IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියනය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වයිරස රෝගීන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 52 000කට අධික බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

ඇමරිකාවේ සීග්‍රයෙන් වසංගතය ව්‍යාප්ත වන අතර ඉතාලියේ හා ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව ඉහල ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාව සිදුව ඇත්තෙත් ඉතාලියේ වන අතර එය 13 915ක් දක්වා ඉහල ගොස් ඇත.


මෙතෙක් වාර්තා වූ ලොව වැඩිම රෝගීන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වන අතර එය 244 646කි.
වයිරසයෙන් දැඩි ලෙස පීඩාවට පත් ස්පාඤ්ඤයේ මියගිය සංඛ්‍යාව 10 348කි.

එහි පසුගියදා වාර්තාගත ලෙස එක් දිනකට මරණ 950ක් සටහන් විය.

කෙසේවුවද ස්පාඤ්ඤයේ දෛනික මරණ හා ආසාදන වාර්තා වීම මන්දගාමී වී ඇතැයි පැවසේ.

ලොවපුරා සිදුවූ මරණ වලින් සියයට 28ක් ඉතාලියෙන් වාර්තා වන අතර මේ වනවිට එරට මරණ සංඛ්‍යාව 13 915ක් දක්වා ඉහල ගොස් තිබේ.

කෙසේවුවද ඉතාලියේ වාර්තා වී ඇති රෝගීන් ප්‍රමාණයට වඩා සත්‍ය රෝගීන් සංඛ්‍යාව බෙහෙවින් වැඩි බව එරට වෛද්‍යවරු කිහිපදෙනකු පෙන්වා දී ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

ලොව පුරා කොරෝනා ආසාදිතයෝ මිලියනය ඉක්මවයි

රවින් Friday, 03 April 2020 04:05 AM

"අනිච්චා වත සංකාරා " , " සාමදානයෙන් සැතපේවා", " දෙවියන්ගේ කැමැත්ත " මේ කියන 52000 ම මිනිසුන්. ඒ සැමදෙනාම මිය පරලොව ගියේ එකම විදියට. සෑම මෘත ශරිරයක්ම රෝහලෙන් පිටවුයෙත් " බොඩි බැග්" එකේ සීල් තියලා. ළඟම පවුලේ අයවලුන් දෙදෙනෙකුට මුහුණ විතරක් පෙන්නලා. දන්නා තරමින්නම් සියලුදෙනාම ආදාහනය කරලා. එකම වෙනස වාසය කරපු රට. මේක තමා සත්‍යතාව. රටක්, ජාතියක්, ආගමක්, සමාජ තත්වයක් හෝ මිල මුදල් අදාළ නැනේ....... ද ?, ඉතින් ඇයි මිනිසුනේ මේ යුද්ධ? භේද භින්න ? කල කෝලාහල? මෙලොව අතහැර යන්නේ එකම විදියට නේද?

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 100 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site