කොරෝනා වයිරසය හෙවත් (කොවිඩ් - 19) ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් ඉන් වැළකීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහාය වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ පිළිබඳව දැනුම් දෙමින් ජනාධිපති මාධ්‍ය අංශය මගින් විශේෂ නිවේදනයක් අද (11) නිකුත් කර තිබේ.
ලෝකය පුරා රටවල් රැසක මේ වන විට වයිරසය ව්‍යාප්ත වී ඇති අතර එය පාලනයට එම රටවල් විධිවිධාන රැසක් ගෙන තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් පළමු කොරෝනා රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ප්‍රතිකාර ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා සඳහන් කරයි. ඔහු 52 හැවිරිදි ඉතාලි ජාතික සංචාරක කණ්ඩායමකට මග පෙන්වන්නකු ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකි.
එම ශ්‍රී ලාංකියා ඇතුළු සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමද ආරම්භ කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල නිවේදයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාව තුළ කෙරෝනා වෛරසය වැළැක්වීමට රජය විධිමත් සැලැස්මක් සහිතව පුළුල් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඊයේ (10) සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන අය නිරෝධායනය කිරීම ආරම්භ කර ඇත.
එහෙයින් කොරෝනා අවදානම නැති නැති කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට පූරණ සහය ලබා දෙන්නැයි විදේශගතව පැමිණෙන පිරිසගෙන් සහ ශ්‍රී ලාංකික ජනතාවගේ රජය ඉල්ලා සිටින බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලියේ, කොරියාව් ඉඳලා එන අය හෝටල් පහසුකම් ඉල්ලනවා නම් ලංකාවට ගන්නේ නැතිව ඉන්න. ආණ්ඩුව මෙතරම් දෙයක් කරන එකට සහාය දෙනවා ඇරෙන්න උද්ඝෝෂණ කරන්නේ මෝඩයින්..
අපේ මිනිස්සුන්ට යමක් දැනෙන්නේ නාසය ගාවට ආවට පස්සේ. පුදුම ජාතියක්. ලෝකයේ දියුණු රටවල් පවා දැනට ලංකාවේ ක්‍රියාත්මක වැඩ පිළිවෙල අගය කරනවා. මේ විරුද්ධව කෑගහන අය ලෝකයේ අනෙකුත් රටවල් මේ වෙනුවෙන් දාපු නීති දන්නේ නැතිව ඇති. නැත්නම් දැන දැනත් මේකත් දේශපාලන වශයෙන් ප්‍රයෝජනයට ගන්න බලනවා ඇති.
ලංකවේ මිනිස්සු කවද්ද කිසිම වැඩකට සහයෝගය දුන්නේ ? දැක්කනේ ඊයේ ගුවන්තොටුපළේදී හැසිරුණු හැටි. අනික ලංකාව අධික ජනගහනයක් ඉන්න රටක්. මේක ව්‍යාප්ත වෙන්න පටන් ගත්තොත් එක කොනක ඉඳලා රටේ අනිත් කොනටම ව්‍යාප්ත වෙන්න මාසයක්වත් යන එකක් නැහැ. ඒක හින්දා බලධාරීන් රටේ මිලියන 20 ක් ජනතාවගේ ආරක්ෂාව ගැන හිතලා දැන්වත් ඔය රෝගය දරුණු ලෙස පැතිරීයන ඉතාලිය, චීනය, දකුණු කොරියාව,ඉරානය යන රටවල් වල සිට මෙහෙට එන ගුවන් යානා තාවකාලිකව තහනම් කරන්න.
නිතරම අත්දෙක සබන් දාලා සෝදා ගැනීම ගැන ජනප්‍රිය මාධ්‍ය මගින් දැනුවත් කරන්න.
මෙය වළක්වා ගැනීම පිලිබඳ මීට වඩා ජනතාව දැනුවත් කළ යුතුයි.
මේ අවස්ථාවේ පක්ෂ පාට කන්නාඩි වලින් බලන්නේ නැතිව රට ගැන සිතා අපේ සහෝදර ජනතාව ගැන සිතා රට කරන අයට සහය දෙමු. අපේ ලක්වැසි සියලුම ජනතාව සහයෝගයෙන් වැඩ කළොත් මෙයින් රට බේරා ගැනීමට පුළුවන්. අපේ රටට උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි ! උතුම් දළදා සමිදු රැකවරණයි ! ඔබලා සැමට සම්මා සම්බුදු සරණයි !
උදව් දෙන්න කිව්වට මහජනයා විසින් කළයුතු හා නොකළයුතු දේවල් දැඩි ලෙස තදින් බල කල යුතු බව අපට හිතෙනවා. තවමත් අපේ මිනිස්සු බොහෝ උගත් අයත් ඇතුළුව නිදහසේ කිවිසුම් යවනවා අඩු තරමින් මුව ලේන්සුවකින්වත් වසා ගන්නේ නැතිව. හරිම අප්‍රසන්නයි. විශේෂයෙන් මහජන ප්‍රවාහන සේවාවන් වල මේ තත්වය භයානකයි.
නිරෝධායනය නොකර ගෙදර එන අයව ගමේ කට්ටිය එකතු වෙලා "නිරෝධායනය" කරලා ගනීවි. ඒ නිසා ගමට යන්නේ ප්‍රවේශමෙන් !
