ශ්රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක් අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 15 March 2020
සඳුදා රජයේ නිවාඩු කොරෝනා වයිරසය ශ්රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ. රාජ්ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්රියේදී එ් බව පැවසීය. 14 March 2020
චමල් - නාමල් මැතිවරණ ප්රචාරක කටයුතු අත්හිටුවති රට තුළ පවතින අයහපත් වාතාවරණය සැලකිල්ලට ගෙන තම පක්ෂයේ මැතිවරණ ප්රචාරක කටයුතු අද (14) දින සිට අත්හිටුවන බව අමාත්ය චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (14) තිස්සමහාරාම ප්රදේශයේ පැවති මාධ්ය හමුවකදී පැවසීය. 14 March 2020
කොරෝනා බවට සැකකරන 103ක් රෝහල්වල කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට සැක කරන 103 දෙනෙකු මේ වනවිට රෝහල්වල සිටින බව සෞඛ්ය අමාත්යාංශය පවසයි. 14 March 2020
කොරෝනා රෝග ලක්ෂණ හේතුවෙන් පෝලන්ත ජාතිකයින් 04ක් අයි.ඩී.එච්. රෝහලට ශ්රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ, එය නිමා කර රටින් පිටවීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයින් 04දෙනෙකුගේ කොරෝනා වයිරස රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා, කටුනායක ගුවන් තොටුපළ තිබූ විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. වසංගත රෝග රෝහල වෙත යැවීමට අද (14) උදෑසන පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය. 14 March 2020
කොරෝනා ආසාදනය වූ තවත් ශ්රී ලාංකිකයන් 3 ක් කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ලාංකිකයන් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂක විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි. 13 March 2020
රවී අධිකරණයට පැමිණි බව සටහන් කරයි හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනකු කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයේ පෙනී සිටි බවට කොටුව මහෙස්ත්රාත් රංග දිසානායක මහතා අද (13) අධිකරණයේදි සටහන් තැබුවේය. 13 March 2020
රවී අධිකරණයට පැමිණෙයි හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්රාත් අධිකරණයට පැමිණියේය. 13 March 2020
කොරෝනා යැයි සැක 64 ක් රෝහල්වල කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්රතිකාර ලබන බව සෞඛ්ය අමාත්යාංශය යටතේ ඇති සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. 13 March 2020
සියලු සරසවි සති දෙකක් වහයි රජයේ සියලු විශ්ව විද්යාල සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්ව විද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව කියයි. 13 March 2020
දකුණු කොරියාව-ඉතාලිය-ඉරානයට ශ්රී ලංකාවෙන් තාවකාලික තහනමක් දකුණු කොරියාව ඉතාලිය සහ ඉරානයේ සිට ශ්රී ලංකාවට හෙට (14) සිට සති දෙකක කාලයක් මගීන් රැගෙන ඒමෙන් වළකින ලෙස ශ්රී ලංකා ගුවන්සේවා අධිකාරිය සියලුම ගුවන් සමාගම්වලට දැනුම් දී තිබේ. 13 March 2020
හෙරොයින් මත්කුඩු තොගයක් කොච්චිකඩේදී අත්අඩංගුවට පාකිස්ථානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතීම අල ගෙඩි අතර සඟවා තිබූ හෙරොයින් මත්කුඩු කිලෝග්රෑම් 100 කට ආසන්න ප්රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්රදේශයේදී පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කරන ලද වැටලීමකදී අද (12) අත්අඩංගුවට ගත්බව පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය පවසයි. 12 March 2020
කොරෝනා ආසාදිත දෙවැනි ශ්රී ලාංකිකයාත් හමුවෙයි කොරෝනා වයිරසය (කෝවිඩ්-19) වැළදී ඇති බවට තහවුරු වූ තවත් රෝගියෙකු අද (12) සොයා ගත් බව සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 12 March 2020
අප්රේල් වාර පාසල් නිවාඩුව හෙටින් ඇරඹෙයි සියලුම පාසල්වල වාර නිවාඩුව අප්රේ්ල් 20 වැනිදා දක්වා ලබාදීමට පියවර ගත් බව අධ්යාමපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 12 March 2020
‘අත්අඩංගුවට ගන්නා විදේශිකයන් රඳවාගන්න වෙනම සිර කුටියක්‘ විවිධ චෝදනා මත ගුවන්තොටුපොළෙන් හා වෙනත් ස්ථානවලින් අත්අඩංගුවට ගන්නා විදේශිකයින් මෙන්ම විදෙස්ගතව පැමිණෙන ශ්රී ලාංකිකයින් රඳවා තැබීම සඳහා සෑම රිමාන්ඩ් බන්ධනාගාරයකම විශේෂ සිර වාට්ටුවක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි. 12 March 2020
