විනීතා එම් ගමගේ
කොළඹ නගරයේ වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන පවතින තත්ත්වය සමහන් වූ පසු යලි විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.
සේවකයන් යලි සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඔවුන්ට රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව දිය යුතුබවට ද එම කමිටුව තීරණය කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල් විශාල පුමාණයක් ඇති බවත් ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙන බවත් එම වයිරසය ශරීර ගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමිටුව පෙන්වා දී තිබේ.
COMMENTS
ප්‍රායෝගිකව කරන එක පහසු නෑ. ඒත් ඉතාම වටිනා තීරණයක්.
ඒ අය කම්හලේම නවතිනවද? වැඩ ඉවරවෙලා ගෙදර යනවද? එතකොට ඊළඟ දවසෙත් කම්හලට එන්න කලින් PCR test කරනවද?
පාසල් විවෘත කරන කොටත්, ශිෂ්‍යයන් සහ ගුරුවරු සදහාද මෙම පරීක්ශනය කරන්න...
හොද තීරණයක්... එක පරීක්ෂණයකට යන්නේ 6000ක් විතර.. රෝගය පැතිරුනොත් එමගින් ඇතිවන පාඩුව අතිවිශාලයි. අපි හිතන්න ඕනේ දුරළඟ නෙවෙයි.
කවුද ගෙන්නේ මේකට? එක පරීක්ෂණයක් 5000 ක් විතර වෙනවා.
ආසාධිතයන් තවමත් හමුවන මොහොතක කර්මාන්තකරුවන් සතුටු කිරීමට යාමෙන් විශාල ව්‍යවසනයක් ඇතිවිය හැකිය. PCR ටෙස්ට් එක එක්වරක් කිරීමෙන් සෑහීමකට පත්විය හැකිද? සේවකයන් සඳහා නවාතැන් පහසුකම් සපයා දුන්නත් ඹවුන්ගේ රාජකාරි වේලාවෙන් පසුව කරනු ලබන ගමන් බිමන් සොයා ඛැලීමේ වගකීම භාර ගන්නේ කවුද?
නැවතත් පරිසර දූෂණය පටන් ගනී.