IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ජල සම්පාදන මණ්ඩලය බැංකු වලට කෝටි 1000 ක් ණයයි

(අජන්ත කුමාර අගලකඩ)

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජල ව්‍යාපෘති වෙනුවෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් දේශීය හා විදේශීය බැංකුවලට මේ වසරේ ගෙවිය යුතු ණය හා පොළිය රුපියල් කෝටි 1000 ක් පමණ වන  බව එම මණ්ඩල වාර්තාවේ පෙන්වා දෙයි.

ඉන් රුපියල් කෝටි 400 ක් පමණ ඉකුත් වසර වෙනුවෙන් බැංකුවලට ගෙවිය යුතු ණය හා පොළිය බවද පැවසේ.

මෙම ණය සහ හිඟ පොළි ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයිද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩල ආරංචි මාර්ග කියයි.



අදහස් (6)

ජල සම්පාදන මණ්ඩලය බැංකු වලට කෝටි 1000 ක් ණයයි

Saman Tuesday, 10 March 2020 07:22 PM

වතුර කියන්නේ පොළොවෙන් ලැබෙන දෙයක්. මේක විකුණන්නේ ලීටර් ගාණට... මෙම ආයතනය පාඩුවුනේ කොහොමද? ගහපු ගැහිල්ල පේනවනේ...

:       0       1

ලුම්බිණි Tuesday, 10 March 2020 11:28 PM

ප්‍රශ්නයක් නැහැ. අපේ ජනාධිපති කිව්වේ මේවා සියල්ල ලාභ ලබන ආයතන කරනවා කියලා. එතකොට ඔය ණය ගෙවාවි...

:       0       1

රවින් Wednesday, 11 March 2020 01:40 AM

එහෙම කියලා අපේ වතුර බිල වැඩිකරනවා එහෙම නොවෙයි. ආයේ නොකීවයි කියලා කියන්න එපා. පහුගිය ටිකේ කෝටි ගණන් යටිමඩි ගහලා කියලා කෝප් කොමිටුවත් වාර්තා කළේ. එක ව්‍යාපෘතියක කෝටි හතලිස් ගණනක්. තවෙකෙක කෝටි විසිගණනක්. ඔය වගේ කියක් විගණකාධිපතිත් වාර්තා කළාද? යටිමඩි ගහපුවාට ආයේ ගෙවන්න ඕනේ පොදු ජනයාද? හොරකම් කරපු උදවියගෙන්ම තරාතිරම නොබලා ආපහු ගත්තොත් තමා හොඳ. සමාජයේ කොතැනක වැජඹුණත් හොරා කියන්නේ හොරාමයි කියන එක පමණක් පොදු ජනයා දන්නවා.

:       0       3

රවින් Wednesday, 11 March 2020 01:40 AM

එහෙම කියලා අපේ වතුර බිල හේම වැඩිකරනවා නොවෙයි. ආයේ නොකීවයි කියලා කියන්න එපා. පහුගිය ටිකේ කෝටි ගණන් යටිමඩි ගහලා කියලා කේප් කොමිටුවත් වාර්තා කලේ. එක ව්‍යාපෘතියක කෝටි හතලිස් ගණනක් තවෙකෙක කෝටි විසිගණනක් ඔයි වගේ කියක් විඝනඛධිපතිත් වාර්තා කලාද. යටිමඩි ගහපුවාට ආයේ ගෙවන්න ඕනේ පොදු ජනයාද? හොරකම් කරපු උදවියගෙන්ම තරා තිරම නොබලා ආපහු ගත්තොත් තමා හොඳ. සමාජයේ කොතැනක වැජඹුනත් හොරා කියන්නේ හොරාමයි කියන එක පමණක් පොදු ජනයා දන්නවා.

:       0       1

lalithm Wednesday, 11 March 2020 02:50 AM

මොන ව්‍යාපෘති තිබ්බත් තවම අපේ පැත්තට අවුරුද්ද පුරාම වේලුන ටැප් වලට හුළං වලට කැරකෙන මීටර් එකට අපි සල්ලි ගෙවනවා. අපි ඉන්නේ කැලණිය දළුගම ලුම්බිණි පාරේ. පැමිණිලි කළාම කියන්නේ ඔය පැත්තට උස හින්දා ප්‍රෙෂර් මදි ඒ හින්ද වතුර නැහැ කියලා. කොච්චර ෂෝක් වතුර මණ්ඩලයක්ද අපිට තියෙන්නේ. නිකම් කයිය විතරයි.

:       0       6

ගොන් වස්සා Wednesday, 11 March 2020 02:56 AM

දැනට වතුර වලට බොහොම අඩු මුදලක් අය කරන්නේ. අඩුම වශයෙන් රු.500 කට වැඩි මාසික බිලක් එන ලෙස ජල ගාස්තු සංශෝධනය කළ යුතුයි. එසේම මහා පරිමාණ ජල ව්‍යපෘති වලින් මුදල් හොරා කැම නතර කළ යුතුයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site