කොරෝනා වයිරසය ව්‍යාප්තවීම හේතුවෙන් මේ වනවිට ලොව පුරා පුද්ගලයන් 300,000ක් පමණ ආසාදිතයන් බවට පත්ව ඇත. අද (22 - ඉරිදා) ග්‍රිනිජ් වේලාවෙන් පෙරවරු 6.00 (ශ්‍රී ලංකාවේ වේලාව දහවල් 11.30) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පිරිස 13,069 කි.

මේ වන විට වයිරසය පැතිර ඇති රටවල් සංඛ්‍යාව 188 කි. සුවය ලැබූ පිරිස 95,800 ඉක්මවයි. ඉතාලියේදී මෙම වයිරසයෙන් මියගිය සම්පූර්ණ ගණන 4825 කි. චීනයේ මරණ 3261 කි.
ලෝකයේ බලවත්ම රටවල් ලෙසින් සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය (මරණ 348) සහ එක්සත් රාජධානිය (මරණ 233), ප්‍රංශය (562), ස්පාඤ්ඤය (1381), ජර්මනිය (84), ඉරානය (1556), දකුණු කොරියාව (104), ස්විට්සර්ලන්තය (80), නෙදර්ලන්තය (136) සහ බෙල්ජියම (67) යන රටවලට පවා තත්ත්වය පාලනය කරගත නොහැකි වී තිබේ.
මාර්තු 21 වැනි සෙනසුරාදා දිනයේදී පමණක් ඉතාලියේ 800 කට ආසන්න පිරිසක් (793) මියගොස් ඇති අතර මේ වනවිට ඉතාලියේ ලොම්බාඩි කලාපය අධි අවදානම් තත්ත්වයේ තිබෙන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඉතාලි රජය විසින් අත්‍යාවශ්‍ය නොවන සියලුම ව්‍යාපාර වසා දමා තිබේ.
“යුද්ධයෙන් පස්සේ අප මුහුණ දුන් අසීරුම අර්බුදය මේකයි. නිෂ්පාදන කටයුතු විතරයි දැන් කෙරෙන්නේ.“ යයි ඉතාලියේ අගමැති ගුසෙප් කවුන්ට් මහතා තමන්ගේ මුහුණු පොත ඔස්සේ පළකළ වීඩියෝවකින් පැවසීය.
ජනයාගේ එදිනෙදා අවශ්‍යතා සඳහා සුපිරි වෙළෙඳසැල්, ඖෂධ ශාලා, තැපැල් හල් මෙන්ම බැංකු සේවා විවෘතව පවතී.
“අපි නිෂ්පාදන මන්දගාමී කරනවා. ඒත් අපි ඒවා නවත්වන්නේ නෑ“ යයිද අගමැතිවරයා කීවේය. එහෙත් ඒ කුමන ආකාරයේ නිෂ්පාදනද යන්න ඔහු ප්‍රකාශ නොකළේය.
ඉතාලියේ උතුරු කලාපයට අයත් ලොම්බාඩි ප්‍රදේශයේ මරණ 3095 ක් වාර්තා වී තිබේ. ඒ රෝගය වැළඳුන 25,515 ක් දෙනා අතුරිනි.
තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ සභාපතිනිය වන උර්සුලා වැන්ඩර්ලියන් මහත්මිය දැඩිසේ කම්පාවට පත්ව සිටින්නීය.
“අපි තේරුම්ගත යුතු දේ මේකයි. අපේ සංගමයට අයත් කිසිම රාජ්‍යයකට මේ තත්ත්වයට තනියම මුහුණ දෙන්න බෑ. මේ වයිරසයට දේශ සීමා නෑ...යුරෝපා සංගමය වඩාත් ශක්තිමත් වෙන්නේ අපි එකමුතු වී විටයි“ යයි වැන්ඩර්ලියන් මහත්මිය පවසා තිබිණ.

COMMENTS
ලක් වැසියනි බෙහෙත් නැති මෙම රෝගයට එක විසඳුමයි ඇත්තේ. එය නම් ගෙවල් තුලට වී සිටීමයි. කිසිම අමුත්තෙක් ගෙතුලට වද්දා ගන්න එපා. අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ගෙන අවොත් දොර ළඟ තබා ගිය පසු එය රැගෙන සබන් දමා සෝදා අත්ද සබන් දමා සෝදාගන්න. කාඩ්බෝඩ්, ප්ලාස්ටික් බැග් වල මෙම වයිරසයට ඉන්න පුළුවන් අතර සපත්තු අඩියෙන් ගෙතුලට විත් ඔබට හොරෙන් ඔබ සමඟ එකගෙයි විසිය හැක. කල්පනාකාරී වන්න.
