මඩකලපු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. 27 August 2019
දරු දෙදෙනකු ඝාතනය කර සැකකරු පොලිසියට බාරවෙයි වෙන්නප්පුව , වයික්කාලේ තරුණියක සහ ඇගේ සොහොයුරා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය කියයි. 27 August 2019
ශ්‍රීලනිපයේ තනතුරු කිහිපයක වෙනසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ඉවත් කර නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පත්කරනු ලැබ සිටිති. 26 August 2019
නවක වධය දුන් රුහුණු සරසවියේ 19 දෙනා තවදුරටත් රිමාන්ඩ් රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 දෙනා ලබන 09 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (26) නියෝග කළේය. 26 August 2019
වෙලේ සුදා-පොට්ට නව්ෆර්-කංචිපානි බූස්සට වැලිකඩ හා දුම්බර බන්ධනාගාරවල රඳවා සිටි මරණ දඬුවම නියමවූ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සහ මොහොමඩ් නව්ෆර් නොහොත් පොට්ට නව්ෆර් නැමැත්තන් වහාම ක්‍රියාත්මක වන පරිදි දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි. 25 August 2019
තව්හීත් ජමාත් සමාජිකයෙක් මුරුතවෙලින් අත්අඩංගුවට තහනම් කරන ලද තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරි සාමාජිකයකු අද (25) අලුයම මාවනැල්ල ,මුරුතවෙල ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 25 August 2019
හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කරයි මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය. 23 August 2019
නවක වදයදුන්නැයි ලක්ෂ හයක වන්දියක් නියම වෙයි ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට නවක වදය දී හිරිහැර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ එම පීඨයේම ඉගෙනුම ලබන පස් දෙනකුට, වින්දිත සිසුවියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙස ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් සංජීවනි පතිරණ මහත්මිය අද (23) නියම කළාය. 23 August 2019
රාජ්‍ය ඇමැතිවරු දෙදෙනෙක් දිවුරුම් දෙති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද අලී සබ්රි මවුලානා මහතා ප්‍රාථමික කාර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (23) දහවල් යළි දිවුරුම් දුන්හ. 23 August 2019
රිය අනතුරකින් 25 කට තුවාල: 4කට බරපතලයි දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 25 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 23 August 2019
ඇමතිකම් එපා කියු දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති අමාත්‍යධූරවලින් ඉවත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ෆයිසාල් කාසීම් සහ අලිසහිර් මවුලානා යන මන්ත්‍රීවරුන් දෙදෙනාද යළිත් ඇමැතිධූරයක් ගැනීමට තීරණය කර ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය. 22 August 2019
අමරවීර පොහොට්ටුවත් ගෝඨාභයත් හමුවීමට සැරැසෙයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය. 22 August 2019
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 60 ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී, විවිධ හිංසනයන්ට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවෝ 60 ක් යළි ආපසු අද (22) උදෑසන කටුනායක ගුවන් තොටුපළට පැමිණ සිටියහ. 22 August 2019
එයාර් බස් 4 ක් ගැනීමේ ගිවිසුම අවලංගු කිරීමෙන් කෝටි 1706 ක පාඩුවක් එයාර් බස් හතරක් මිලට ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විසින් අත්සන් කර තිබූ ගිවිසුම වත්මන් රජය මගින් අවලංගු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 1706 ක පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට අද (21) ඉදිරිපත් කළ වාර්තාවේ දැක්වේ. 21 August 2019
කෝපා රැස්වීම මාධ්‍යයට විවෘත වෙයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) රැස්වීම් අද (21) දිනට මාධ්‍ය වෙත විවෘත කිරීමට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ. 21 August 2019
ඇමෙරිකානු සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම කල් යයි යෝජිත ඇමෙරිකානු සහශ්‍ර සංවර්ධන සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම ලබන ජනවාරි වන තෙක් කල් දමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවැති කැබිනට් රැස්වීමේදී දැනුම් දී ඇති බව වාර්තාවේ. 20 August 2019
පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ. 20 August 2019
නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත. 19 August 2019
කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ත්රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 19 August 2019
ජාතික ජනබලවේගයේ ජනපති අපේක්ෂක ‘අනුර කුමාර‘ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක ලෙස අනුර කුමාර දිසානායක මහතා නම් කළේය. 18 August 2019
ප්‍රධාන අපරාධ සිද්ධීන් 6ක වාර්තා පොලිස්පති සීඅයිඩීයෙන් ඉල්ලයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ඝාතන සිද්ධීන් ඇතුළු ප්‍රධාන විමර්ශන හයක විමර්ශන ගොනු මෙම මස 23 වැනි දිනට පෙර තමන් වෙත ලබා දෙන ලෙසට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 18 August 2019
සන්ධානය පිහිටුවීම ගැන සාකච්ඡා එකඟතාවයෙන් තොරව අවසන් එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ නව පුළුල් සන්ධානය පිහිටුවීමට අදාළව පවත්වනු ලැබූ සාකච්ඡා ද එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 18 August 2019
ඇෆ්ගනිස්ථානයේ මංගලෝත්සවයක පිපිරුමක් - 63ක් මරුට: 180කට තුවාල ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පැවති මංගලෝත්සවයකදී අද(18) සිදු වූ බෝම්බ පිපිරුමකින් පුද්ගලයින් 63ක් මිය ගොස් 180කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත. 18 August 2019
බාල වයස්කරුවන්ටත් සහරාන්ගෙන් අවි පුහුණුව රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ දෙවෙනියා ලෙස කටයුතු කළ නවුපර් මව්ලව් තැනැත්තාගේ පුතා වන මොහමඩ් නවුපර් අබ්දුල්ලා යන දහසය හැවිරිදි බාල වයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 16 August 2019
ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් 13 ක් යළි ලංකාවට නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාව වෙත ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු , එරටින් පිටුවහල් කර, විශේෂ ගුවන් යානයකින් අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 16 August 2019
සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක් කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ දී මරාගෙන මැරුණූ බෝම්බකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා නැමැත්තිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (15) රහස් ප්‍රකාශයක් දුන්නාය. 15 August 2019
වැව් තාවුල්ලේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය යළි ගොඩගනී සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඉබ්බන් වැව් තාවුල්ලේ සමගිපුර ඉඩමක හොර රහසේ වළදැමූ රෝහල් අපද්‍රව්‍ය තොගයක් නැවත ගොඩගෙන වෙනත් ස්ථානයකට රැගෙන යමින් සිටි ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි. 15 August 2019
කංජිපානි ඉම්රාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පොලිස් නිලධාරීන් ගැන පරීක්ෂණ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන් හැදින්වෙන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමඟ කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සමීප සම්බන්ධකම් පවත්වන බවට ලැබුණු පැමිණිල්ලක් විමර්ශන සදහා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වෙත යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 August 2019
2015 වසරට පෙර ජනපති කාර්යාලයෙන් කෝටි 440 ක හිඟයක් 2015 වසරට පෙර ජනාධිපති කාර්යාලය විසින් ගෙවීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4400 ක් ගෙවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කිරිමේ පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත අද (13) ඉදිරිපත් කර තිබූ බව වාර්තා විය. 13 August 2019
ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාව අබියස ආරක්ෂාකාරීව නිශ්කාෂණය කළ යුතුව ඇති උග්‍ර විස සහිත පිළිකානාශක ඖෂධවල එන්නත් කුප්පි ඇතුළු ආන්ත්‍රාදායක අපද්‍රව්‍ය තොගයක් බදුල්ල සතොස ආහාර ගබඩාවට යාබද ගොඩනැගිල්ලක ගබඩා කර තිබියදී අද(13) සොයා ගැණිනි. 13 August 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026