(නිමල කොඩිතුවක්කු)
පක්ෂ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ට තවත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ගැනීමට හැකියාවක් නොමැති බවත් යම්කිසි පිරිසක් එවැනි තීරණයක් ගතහොත් ඒ සියලු දෙනාගේම සංවිධායකකම්, පක්ෂයේ නිලතල ඒ මෙහොතේ සිටම අහෝසි වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවැසීය.
පක්ෂයේ උන්නතිය වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ කිසිදු පැකිලීමකින් තොරව මේ මොහෝතේ සිටම ක්‍රියාත්මක කරන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
සමගිය සහ පක්ෂයේ අනාගතය වෙනුවෙන් සිතා එක්සත් ජාතික පක්ෂය නිහඬව කටයුතු කරන බවත් එය දුර්වලකමක් ලෙස තේරුම් අරගෙන යම්කිසි පිරිසක් ක්‍රියාකලොත් එය පාලනය කිරීමට එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ක්‍රියා කරන බවද අබේවර්දන මහතා කියා සිටියේය.
ජනාධිපතිවරණයෙන් පසුව රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගත් තීන්දු තීරණ ඇතැම් පිරිස් වැරදි ලෙස අරථකතනය කරමින් සිටින බවත් ඉදිරි මාධ්‍ය සාකච්ඡාවේදී පක්ෂ මහලේකම්වරයා විසින් එම තීන්දු තීරණ ලිඛිතව මාධ්‍ය වෙත නිදහස් කරනු ඇතැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයාගේ පක්ෂ සාමාජිකත්වය.. මගේ රටට වෙලා තියෙන දේ දැක්කම... පාරෙදී අහුවුණොත් මිනිස්සුන්ට තනියම, රඟලා පෙන්නයි නාට්‍ය.. ඒක ඔබට තිබුණත්, නැතත් අපිට නම් වගේ වගක් නැත...
එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් කිසිදිනෙක පක්ෂය ඇත හැර යන්නේ නැත. පක්ෂයේ මතයට ඔවුන් ගරු කර තිබේ . කිහිප දෙනෙකුගේ අවස්ථාවාදීව තනතුරු සදහා ඇති බල ලෝබය වෙනුවෙන පක්ෂය විනාශවීමට හෝ බිදී යාම සිදු නොවනු ඇත. වසර 15 පමණ සිට තිබෙන්නාවූ මෙම කරදරය අවසන් කිරීමට ගන්නාවූ තීරණයට අපගේ සහයෝගය. මෙය බොහෝ කලකට පෙර සිදුකල යුතුව තිබු දෙයකි. ජේ.ආර් ජනාධිපතිතුමා හිටියනම් කියා අද පාක්ෂිකයින් කියන්නේ එම නිසාය.
දැන් එක්සත් ජාතික පක්ෂය කියලා එකක් තියනවද? දැන් තියෙන්නේ රනිල් පක්ෂය විතරයි.
මේ වජිර අබේවර්ධන කියන්නේ රනිල්ගෙයි, රාජපක්ෂලාගෙයි දෙපැත්තේම කෙනෙක්... මේක මුළු රටම දන්නවා. රනිල්ට පන්දම් අල්ලලා සජිත්ගේ නායකත්වයට විරුද්ධව ගේම් ගහලා එජාපයට සජිත්ගේ නායකත්වයත් නැති කළා. මේ රනිල් එක්ක වජිර ඇතුළු හොර නඩේ සමග ජනබලවේගයට ගන්නම එපා. සජිත්තුමෝ... ඔබ වෙනම ගමනක් යන්න. ජයනියතයි.
මේ සැරේ එජාපයට වෙන්නේ SLFP එකට සිදුවුණු දෙයමයි.
එක්සත් ජාතික පක්ෂයේ නීති රීති එහි සාමාජිකයන් විසින් අනුගමනය කළ යුතුය.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන තත්වයට සම්පූර්නෙන් වගකිව යුත්තේ මූලිකව රනිල් ඉන් පසුව ඔහු වටේ සිටින අඳබාලයෝ ටික දෙනා.
පිංවත් සුන්දර මුණ දුටුවිට අවංකවම රටට ආදරය කරන පුරවැසියකුට කුමන අදහස් හිතට පැමිණේද යන්න දැනගනුමට කැමැත්තෙමු.
70 පැනපු ඔක්කොම පැන්ෂන් යා යුතුතුය. තරුණ තරුණයින්ට අවස්ථාව දීමට කාලය ඇවිත් ඇත.
සමසමාජ, කොමියුනිස්ට්, මහජන එක්සත් පෙරමුණ ෆෙඩරල් පක්ෂය....... එක්සත් ජාතික පක්ෂය .. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය... මේ පක්ෂවල ඉරණම අනාගතයේදී ඉතිහාසයේ සඳහන් වෙනවා ඇති.
වෙන පක්ෂයකට නොගිහින් වෙන පෙරමුණකට ගියොත් කොහොමද...?
වජිර, අකිල, ඔබගේ යුඑන්පි එක සජිත් ට වඩා ඡන්ද ගන්නවාද, එහෙම ගන්ඩ බැරි වූනොත් අපි ඔබලාට දෙන දඩුවම මොනවගේද වෙන්ඩ ඕන.