ඉතාලිය දැන් වත් දැනගන්න ඕන දේශසීමා තියෙන්නේ මොකටද කියල. ලෝකය පුරා සිටින අපතයින් රස්සා හොයාගෙන ඉතාලියට එනවා . ඔවුන් තමන්ගේ රටේ රස්සාවක් හොයා ගන්න බැරි නුගත් පිරිසක් . ඉතාලිය මොවුන්ට බාධාවකින් තොරව රැකියා කරන්න අවස්ථාව දී තිබෙනවා . මොවුන් රට පුරා සුළු රැකියා කරමින් ජිවත් වෙන අතර . මෙම වසංගතය රට පුරා වියාප්ත කිරිමට මොවුන් ලොකු දායකත්වයක් ලබා දෙනවා. උදාහරණය ලංකාවට පැමිණි ඉතාලියේ සේවය කරපු පිරිස මෙම වසංගතය ලංකාව පුරා පතුරුවන ආකාරය .
අපිත් මුල දී පරිස්සම් වුනේ නැත්තන් මීට හපන් වෙනවා. වෛද්‍ය පහසුකම් අතින් ඉතාලිය ලංකාවට වඩා 5,6 ගුණයකින් වත් ඉදිරියෙන් ඉන්නේ. මේක අනවශ්‍ය බය කිරීමක් නෙමෙයි, යතාර්ථය මෙයයි.
ලංකාවේ නියම අසාධිතයන් ප්‍රමාණය පෙනෙන්නේ තව සතියකින් පමණ , කොහොමත් රෝහල් වල රෝගීන් සදහා ඇදන් 1000 වත් සුදානම් කරලා තබාගන්න වෙනවා. ඇදිරි නිතිය හවසට තියනවා කිව ගමන් අපේ මිනිස්සු බස් නැවතුම් පලවලට රැස් වෙලා තෙරපිලා ගමේ ගිය නිසා වැඩේ අවුල් වුණා , කරන්න තිබුනේ මිනිස්සුන්ට රැකියාවල් කරලා ගෙදර යන්න ඉඩ හැරලා ඉඩහැරිලා මධ්‍යම රාත්‍රියේ පටන් ඇදිරි නිතිය පනවන බව සවස 7 ට පමණ දැනුම් දෙන්න. ඊට පස්සෙන්ද දුර ගමන් සේවා, සහ අධිවේගී මාර්ග වසාදමල පැය 3-4 මිනිසුන්ට දැන් වගේ බඩු ගන්න ඉඩ දෙන්න තිබුණා, නිරෝධනය කරනවා කියල හෝල් එකක ඩබල් ඇදන් දමලා 30-40 එකට ඉන්න සැලැස්වීම භායනක් දෙයක් , මින් එකෙනෙකුට හරි රෝග ලක්ෂණ තිබුනොත් අර 40 ම නැවත වෙන් වෙන්ව අනිවාර්යයෙන් සති දෙකක නැවත නිරෝධනය කරන්න සිදු වෙනවා .
අප සැම පුරවැසියන්ගේ වගකීම නිසිලෙස ඉටුකන්නේ නම් එය මෙවන් විපතකදී වෛද්‍යවරුන්ට මහත් සේවයක් වනු ඇත. එබැවින් අප අනිකාට උපදෙස් දෙනවාට වඩා අපගේ යුතුකම් වගකීම් ඉටුකරමු.
මම නම් කියන්නේ, ලෝකෙටම කොරෝනා බෝ කල කාලකන්නි ඔක්කොම ටික මැරිලා යන්න ඕනෑ . මේ ලෝකේ ඉන්න කන් ලෝකෙට සෙතක් වෙන්නේ නැහැ.
කව්රුත් කැමැත්තෙන් අනිකට ලෙඩ බෝ කරන්නේ නැහැ. ප්රශ්නය නොදැනුවත් කම. ඉතාලියේ ඉඳ ආපු හෝ සංචාරක මග පෙන්වන්න යන බොහෝ දෙනෙක් තම රැකියාවට පිටින් මොනම දෙයක්වත් නොදන්නා අයවලුන් බව පිළිගන්න ඕනේ. ඉවසීමෙන් තත්වය පාලනය කල යුතු අවස්ථාවක රජය ක්ෂණික තීරණ දීමෙන් මහජනයා බිය වුන බවත් ඇත්ත. ඇඳිරි නීතිය පනවපු දවසෙම කෝච්චි බස් වල තෙරපී ගිය විදියට මොන ලෙඩක් වුනත් පැතිරෙන්න පුළුවන්. කව්රුත් නීතියට බය හින්දා කොහොමහරි යන්න උත්සහ කළා. ටිකක් කල් දුන්නා නම් ඉතා යහපත්. පැය 12-15ක්. එතකොට ලංකාවේ කොතැනට වුණත් යන්න වෙලාව තියෙනවා.