IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

ලෝකයේ සියලුම රටවල් අභිබවා යමින් අද(27) වනවිට වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව ඇමෙරිකාවෙන් වාර්තා වෙයි. 

 
නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඇමරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් 83 500ක් තහවුරු වී ඇති අතර චීනය රෝගීන් 81 782ක් සහ ඉතාලිය රෝගීන් 80,589ක් වාර්තා කළේය.
 

ඒ අනුව ඇමරිකාව චීනය සහ ඉතාලිය ද අභිබවා ගොස් තිබේ.කෙසේ වුවද ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනයට හා ඉතාලියට වඩා අඩු අගයක් ගන්නා අතර එය මරණ 1 200ක් ලෙස සඳහන් වෙයි.
 
 ඉතාලිය මරණ 8 215ක් සහ චීනයෙන් මරණ 3 291ක් වාර්තා විය.
  
ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 පුරාම මේවනවිට කොරෝනා සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට පහසුකම් ලබාදී ඇති බවද, 552,000ක පමණ පිරිසක් වෛද්‍ය පරීක්ෂණ වලට යොමුකර ඇති බවද ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් මහතා පැවසීය
 
 (බීබීසී ඇසුරිණි - 085)

 

 



අදහස් (5)

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකාවෙන්

jayath Friday, 27 March 2020 03:42 AM

"අද දෙවියන් අපගේ මූණ බැලුවා -කාලෙකට පස්සේ - ට්‍රම්ප් ඇතුළු ඇමෙරිකානුවන්.................

:       11       2

sam Friday, 27 March 2020 05:51 AM

චීනය හැම වෙලාවේම ඇමරිකාව අභිභවා යන්න උත්සාහ කරනවනේ. ඒ උනාට මේ දිනුමත් ඇමරිකාවට!!

:       15       13

sanath kumaraFriday, 27 March 2020 07:48 AM

ඉක්මන් වැඩි නේද මේ ගැන සටහනක් තබන්න

:       0       0

lalithm Friday, 27 March 2020 03:07 PM

අනුන්ගේ විපතකදී සතුටුවීම නිග්‍රහයක් ලෙස සලකන්න ඕනේ. අපි තවම අපේ රටේ තිබෙන තත්වයේ දිග පළල දන්නේ නැහැ. කට පියාගන ඉම්මු. අපි මොන කයිය ගැහුවත් මේ ලෙඩට බෙහෙත් හොයන්නෙත් ඔය රටවල් තමා.

:       17       38

udaya Tuesday, 31 March 2020 02:45 PM

කලබල වෙන්න එපා ජයත්. තාම වසංගතේ ඉවර උනේ නැ. මුලින් 80 ගණනක් ඉන්නේ කිය කියා උඩ පැන්නට දැන් කීයද? අපේ රටේ පණ්ඩිතයෝ සහ මුහුණු පොතේ දොස්තරලා ඉක්මනටම ඕක වැඩි කරලා දේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 104 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site