IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ශ්‍රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක්

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
 
අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම  තීරණය ගන්නැයි ඉල්ලීමක් කර තිබේ. 

ශ්‍රි පාද වන්දනා ගමන සඳහා අතිවිශාල ජනතාවක් සතිඅන්ත දින වලදී පැමිණෙන බවත් ඊයේ (14)  වන දින මෙම වන්දනා ගමන සඳහා ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වන්දනාකරුවන් බස්රථ 102 ක් ද, වෑන් රථ 40 ක් ද, පෞද්ගලික මෝටර් රථ විශාල ප්‍රමාණයකින් ද මෙම වන්දනා ගමනට එක්ව සිටි බව කියා සිටියේය.

ඒත් සමඟම දේශීය සංචාරකයින්ට අමතරව විදේශිය සංචාරකයින් පිරිසක් ද මේ අතර සිටි බව නුවරඑළියේ දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අනාවරණය කර සිටියේය.
 
ශ්‍රී පාද පුද බිම අධික සීතල දේශගුණික ස්ථානයක් වීම, වන්දනාකරුවන්ගේ තෙරපීම්, තෙහෙට්ටුව නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යයෙන් පිරිහීමකට ලක්වන බවත්, විශාල වශයෙන් ආරක්ෂක වැටවල් පරිහරණය කිරීම් මෙන්ම බහුතරයක් වැඩිහිටියන් වීම හේතු කරගෙන මෙම කොරෝනා වයිරය පැතිර යාමේ අවධානමක් ඇති බවද සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ශ්‍රි පාද වන්දනා ගමන නතර කිරීම මේ අවස්ථාවේ දී කාලෝචිත ක්‍රියාවක් බව බුද්ධ ශාසන අමාත්‍යාවරයා වෙත ලිඛිත දන්වා සිටි බව කියා සිටියේ ය.
 
බුද්ධ ශාසන අමාත්‍යාංශයට අතිරේඛ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඒ සම්බන්ධව දන්වා සිටි අතර, ශ්‍රි පාද ස්ථානාධිපති නාහිමියන් වෙත ද මේ සම්බන්ධව දැනුවත් කළ බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අනාවරණය කළේය.
 
මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.



අදහස් (0)

ශ්‍රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site