බිමල් ශ්‍යාමන් ජයසිංහ
කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියක ට විකිණීමට භාරදී තිබූ මුඛ ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය කියයි.
ෆාමසි හිමිකරු එහි සේවය කරන ඖෂධවේදීන් දෙදෙනා ඔවුන්ගේ නිවෙස්වලම නිරෝධායනයට ලක් කළ බව පොලිසිය කියයි.
ඉකුත් 5 වෙනි දින මෙම මුඛ ආවරණ තොගය එම පුද්ගලයන් දෙදෙනා ෆාමසියට රැගෙනවිත් තිබූ බව පොලිසිය සඳහන් කරයි .
ඒ පිළිබඳ ලද තොරතුරු අනුව දෙහිවල- ගල්කිස්ස මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු සමග අදාළ ෆාමසිය වෙත ගොස් මුඛ ආවරණ පොලිස් භාරයට ගත් බවත් ඒ වන විට එම මුඛ ආවරණ තොගයෙන් එක් මුඛ ආවරණයක් හෝ විකිණී නොතිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත .
මුඛ ආවරණ රැගෙන ආ වාහනේ රියදුරු ලෙස සිට ඇත්තේ එම කාන්තාවගේ දෙවෙනි පුත්‍රයා බවත් විමර්ශන වලදී හෙලි වී ඇත.
නිරෝධායනයට ලක් කළ පිරිස වැල්ලවත්ත සහ කළුබෝවිල පදිංචිකරුවන් ය .
කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එච්.හැරිසන් මහතා පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මේ මුඛ ආවරණ ගෙනාපු ඒ පින්වත් රන් කද තම මවට මෙම රෝගය වැළදී තිබුණු බව දැන දැන විකිනීමට ගෙනාවේද යන්න ගැටලුව කිසිවෙකු හට පැන නොනගින්නේද?
දැන් මේ සිදුවීම අහඹු සිදුවීමක්ද? එහෙමත් නැත්නම් හිතාමතාම කොරෝන වියාප්ත කිරීමේ අරමුණෙන් සිදු කරන ලද්දක්ද?
ගැඹුරු විමර්ශන සිදු කර මෙවැනි දේ සොයා ගත් නිලධාරීන් සියලු දෙනා ට අපගේ ප්‍රණාමය....!
විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංග මහතා කිව්ව කාරණය දැන් සනාථ වෙනවා. මුඛ ආවරණයත් සාමාන්‍ය ජනතාවට ආගන්තුක දෙයක්. හරිහැටි නොදැන භාවිතා කරන්න යාමෙන් හොඳට වඩා අනතුරු සිදුවීමට පිළිවන.
මෙම ආවරණ දෙකක් එක් කොට කාන්තාවන් සඳහා නිමි ඇඳුමක් නිර්මාණය කර බෙදා දෙන්නෙමු
සෞඛ්‍ය උපකරණ වලට ප්‍රමිතියක් තිබිය යුතුයි. මහජනයා වෙනුවෙන් කියා මේ වගේ ඒවා මහලා නොමිලේ බෙදන පුද්ගලයින් සංවිධාන සහ දේශපාලන ව්‍යාපාරයත් තියෙනවා. ඇතැම් විට මේ මගින් වන සේවාවට වඩා විශාල විනාශයක් විය හැක. පැළදීමට පෙර මේවා විෂබීජහරණය කර ගැනීමට මහජනයා දැනුවත් කිරීම සුදුසුයි.
මුඛ ආවරණත් සමග ෆාමසිය පැය 48 ක් වහල තිබ්බනම් ඇති නේද? අහල තියන විධියට නම් පැය 48 කට වඩා වයිරසය මොකකවත් රැදී තිබෙන්නේ නැහැ.
මෙම ෆාමසියට මුද්‍රා තියපු එක ගොඩක් හොදයි... නැතිනම් කී දෙනෙක් දන්නැතිව ගන්නවද?