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතා ප‍්‍රකාශයක් ලබා දීම සදහා අද (16) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සෙනාරත්න මහතා පැවසීය.
මන්නාරම ප‍්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණයට අදාළව මේ වන විට හිටපු අමාත්‍යවරයා සිය ප‍්‍රකාශය ලබාදෙමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 14 වැනිදා ද හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය ප‍්‍රකාශය ලබා දී තිබූ අතර, අද එහි වැඩිදුර ප‍්‍රකාශ ලබාමින් සිටින බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ බාල සොහොයුරා වන රියාද් බදියුර්දීන් මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රදවා තබාගෙන ප‍්‍රශ්න කිරිම් සිදුකරනු ලබන්නේ පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්‍යයෙන්. කොරෝනා අස්සේ චන්දෙ තියන්න යන්නේ කියලා මට හිතෙන්නේ.
මේ පාර ඒ සෙල්ලම් නැහැ. බලාගෙන ඉන්න. හැමදේම නෙගටිව් විදිහට බලන විදිහ අත්හරින්න අපේ මිනිස්සු පුරුදු වෙන්න ඕන.
නරින්ගෙන්, හිවලුන්ගෙන් , වල් ඌරන්ගෙන් උදව් අරගෙන " බලේ රැකගත්ත සහ බලය නැවතත් රැක ගැනුමට මාන බලන " සියලුම පාපතර දෙෂත්ද්‍රෝහී දේශපාලුවන් මෙම පාපයට අඩු වැඩි නැතිව අතගසා ඇති බව සදහන් කිරීමට කැමැත්තෙමු. මෙම අදහස් කිසිදු වෙනසකින් තොරව දියවන්න වලේ පට්ටියේ 225 ටම සම්පුර්ණයෙන්ම කියවීමට හැකිවේවා !! "එකෙකුටවත් " මෙම පාපකර්මයෙන් මිදිය නොහැක. තාත්ත කිව්වා නිසා මම එදා වැසිකිලියටවත් ගියේ නැහැ කිව් කෙනාටත් මෙය කියවීමට හැකිවේවා !!!
චන්දෙට කලින් මෙවැනි නාඩගම් හැමදාම තිබෙනවා. වැඩිම උනොත් දවස් 14 රිමාන්ඩ් කරලා තියාවි ඊට පස්සේ නිදහස් කරාවි... අවුරුදු 2-3 යනකොට සිද්ධිය කාටත් අමතක වේවි...
මේ අයව හුරතල් කරන්න එපා. යක්කු.
ඔහොම්මම ඇතුලට යමන් කියල කුදලන් ගිහින් දාන්න තියෙන්නෙ කරලා තියෙන අපරාධ වල හැටියට...
සමහර දුශිත දේශපාලුවොත් මේ වගේ රගපෑම් කරලා දැන් නිදහසේ ඉන්නෙ...
මෙක අදරදගුරුතුමා හින්ද තමයි ඔක ඇදගෙන යන්නෙ. නැත්තන් මෙලහකට අපිටත් අමතක වෙලා දෙවැනි පාරටත් ඕකුන් ගහලා...
එහෙම බැලුවම අර 20 % කෝමිස් ගහපු කෙනා අයෙමත් ලංකාවට බිලියන් ගණන් ආධාර ලැබෙන තැනක වැඩි උනේ ..එයටත් කොච්චර හොරකම් නඩු තියෙනවද ,ගෙවල් එහෙම ...කෝ නඩු ...මෙයාල සේරම කරන්නේ මාර රංගනයක් ,අපි හැමෝම රැවටෙනවා 225 ම එකතුවෙලා ගේම ගහන්නේ ,අනික බදුර්දීන් කියන්නේ ඒ ගොල්ලොම ගෙනාපු අය, ඉතින් මේක පොඩි ටෙලියක ජවනිකාවක්..