එජාපයේ ජනපති අපේක්ෂකයා සජිත් එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2019
දිල්රුක්ෂිගේ වැඩ තහනම් කරයි ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාදයක් පැවැත් වූ බව කියන සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ රාජ්‍ය සේවා කොමිසන් සභාව අද (24) තහනම් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. 24 September 2019
අධික වැස්සෙන් 45,000 ක් පීඩාවට දින කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි සමග දකුණු හා බස්නාහිර පළාත්වල ඇතිවූ ගං වතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහක පවුල් 11,387කට අයත් 45,031 දෙනෙක් පීඩාවට පත්ව සිටින ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 September 2019
ගාල්ලේ ගම් දෙකක වැසියෝ නිවසටම කොටුවෙති මහ වැසි හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහ හපුගල පොල්දූව වත්තේ පවුල් 76ක් සහ පින්නකොල දූව වත්තේ පවුල් 28ක් කොටුවී සිටිතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 24 September 2019
ගංවතුරෙන් මාතර පවුල් 800 ක් අවතැන් මාතර දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන ගංවතුර තත්වය හේතුවෙන් මේ වන විට පවුල් 800 ක පුද්ගලයින් 3280 දෙනෙකු පීඩාවට ලක්ව ඇති බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා සම්බන්ධීකරණ නිලධාරී අනුජන්ත විදානගේ මහතා පැවසීය. 24 September 2019
ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්:30-31 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා ඔක්තෝබර් 30 සහ 31 දෙදින නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත. 24 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය ඇතුළු 8 දෙනා නිදහස් ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය. 23 September 2019
‘දුරකතන සංවාදය ඇත්ත එකක්‘ නිශ්ශංක සේනාධිපති මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට මුදා හළ බව කියන වීඩියෝවේ අඩංගු දුරකතන සංවාදය ඔහු සමඟ තමා පැවැත්වු එකක් බව සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා හමුවේ පිළිගෙන ඇතැයි වාර්තා වේ. 22 September 2019
පෞද්ගලික ඉඩම් නිදහස්කරන්න’යි උතුරු ආණ්ඩුකාරයා හමුදාපතිගෙන් ඉල්ලයි ආරක්ෂක හමුදාව භාරයේ පවතින පෞද්ගලික අයිතිකරුවන්ගේ ඉඩම් හැකිතාක් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙසත් ජාතික ආරක්ෂක කටයුතු වෙනුවෙන් නිදහස් කළ නොහැකි ඉඩම් ප්‍රකාශයට පත්කරන ලෙසත් උතුරු පළාත් ආණ්ඩුකාර සුරේෂ් රාඝවන් මහතා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. 22 September 2019
ජනපතිවරණය අවසන්වන තෙක් රාජ්‍ය දේපළ භාවිතය තහනම් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 20 September 2019
සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමු වෙයි මාතර බෙරලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුගිරිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවා සිටියදී අද (20) සොයාගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි. 20 September 2019
රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ. 20 September 2019
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කැබිනට් ඇමැතිවරුන්ගේ විරෝධය විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් අද (19) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ. 19 September 2019
සුදුවෑන් රථවලින් ආ පිරිසක් සමූපකාර නිලධාරියකු පැහැර ගනිති මාතර, ඌරුබොක්ක බෙරලපනාතර ප්‍රදේශයේ විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලයෙහි නිලධාරියකු අද (19) සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් බෙරලපනාතර නගරයේදී පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි. 19 September 2019
ජනාධිපතිවරණය නොවැම්බර් 16 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිසන් සභාව අද (18) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇත. 18 September 2019
පෙට්‍රල් ආනයනය සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට කැබිනට් අනුමැතිය පෙට්‍රල් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 18 September 2019
තාවකාලික, අනියම්, කොන්ත්‍රාත් සේවකයින්ට ස්ථිර පත්වීම් සඳහා අනුමැතිය රාජ්‍ය ආයතන සදහා තාවකාලික, අනියම් (දෛනික) , ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බදවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 18 September 2019
හිස්බුල්ලාත් - පුතාත් කෝප් කමිටුවෙන් කට්ටි පනිති මඩකලපුව විශ්ව විද්‍යාලය හා ඊට අනුබද්ධ හීරා පදනමේ ප්‍රධානීන් වන නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ ඔහුගේ පුත් හිරාස් හිස්බුල්ලා යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුව හමුවට අද (17) දිනයේදී කැඳවා තිබුණ ද ඔවුහු ඒ හමුවේ පෙනී නොසිටියහ. 17 September 2019
‘ජනපතිවරණයට එනවා නම් විධායක ජනපති ධුරය අහෝසි කිරීමටයි’ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයකින් නිකුත් කරමින් කියා සිටී. 17 September 2019
‘‘නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ‘‘ නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබාදුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල්වලට ආගිය අතක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ප්‍රකාශ කළේය. 16 September 2019
‘රජය බලාපොරොත්තුවූ ඉලක්ක සම්පුර්ණ කරන්න බැරි වුණා‘ කෘෂිකර්ම අමාත්‍යාංශය ඩි.පී.ජේ ගොඩනැගිල්ලට ගෙන යාමත්, පාර්ලිමේන්තු කාරක සභාව ගොවිජන මන්දිරයේ පිහිටුවීමත් මගින් රජය බලාපොරොත්තු වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ බව අග්‍රාමාත්‍යවරයා අද ( (16) ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය. 16 September 2019
අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස, එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප්‍රකාශ කළැයි ද ඒ සියළු කරණා සළකා බලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ජනපතිවරණ අපේක්ෂකයා නම් කරන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ අද (15) පැවැසීය. 15 September 2019
‘සාකච්ඡා සාර්ථකයි’ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ සමඟ කළ සාකච්ඡාව ඉතා සාර්ථක බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීපයට පැවැසීය. 15 September 2019
දෙමටගොඩ නිවසක පිපිරීමක් දෙමටගොඩ මහවිල පාරේ නිවසක අද (15) උදෑසන සිදු වූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 15 September 2019
ශ්‍රීලනිපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 5කගේ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 05 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය. 14 September 2019
හිටපු නියෝජ්‍ය ඇමතිගේ නියෝගය ක්‍රියාත්මක නොකළ නිලධාරීන් 5 කට ස්ථාන මාරු ඇල්පිටිය ප්‍රදේශයේ පාසල්වල විද්‍යාගාර විවෘත කිරීමේ උත්සව කිහිපයක් ඇතුළුව ගාලු දිස්ති‍්‍රක්කයේ පැවැත්වෙන උත්සව ආවරණය කරන මෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් නිලධාරින් පස් දෙනෙකු දුෂ්කර පළාත්වලට මාරු කළ බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ඒකකයේ නිලධාරින් පස් දෙනෙක් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත. 13 September 2019
කංජිපානිගේ පියා- සොහොයුරා ඇතුළු 6 දෙනා රිමාන්ඩ් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර දීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 25 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(13)නියෝග කළේය. 13 September 2019
කංජිපානිට දුරකතන ලබා දීමට ගිය පියා-සොයුරා ඇතුළු 6ක් අත්අඩංගුවට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ට ආහාර බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර ලබාදීමට තැත්කළ පුද්ගලයන් හයදෙනෙකු අද (12)දහවල් බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. 12 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවෝ 13 දෙනාට සිතාසි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කළේය. 12 September 2019
තිරිඟුපිටි මිල අඩු කිරීමට ප්‍රීමා සමාගම එකඟ වෙයි වැඩි කළ තිරිඟුපිටි මිල නැවත අඩු කළ බව ප්‍රීමා සමාගම කියයි. 12 September 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026