කොරෝනාව පිටින් දාල රාජපක්ෂවරු හදන්නේ බලය ගන්න. කොරෝනා නම් පස්සේ බලාගන්න බැරිය. මේ ඡන්දෙන් පොහොට්ටු කාරයෝ ගෙදර යවමු. අලුත් රජයක් යටතේ අපි මේ රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නම්. සියලු බලවේග එක්ක අපිට පුළුවන් කොරෝනාවෙන් හා රාජපක්ෂවරුන්ගෙන් මේ රට මුදා ගන්න.
කෙසේ වෙතත් ලංකාව කොරෝනා ආසාධිත රටවලින් පැමිණෙන්නන් සීමා කළ යුතුයි. උෂ්ණත්වය වැඩිවීම නිසා ලංකාවේ රෝගය පැතිරීම අඩුවීම සිදු වුවත් මෙම වයිරසය පරිසරයේ අක්‍රීයව පැවතී උෂ්ණත්වය අඩු කාලයක නැවත සක්‍රීය වී පැතිරෙන්න පුළුවන්.
පාසල් නිවාඩුව දැන්ම දෙන්න බැරිද ? කොරෝනා හැදිච්ච ගෙදර බබා පාසල් ගියහම පන්තියේ තව 30ක් ඉන්නවා .පස්සේ නවත්තලා වැඩක් තියේද ? දැන්ම තමා නිවාඩු දෙන්න ඕන.
ඡන්දෙ ඉල්ලන අයට නියම ඡන්ද පොරොන්දුවක් "කොරෝනා තුරන් කරන්න මට ඡන්දෙ දෙන්න" "කොරෝනා නැති කරන්න පුළුවන් මට විතරයි" "කොරෝනා නැති කරන බලවේගේ"
මේ ඉතාලි ආණ්ඩුව අශ්වයා ගියාට පසු ස්තාලය වහලා තියෙන්නේ. ඒ අතින් බලනකොට ලංකාව හොද පියවර අරන් තියෙනවා.මම බිරිද දරුදෙදෙනා රෝමයේ ජිවත් වෙන්නේ. රස්සාවට එන්න එපා කියනවා. හැමෝම බය වෙලා ගෙවල් වලට කොටුවෙලා ඉන්නේ. මේ තත්වය එන්න එන්න බැරැරුම් වෙනවා. ලංකාවේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ම්ට වැඩිය පියවරවල් ගත්තත් කමක් නැහැ.
නිරෝධායනය කළ අයට අංකයක් දීලා, පාස්පෝර්ට් එකේ සටහනක් දැම්මොත් හොඳයි.
දැනටමත් ලංකාවේ කොරෝනා බෝ වෙලා තියන්නේ. උපකරණ නැති නිසා හොයා ගන්න බැරුව ආණ්ඩුව මිනිස්සු අන්දනවා.
ලංකාව කැස්ස, හෙම්බිරිසාව, උණ රෝග නිතර හැදෙන හැදෙන රටක්. කොරෝනා රෝගයත් මුල් අවස්ථාව ඒ වගෙයි. ලේ පරීක්ෂාවකින් සොයා ගන්න ඕන. සමහරු මම දැක්ක උෂ්ණ අධික රටවල හැදෙන්නේ නැහැ කියලා සොයා ගැනීමකින් තොරව තර්ක ඉදිරිපත් කරලා තියනවා. එහෙනම් අපිට අහන්න පුළුවන් අධික ශීතල තියන රුසියාව,ඇලස්කාව වගේ රට වලත් හැදිලා නැහැ. ඒ නිසා මේක වැළදීම,පැතිරීම වලක්වා ගැනීමට ආණ්ඩුව ගෙනියන වැඩ පිළිවෙලට අපි සහය දක්වමු.
වෙනත් රටවල් මෙන් පමා නොවී පිටරට වල ඉඳලා එන සියල්ලටම තහනමක් පනවන්න. මෙය මාසයක් ක්‍රියාත්මක කර බලන්න. ඉතාලියටත් වැරදුණු තැන මෙතන කියලා දැන් පිළිගන්නවා. දුෂ්කරයි... නමුත් කළ යුතුයි, මේක හදිසි අවස්ථාවක්..!
කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙන එක වළක්වාගන්න තමනට හැකිතරමින් සහායවන්න. මහලුවියේ පසුවෙන ඥාතීන් ඉන්නවා නම් ප්‍රවේශමින් කටයුතු කරන්න.
ඉතින් ඕකට මුලින්ම කල යුත්තේ ලංකාවට පැමිනෙන විදේශ ගමන් නැවැත්වීමයි. නැතුව මේ සල්ලිවලට කුනුකමේ පිටරට අය රටට ගන්නනකන් අපි බොරුවට පරිස්සන් වෙලා වැඩක් නෑ
එසත් ජනපදයේ කොරෝනා වෛරස නිසා සියලුම දේශපාලන පක්ෂවල රැස්වීම් අවලංගු කර ඇති බව ඒ පක්ෂ සංවිධාන දැනුම් දී ඇති බව කියන්න ඕනෙ. එවැනි දෙයක් ලංකාවේ කලොත් හොඳ නැද්ද.