කොරෝනා යැයි සැක තවත් දෙන්නෙක් හලාවතින් කුරුණෑගල රෝහලට හලාවත දිස්ත්රික් මහ රෝහලේ බාහිර අංශයට ප්රතිකාර ලබා ගැනීමට අද ( 12 ) දහවල් පැමිණ සිටි යුවළකට කොරෝනා රෝග ලක්ෂණ යැයි ඇති වූ සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් කුරුණෑගල මහරෝහලට යැවීමට පියවර ගත් බව රෝහල් අධ්යක්ෂ කපිල මල්ලිමාරච්චි මහතා කීය. 12 March 2020
අපි කියන විදිහට ඉන්න බැරිනම් ආපු රටවලටම යන්න ඉරානය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවලින් පැමිණි ශ්රී ලාංකික ගුවන් මගීන් 622 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්යාලය වෙත යොමු කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය. ඔවුන් එම ස්ථාන වෙත රැගෙන යෑම සදහා සෞඛ්ය අමාත්යාංශය සහ ශ්රී ලංකා යුධ හමුදාව විසින් සුඛෝපභෝගී බස් රථ 25 ක් සහ ඔවුන්ගේ ගමන් මලු ප්රවාහනයට තවත් වෑන් රථ 05 ක් පමණ ද යොදාගෙන තිබුණි . 11 March 2020
රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. 11 March 2020
වෙනත් පක්ෂයකට ගියොත් එජාපයේ සියලු දේ අහෝසියි පක්ෂ ව්යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත් ඒ සියලු දෙනාගේම සංවිධායක කම්, පක්ෂයේ නිලතල ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවැසීය. 11 March 2020
කොරෝනා ව්යාප්ත වීම වළක්වන්න සහය වන්නැයි රජයෙන් විශේෂ ඉල්ලීමක් කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19) ශ්රී ලංකාව තුළ ව්යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. 11 March 2020
ජල සම්පාදන මණ්ඩලය බැංකු වලට කෝටි 1000 ක් ණයයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ව්යාපෘති වෙනුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් දේශීය හා විදේශීය බැංකුවලට මේ වසරේ ගෙවිය යුතු ණය හා පොළිය රුපියල් කෝටි 1000 ක් පමණ වන බව එම මණ්ඩල වාර්තාවේ පෙන්වා දෙයි. 10 March 2020
පත්වීම් බාරගන්න ගිය පවුල් සෞඛ්ය සේවිකාවෝ 15 ක් යාපනයේදී අතරමං වෙති උතුරේ පත්වීම් බාරගැනීම සඳහා නවක පවුල් සෞඛ්ය සේවිකාවන් 15 දෙනෙකු යාපනය නල්ලුර් හි සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලයට යන විටත් එම කාර්යාලයේ නිලධාරීන් මෙම පත්වීම් පිළිබඳ කිසිවක් නොදන්නා බව දැන්වීමෙන් නවක නිලධාරීනියන් බලවත් අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. 10 March 2020
දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිට වරෙන්තු හෙරොයින් නඩුවකට අදාළ කරුණු දැක්වීමට අධිකරණය හමුවට ඉදිරිපත් නොවීමේ සිද්ධියකට දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව මිනුවන්ගොඩ මහේස්ත්රාත් කේසර සමරදිවාකර මහතා විසින් විවෘත වරෙන්තු නිකුත් කළේය. 10 March 2020
රවීගේ පෙත්සම හෙට සළකා බලන්න තීන්දු කරයි තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතරක් දෙනෙක් ගොනු කළ රිට් පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය. 10 March 2020
රවීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කර ඇත. 10 March 2020
දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නිරෝධායනයට මඩකලපුවට දකුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්, මඩකලපුව පෞද්ගලික විශ්වවිද්යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ. 10 March 2020
තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මාර්තු 16ට පෙර එවන්න මැතිවරණ රාජකාරීවල නිරතවීමට අපේක්ෂා කරන රාජ්ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද ඉල්ලුම්පත් මේ මාසයේ 16 වැනිදාට පෙර ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරයි. 09 March 2020
උතුරුමැද අධ්යාපනයට දේශපාලනඥයෝ ඇඟිලි ගසති උතුරු මැද පළාතේ පාසල් සඳහා නව විදුහල්පතිවරුන් අනුයුක්ත කිරීමේදි දේශපාලන මැදිහත්වීම් හේතු කරගෙන පාසල් තුළ පරිපාලන ගැටලු රැසක් පැන නැගී ඇතැයි ගුරු සංගම් නියෝජිතවරු චෝදනා කරති. 09 March 2020
ලුණුගම්වෙහෙරදී රිය අනතුරකින් 6ක් මරුට:3ක් රෝහලේ ලුණුගම්වෙහෙර, 22 කණුව අසළදී අද (09) අලුයම සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි. 09 March 2020
ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකක් නිවාසවල කොටුවෙති මාරාන්තික කොරෝනා වයිරසයේ ව්යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ. 08 March 2020
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026