සයිටම් උපාධිධාරීන් සති 3 කින් ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් සයිටම් උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියෝග කළේය. 30 July 2019
මුස්ලිම් ඇමැතිවරු යළි දිවුරුම් දෙති මුස්ලිම් මන්ත්‍රීවරුන හතරදෙනෙක් අද (29) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ. 29 July 2019
රවුෆ් හකීම්ගේ නිවසින් ලක්ෂ 60 ක් සොරාගනී හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි. 29 July 2019
ජනාධිපතිවරණයේදී ඡන්ද කඩන අපේක්ෂකයන්ට තහංචි ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද කැඩීම සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය තදින් ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබේ. 29 July 2019
නිදහස් සංචාරක වීසා දීමෙන් බිලියන 10ක පාඩුවක් ඉන්දියාව, චීනය ඇතුළුව රටවල් 45ක් සඳහා ලබන මස 1 වැනිදා සිට නිදහස් සංචාරක වීසා පහසුකම් ලබාදීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවට වසරකදී රුපියල් බිලියන 10ක පමණ පාඩුවක් සිදුවන බව වාර්තා වේ. 28 July 2019
කොහුවල වෙඩි තැබීමක් අයෙක් මරුට කොහුවල ජම්බුගස්මුල්ල මාවත ප්‍රදේශයේදී අද(28) අලුයම ජීප් රථයකින් ගමන්ගමිනිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මිය ගොස් අනෙක් පුද්ගලයා තුවාල ලබා ඇතැයි කොහුවල පොලිසිය කියයි 28 July 2019
අගෝ.12 පෙර අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කරන්නැයි නියෝග කටුනායක නිදහස් වෙළඳ කලාපය පරිශ්‍රයේ ගබඩාකර තිබෙන අපද්‍රව්‍ය තොගය ලබන අගෝස්තු 12 වන දින හෝ ඊට පෙර කඩිනමින් ප්‍රතිඅපනයනය කරන ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නියෝග කර තිබේ. 26 July 2019
වෛද්‍ය සාෆිට ඇප මව්වරු වඳ භාවයට ලක් කිරීමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් මහතා රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙසට කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (25) නියෝග කළේය. 25 July 2019
වෛද්‍ය සාෆි අධිකරණයට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහොමඞ් සාෆි මහතා අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේය. 25 July 2019
ගෝඨාට එරෙහි මැදමුලන නඩුවට අතුරු නියෝගයක් මැදමුලන, ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්කි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 July 2019
‘සහරාන් ගැන මුලින් තොරතුරු ආවේ ජනවාරි 26 - එදිනම පොලිස්පතිට කිව්වා’ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඩ් සහරාන් පිළිබඳ පළමුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වූයේ 2019 ජනවාරි 26 වැනි දා බවත්, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාව ලිඛිතව දැනුම්වත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අද(24) පැවසීය. 24 July 2019
ලැක්ටෝ වත්තෙන් 6 ක් අත්අඩංගුවට පුත්තලම - වනාතවිල්ලුව-ලැක්ටෝ වත්තේ සැක සහිත ලෙස රැඳී සිටි පුද්ගලයින් හය දෙනෙකු අද (24) අලුයම අත්අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලීසිය කියයි. 24 July 2019
විග්නේෂ්වරන් ජාතික ප්‍රශ්නයට විසඳුම් ලෙස ස්වයං පාලනයක් ඉල්ලයි දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බව තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි. 23 July 2019
හේමසිරි-පුජිත් ගැන ප්රතිශෝධන අයදුම්පතෙහි කරුණු සළකා බැලීම කල්යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කොට ඇති ප්රතිශෝධන ඇයැදුම්පත සම්බන්ධයෙන් ලබන අගොස්තු පළමුවැනිදා කරුණු තහවුරු කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (23) නියම කළේය. 23 July 2019
ජනපතිවරණය නොවැ. 15 - දෙසැ. 7 ත් අතර ජනාධිපතිවරණය පැවැත්වීම කිසිසේත් කල්නොයන අතර එය අනිවාර්යෙන්ම නොවැම්බර් මස 15 ත් දෙසැම්බර් මස 7 වැනි දිනත් අතර කාලයේ දී පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය, මැතිවරණ කොමිසන් සභා ශ්‍රවණාගාරයේ අද (22) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 22 July 2019
පූජිත් - හේමසිරිගේ නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබරයට කල් යයි පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සම්බන්ධ වැඩිදුර නඩු විභාගය ලබන ඔක්තෝබර් 3 දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියම කළාය. 22 July 2019
වියදම් කපන්න භාණ්ඩාගාරයෙන් නියෝගයක් රජයේ වියදම් සීමාකරණය මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත. ජල විදුලි දුරකතන ගාස්තු ආදිය හැකි තරම් සීමා කරන ලෙසත් අනෙකුත් වියදම් නියමිත උපදෙස් පරිදි සිදුකරන ලෙසත් මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා නිකුත් කර ඇති එම චක්‍රලේඛයේ සඳහන් වේ. 22 July 2019
මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය හිටපු ආණ්ඩුකාර එම්.එල් හිස්බුල්ලා මහතාගේ මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංගික කාරක සභාව විසින් දෙන ලද වාර්තාව අධ්‍යනය කිරීමට දී ඇති සති දෙකක කාලය ප්‍රමාණවත් නොවන බැවින් එය අධ්‍යන කිරීමට මාස දෙකක කාලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙන ලෙස ඉල්ලමින් උසස් අධ්යාපපන අමාත්‍යංශය ඉදිරිපත් කළ යෝජනාවකට ඉකුත් සිකුරාදා (19) කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ. 21 July 2019
පොලිසිය හා ගැටීමෙන් ආවා කල්ලි සමාජිකයෙක් වෙඩි පහරින් මරුට යාපනය මනිප්පායි ඉනුවිල් පොලිස් වසමේදී පොලිස් නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් ආවා කල්ලියට අයත් සාමාජිකයෙකු මිය ගොස් ඇතැයි මන්නිපායි පොලිසිය කියයි. 21 July 2019
කළගෙඩිහේන සිද්ධිය සම්බන්ධයෙන් 4ක් රිමාන්ඩ් නිට්ටඹුව - කළගෙඩිහේන නුවර පාරේදී වෑන් රථ රියදුරෙකුට හා වෑන් රථයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 22 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීමන මහත්මිය නියෝග කළාය. 20 July 2019
ගිනිගත්හේනේ නාය යාමේ අවදානම ඉහළ යයි ගිනිගත්හේන නගරයේ නායයාමට ලක් වූ වෙළඳසැල් 10ට අමතරව තවත් වෙළඳසැල් 22 ක් නායයාමේ දැඩි අවදානමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් ගිනිගත්හේන නගරයේ පරීක්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් ලබා දී ඇති බව අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා පැවසීය. 20 July 2019
මහ වැස්සෙන් 7ක් මරුට - 1976ක් පීඩාවට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දින දෙකක් තිස්සේ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් මේ වන විට හත්දෙනෙකු මියගොස් පවුල් 496කට අයත් 1976 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 19 July 2019
ධීවර යාත්‍රා 30ක ධීවරයින් 200ක් මුහුදේ අතරමං මසුන් මැරීමට මුහුදු ගිය ධිවරයින් 200ක් පමණ පිරිස සහිත බහුදින යාත්‍රා 30 ක් පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මත අද (19) උදෑසන වන විට දිවයිනට ළඟාවීමට නොහැකිව මුහුදේ අතරමංව සිටින බවත්, එම ධීවරයින් ගෙන්වා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලා ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය කියයි. 19 July 2019
ගිනිගත්හේන වෙළඳසැල් 10ක් නායයයි - අයෙක් අතුරුදන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැළෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ වෙළඳසැල් 10 ක් මහවැලි ගඟ දෙසට නාය ගොස් එක් වෙළඳසැල් සේවකයෙකු අතුරුදන් වී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි. 19 July 2019
පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 18 July 2019
පොලිස් කොමිසමේ ලේකම් රෝහල්ගත වෙයි ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවේ පරීක්ෂණවලට අනුව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා උපදෙස් දුන් හත් දෙනාගෙන් ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා රෝහල් ගතවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 18 July 2019
පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි ඇවන්ට්ගාඩ් පාවෙන අවි ගබඩා සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉල්ලා තිබූ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කළේය. 17 July 2019
තැපැල් වර්ජනය ඇරැඹෙයි ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද(16) පස්වරු 4.00 සිට දින දෙකක සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. 16 July 2019
තව්හීත් ජමාත් කොළඹ නායකයා ඇප මත මුදාහැරීමට නියෝග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ කොළඹ නායක මොහොමඩ් පවාස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(15) නියෝග කළාය. 15 July 2019
‘මරණ දණ්ඩනය ඉවත් කරන්න පනතක් ගෙනාවොත් එදා ජාතික ශෝක දිනයක් කරනවා’ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඕනෑ විදියට මරණීය දණ්ඩනය ඉවත් කිරිම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙනාවොත් ඊට විරුද්ධව ඒ දවස ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) ඇඹිලිපිටියේ දී පැවසීය. 14 July 2019
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026