රාජ්ය ඔසුසැල් හැර සියලු වෙළෙඳසැල් වසා දමයි වහාම ක්රියාත්මක වන පරිදි රාජ්ය ඔසු සල් හැර සියලු ඖෂධ හල් හා සියලු වෙළදසැල් වසා දැමීමට නියෝග කර තිබේ. 27 March 2020
ඇමරිකාවේ රෝගීන් දෙදෙනකුට එක ස්වසන සංවාතන යන්ත්රයක් වෛද්ය සැපයුම්වල හිඟයක් ඇතිවීමේ අවදානමක් හටගැනීමත් සමඟ රෝගීන් දෙදෙනකුට එක් ස්වසන සංවාතන යන්ත්රයක් (වෙන්ටිලේටර්ස්) භාවිත කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර රෝහල් තීරණය කර ඇත. 27 March 2020
රත්නපුර ඇඳිරි නීතිය ලිහිල් නොකරන්නැයි ඉල්ලයි රත්නපුර දිස්ත්රික්කය තුල පවතින ඇදිරිනීතිය ලිහිල් නොකර ඉදිරියටම පවත්වාගෙන යන ලෙස රත්නපුර දිස්ත්රික් කොරෝනා මර්දන කමිටුව රජයට යෝජනා කරයි. 27 March 2020
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්යාව ඇමෙරිකාවෙන් ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 27 March 2020
කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළට ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්ය අමාත්යංශය කියයි. 26 March 2020
‘අදත් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැහැ’ කිසිදු කොරෝනා ආසාදිතයකු අද (26) දිනයේදීද මේ වනතුරු හමු නොවූ බවට සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය කීවාය. 26 March 2020
ආයෝජන මණ්ඩලයේ සියලු කම්හල් වසා දමන්න නියෝග ආයෝජන මණ්ඩලය යටතේ පවතින සියලු කම්හල් වසා දමන්නැයි කාර්මික අපනයන සහ ආයෝජන ප්රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්ය ප්රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට නියෝග කර ඇත. 26 March 2020
වයිරසය ශරීරගත වූ 500ක් නිදැල්ලේ කොරෝනා වයිරසය ශරීරගත වූ රෝගීන් සංඛ්යාව 101 යැයි රජයේ සංඛ්යා ලේඛනවල සඳහන් වෙතත් මේ වනවිට එම වයිරසය ශරීරගත වූ 500 කට ආසන්න පිරිසක් සමාජයේ ගැවසෙමින් සිටිතැයි විශ්වාස කරන බව රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය සමන්ත ආනන්ද මහතා ලංකාදීපයට පැවැසීය. 26 March 2020
කොළඹ, කලුතර, ගම්පහ ඇදිරිනීතිය දිගටම කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ,කලුතර සහ ගම්පහ යන දිස්ත්රික් තුනෙහි මේ වන විට පවනා ඇති ඇඳිරිනීතිය දිගටම ක්රියාත්මක කර තිබේ. 26 March 2020
වෛද්යවරුන් 150ක් ස්වේච්ඡාවෙන්ම කොරෝනා ප්රතිකාර මධ්යස්ථානයේ රාජකාරීයට බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති ඌව පළාතේ එකම කොවිඩ් 19 ප්රතිකාර මධ්යස්ථානයේ රාජකාරී සදහා එම රෝහලේ වෛද්යවරුන් 150 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී සිටින බව බදුල්ල පළාත් මහ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ප්රධාන වෛද්ය කොවිඩ් 19 ප්රතිකාර මධ්යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය. 25 March 2020
චාල්ස් කුමරුටත් කොරෝනා බ්රිතාන්යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ වැඩිමහල් පුත්රයා වන චාල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඔහුගේ කාර්යාලය අද (25) නිවේදනය කළේය. 25 March 2020
ඇඳිරිනීතිය කාලයේදී ගෘහස්ථ හිංසනය හා කෲරත්වය වැඩිවෙලා ඇඳිරිනීතිය පවතින කාලයේ දී ළමා අපයෝජන සිදුවීම් වර්තාවීම 33%කින් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසයි. 25 March 2020
කල්මුණේ සතොස ශාඛා 13 ක් වහයි නැගෙනහිර පළාතේ කල්මුණේ ආශ්රීත ප්රදේශවල ස්ථාපිත කර ඇති ලක් සතොස අලෙවිසැල් 13 ක් වසා දමා තිබීමෙන් ජනතාව දැඩි අසීරුතාවට පත්ව ඇතැයි සමස්ත ලංකා රජයේ පොදු සේවක සංගමය කියයි. 25 March 2020
ලංකාවට එන්න බැරිව ලාංකික වෛද්ය සිසුහු 100 ක් නේපාලයේ හිර වෙති කොරෝනා වයිරසයේ ව්යාප්තිය හේතුවෙන් නේපාලයේ පොක්කාරා හි පිහිටි මනිපායි වෛද්ය පීඨයේ අධ්යයන කටයුතු තාවකාලිකව නවතා දැමීම නිසා එම වෛද්ය පීඨයේ ඉගෙනුම ලබන ලාංකික සිසුන් 88 දෙනෙකු සහ කත්මන්ඩු වෛද්ය පීඨයේ ඉගෙනුම ලබන තවත් සිසුන් පිරිසක් ඇතුළු 100 කට ආසන්න සංඛ්යාවක් දිවයිනට පැමීණීමට නොහැකිව සිටින බව ලංකාදීපයට අද (24) වාර්තා විණි. 24 March 2020
කොළඹ , කලුතර , ගම්පහ අධි අවදානම් කලාප - ඇඳිරිනීතීය දිගටම කොරෝනා වයිරසය ව්යාප්ත වීමේ අධි අවදානම් දිස්ත්රික්ක ලෙස කොළඹ, ගම්පහ, කලුතර යන දිස්ත්රික්ක ලෙස නම් කර තිබේ. 24 March 2020
