( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමා අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා විසින් අභියාචනාධිකරණයට අද (10) රිට් පෙත්සමක් ගොනු කර ඇත.
නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, වැඩබලන පොලිස්පතිවරයා, කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක ඇතුළු එම අධිකරණයේ පිරිසක් නම් කරනු ලැබ ඇත.
තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත්, එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා සිය පෙත්සමින් ඉල්ලා ඇත.
2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙත්සම මොකක් උනත් මෙයා ඇතුලේ ඉන්න ඕන කෙනෙක්.
හොරුන්ගේ අලුත් සෙල්ලමක් අත්අඩංගුවට ගන්න එපා කියආ උසවියෙන්ම ඉල්ලන හැටි ලැජ්ජා නැතුව.......
සුළගක් වී මං යනවා අප්පච්චි කොහොමද මං අල්ලන්නේ ?
පෙත්සම ගහල තියෙන්නේ නඩුකාරයට විරුද්ධව. කවුද විභාග කරන්නේ මේවා.
කම්බ හොරු නීතිය උඩ පිනුම් ගහනවා. අහිංසකයන් හිර ගෙවල් වල ලගිනවා. මේ ක්‍රමය වහා වෙනස් විය යුතුයි.
මේව දකිද්දි තනියම හිනා වෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.
අත්අඩංගුවට ගත්තු මේ නඩුවට අදාල කිසිම කෙනෙකුට අපටනම් දෙන්න එපා. වංචා කළ මුදල විශාල නිසා මෙගොල්ලනට රට පැන්නොත් විශාල ධන කුවේරයන් ලෙස සුඛෝපභෝගී ජිවිත ගෙවන්න පුළුවන්.
ඔන්න ඕකට තමය කියන්නේ "දිට්ට ධම්ම වේදනීය කර්මය" කියලා. ඔය ගම්වල මිනිස්සුනම් "කරන කලට පව් මිහිරිය මීසේ, විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ" කියලත් කියනවා.
අල්ලන්න එනවා කියලා දින දෙක තුනකට ප්‍රථම මාධ්‍ය මගින් ප්‍රචාරය කරලා හොරු අල්ලන්න එන එකම රට ලංකාව වෙන්න ඇති. බැදුම්කර ගණුදෙනුව කෙසේවෙතත් උසාවියට අපහාස කිරීම නිසා මොහුට අවම වශයෙන් මාස 6 ක බරපතල වැඩ ඇතිව සිර දඩුවම නියම කරන්න ඕනේ. උසාවි නියෝගය දුන් දින සිට හැංගිලා සිටින එක දිනකට දින 7 බැගින් දඩුවම දීර්ඝ කළ යුතුයි. මට හිතෙන විදිහට මේවා ඔක්කොම ඡන්දෙට කලින් කරන බොරු නාට්‍ය. ඡන්දෙට කලින් පොරොන්දු වුන විදිහට බැදුම්කර හොරුන් නීතියේ රැහැනට හසුකර ගැනීම හිතා මතාම පැහැර හැරියොත් ලබන පාර්ලිමේන්තු මැතිවරණෙ කෙසේවෙතත් , 2025 ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහත්මයාට මෛත්‍රීට උනා වගේ ගෙදර යන්න සිදුවන බව කරුණාවෙන් සළකන්න.
අනේ මේ වගේ බියගුළු නිවටයෝ ටිකක්. අහිංසක මිනිසුන්ගේ බදු මුදල් හොරා කන්න පුළුවන් වීරයෝ වගේ. කුඹුරේ හතර මායිමත් අමතකයි කියන්න පුළුවන්. දියවන්නා ඔයේ මිහරකුන් පට්ටියේ ඉන්නකොට ලෝකෙටම ඇහෙන්න ලාඩන් ගැලවෙනකම්ම තප්පුලන්නත් පුළුවන්. දැන් අඩනවා අනේ මාව අත්අඩංගුවට ගන්න එපෝ කියලා. අනේ අපේ රටට ගිය කල දසාවක්. මේ කොහෙවත් යන අය මහජන සේවකයන් හැටියට තෝරාගෙන....
වරෙන්තුකාරයක්ව කොහොමද නීතීඥ ගෞරී තවරාසා හමුවන්නේ? ඔහුව අධිකරණයට බාරදියයුතුයි. නීතීඥවරයා දන්නවා කොහෙද ඉන්නවා බව. සාමාන්‍ය මිනිහෙක් මෙහෙම වරෙන්තුකාරයෙක් පිළිබඳව හංගගෙන හිටියොත් මොකද්ද වෙන්නේ?
රවී අනුගමනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ.