ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. 18 August 2019
බාල වයස්කරුවන්ටත් සහරාන්ගෙන් අවි පුහුණුව රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 ක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 16 August 2019
සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප්‍රකාශයක් දුන්නාය. 15 August 2019
වැව් තාවුල්ලේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය යළි ගොඩගනී සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඉබ්බන් වැව් තාවුල්ලේ සමගිපුර ඉඩමක හොර රහසේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය තොගයක් නැවත ගොඩගෙන වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටි ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 15 August 2019
කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සදහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 August 2019
2015 වසරට පෙර ජනපති කාර්යාලයෙන් කෝටි 440 ක හිඟයක් 2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය. 13 August 2019
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි. 13 August 2019
ගාමිණි ජයවික්‍රම අද එන්න බෑ කියයි රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම් සභාව හමුවේ අද (13) දින පෙනී සිටීමේ හැකියාවක් නොමැති බවට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා එම කොමිසම වෙත දැනුම්දීමක් සිදුකර තිබේ. 13 August 2019
සැමට ජය ලැබෙන සංවර්ධන ක්‍රමයක් ඇතිකරනවා සෑම කෙනෙකුම ජයග්‍රහණය කරවන සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 August 2019
පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව පොදුජන පෙරමුණු නායක , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය. 11 August 2019
පොහොට්ටුවේ නායකත්වය මහින්ද රාජපක්ෂට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පත් කෙරිණි. 11 August 2019
පොහොට්ටුවේ සම්මේලනය ඇරැඹේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 11 August 2019
පොහොට්ටුවේ සම්මේලනයට ශ්‍රීලනිපයෙන් කණ්ඩායමක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා සම්මේලනය විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරු 3.00 ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. 11 August 2019
කොල්ලකරුවන්ගේ වෙඩිල්ලෙන් ඉන්ධන හලේ සේවකයා මරුට පොල්ගහවෙල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොඩවෙල පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි කොල්ලකරුවන් පිරිසක් කළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් ඇතැයි පොලසිය කියයි. 11 August 2019
කුරුණෑගල නගරාධිපති රිමාන්ඩ් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා සැප්තැම්බර් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය නියෝග කළාය. 09 August 2019
සහරාන්ගේ කල්ලියේ කෝටි 113ක මුදල්-දේපළ අත්හිටුවයි පාස්කු දින මරාගෙන මැරෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළ ජාතික හවුහිත් ජමාද් ත්‍රස්ත සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් ඇතුලූ එම කල්ලි සාමාජිකයන් ගේ රුපියල් කෝටි 113 ක මුදල් හා දේපළ අත්හිටුවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 08 August 2019
ලිට්රෝ නඩුවෙන් ගාමිණී සෙනරත් නිදහස් ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා පැවරු නඩුවෙන් හිටපු ජනපති කාර්යය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ නියෝග කළේය. 08 August 2019
ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාර 6 ම වසා දමයි ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය යළිත් වරක් අක්‍රීයවීමෙන් ශල්‍යාගාර 6 ම අද (7) වසා දැමීමට සිදුවීම මත සියලුම ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇත. 07 August 2019
කඩු - පිහි බාරදුන් පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් නඩු භාණ්ඩ ලෙස තිබූ, ලේඛන ගතකර තිබූ මන්නා පිහි 76ක් සහ අත්පොරව 13ක් ආපසු බාරදීමට සූදානම් වූ වෙලම්බඩ පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ බන්දුල බණ්ඩාර යන අයව මහනුවර පොලිස් ස්ථානය වෙත ස්ථාන මාරු කර, රාජකාරි වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 07 August 2019
රනිල් - සජිත් රහසේ හමුවෙති එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහසිගත සාකච්ඡාවක් අද (06) රාත්‍රීයේ පැවැත්වුණු බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. 06 August 2019
ජල සම්පාදන මණ්ඩලයේ කෝටි 40 වංචාවක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් කි‍්‍රයාත්මක කෙරෙන කොළඹ නැගෙනහිර නගර සඳහා වූ ‘‘විශේෂ ජල ව්‍යපෘතියෙන්’’ එම මණ්ඩලයේ සභාපතිවරයා සහ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයා විසින් රුපියල් කෝටි 40කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත. 06 August 2019
සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන අතුරුදන්වීම ගැන විමර්ශන ඇරැඹේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සතු වාහන 575ක් සොයා ගැනීමට නොහැකි වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය කළ දැනුම් දීමක් අනුව විමර්ශන ආරම්භ වී ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 06 August 2019
පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත. 06 August 2019
‘මරණ දඬුවම අහෝසි කරන්නැයි ඉදිරිපත් කළ යෝජනාව නීත්‍යනූකූල නැහැ‘ මරණ දඩුවම අහෝසි කිරීම සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාව නීත්‍යනුකූල නොවන බවට නීතිපති වාර්තාවක් එවා ඇතැයිද එය තමන්ගේ සිතට සතුටක්වන්නේ යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද(5) දිවුලපිටියේදී පැවසීය. 05 August 2019
කසිප්පු බී මිය ගිය ගණන 11ට නගී මීරීගම බාදුරාගොඩ ප්‍රදේශයේ එකම ස්ථානයකින් කසිප්පු බීමෙන් පසුව ගතවූ දින තුනේදී රෝගාතුරවූවන් අතරින් සිදුවූ මරණ සංඛ්‍යාව අද (4 ) පස්වරුව වන විට 11 දක්වා ඉහළ ගොස් තිබේ. 04 August 2019
සහරාන්ගේ අනුරාධපුර නියෝජිතයා කල්මුණේදී අසුවෙයි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්රාහිම් සංවිධානයේ අනුරාධපුර නායකයා කල්මුනේ ප්‍රදේශයේ නිවසක සිටියදි රාජ්‍ය බුද්ධි අංශයේ නිළධාරින් සහ අම්පාර පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 04 August 2019
‘පාලකයන් තවමත් ජනතාවගේ බිය සංකා නැතිකර නැහැ’ පාලකයින් තවමත් ජනතාවගේ බිය සංකා නැති කිරීමට කටයුතු කර නැතැයි හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ අද(04) පැවැසූහ. රදගුරු හිමිපාණන් මේ බව පවසා සිටියේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වන, අගෝස්තු මංගල්‍යයට එක්වූ බැතිමතුන් අමතමිනි. 04 August 2019
බස් අනතුරින් 6 ක් මරුට:50 ක් රෝහලේ කළුතර වස්කඩුවේදී ලංගම බසයක් සහ පෞද්ගලික බසයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 6 දෙනකු මිය ගොස් තවත් පනස් දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 04 August 2019
වැලිකඩ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කරයි වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට අද (03) සවස 6ට පමණ අම්බලන්ගොඩ කුලීගොඩ හන්දියේදි වෙඩි තබා ඝාතනය කර තිබේ. 03 August 2019
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025