කොළඹට ගම්පහට පුත්තලමට යළි ඇඳිරි නීතිය පනවන වේලාව වෙනස් වෙයි කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්ය අංශය සදහන් කරයි. 24 March 2020
ශ්රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව 97 දක්වා ඉහළට මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 23 March 2020
ශ්රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව 94 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 3 දෙනකු පිළිබඳව අද (23) පස්වරුවේ තහවුරු වී ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්ය අනිල් ජා සිංහ මහතා කියයි. 23 March 2020
ශ්රී ලංකාවෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්යාව 91 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් 5 දෙනකු පිළිබඳව අද(23) තහවුරු වී ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විෂෙඥ වෛද්ය අනිල් ජා සිංහ මහතා කියයි. 23 March 2020
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය. 23 March 2020
ඇඳිරි නීතිය යළි පනවා දිස්ත්රික්ක අතර ගමනාගමනය තහනම් කරයි ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලයේදී දිවයිනේ සියලු දිස්ත්රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. 23 March 2020
ශ්රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් 87 දක්වා ඉහළට ශ්රී ලංකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්යාව අද වනවිට 87 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්ය ප්රවර්ධන කාර්යංශය කියයි. 23 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ ගණන 81 දක්වා ඉහළට කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්යාව මේ වනවිට 81දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්යා ඒකකය කියයි. 22 March 2020
ලොව පුරා ලක්ෂ 3කට කොරෝනා - ඉතාලියේ තත්ත්වය බරපතළයි කොරෝනා වයිරසය ව්යාප්තවීම හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයන් 300,000ක් පමණ ආසාදිතයන් බවට පත්ව ඇත. අද (22 - ඉරිදා) ග්රිනිජ් වේලාවෙන් පෙරවරු 6.00 (ශ්රී ලංකාවේ වේලාව දහවල් 11.30) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස 13,069 කි. 22 March 2020
අ'පුර බන්ධනාගාරයේ වෙඩි තැබීමෙන් දෙදෙනෙක් මරුට-සිව් දෙනෙකුට තුවාල අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැඳවියන් දෙදෙනෙකු මිය ගොස් තවත් රැඳවියන් සිව් දෙනකු තුවාල ලබා තිබේ. 21 March 2020
දිස්ත්රික්ක 3 කට ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ මේ වන විට දිවයින පුරා පනවා තිබෙන ඇඳිරි නිතිය කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්රික්කයන්ට අඟහරුවාදා උදැසන 6 දක්වා දිර්ඝ කර තිබේ. 21 March 2020
කොරෝනා ආසාදිත පූජකයාගේ දේවමෙහෙයට ආ බැතිමතුන් සොයයි යාපනය අරියාලෙයි ප්රදේශයේ පිහිටි දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගි වූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුජකවරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ඒ සමගම එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි. 21 March 2020
රිමාන්ඩ් කළ පුද්ගලයා ඉතාලියෙන් ආ බව හෙළිවී කෑගල්ල බන්ධනාගාරය කැළඹෙයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් පසුව ඉදිරි නඩු විභාගය දක්වා කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී, ඔහු ඉතාලියේ සිට පැමිණ, එහෙත් නිරෝධායනයකට ලක්නොවී සැඟව සිටි අයකු බව අනාවරණය වී තිබේ. 21 March 2020
ලොව පුරා කොරෝනා මරණ 11,000 පනී අද දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්යාව 11,266 කි. 21 March 2020
කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්යාව 72 දක්වා ඉහළට කොරෝනා වයිරසය ආසාදිත තවත් පුද්ගලයින් දෙදෙනකු පිළිබඳව තොරතුරු තහවුරුවී ඇතැයි සෞඛ්ය අමාත්ය පවිත්රා දේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය. 20 March 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026