IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නිරෝධායනයට මඩකලපුවට

(ටී.කේ.ජී.කපිල)          

දකුණු කොරියාවේ සිට අද(10) අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් පිරිසක්,  මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ.

ඔවුහු නීරෝධායනය සඳහා යොමුකරන ප්‍රථම ගුවන් මගී කණ්ඩායම වෙති.

එහි ශ්‍රී ලාංකික ගුවන් මගීහු 164 ක් සහ කොරියානු ජාතික ගුවන් මගීහු දෙදෙනෙක් සිටියහ.       

ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීහු සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ බස් රථ 5 ක් මගින් ඔවුන් මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන ගියහ. 

(ඡායාරූප - නිමල් ජයරත්න)

 



අදහස් (9)

දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නිරෝධායනයට මඩකලපුවට

සෑම් Tuesday, 10 March 2020 03:41 AM

ඇයි කොරෝනා අසාධිතයින් හෝ එසේයැයි සැක කරන්නන් මඩකලපු යවන්න සල්ලි වියදම් කරන්නේ. යවන්න පාර්ලිමේන්තුවට. මේ දවස්වල එක වහලනේ තියෙන්නේ.

:       9       362

Sanath Kandy Tuesday, 10 March 2020 03:51 AM

දැන් මෙය චීනයේ, කොරියාවේ හෝ ඉතාලියේ පමණක් ප්‍රශ්නයක් නොවේ. මානව වර්ගයා ගෝලීය වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්නයක්. ලෝකයේ රටවල් වලින් අඩකට, ලෝක ජනගහනයෙන් 80% ක් ජිවත් වන ප්‍රදේශයකට දැන් මෙය පැතිරී තිබෙනවා. බුද්ධිමත්ව කටයුතු නොකලොත් මානව සංහතියම අනතුරේ. අනවශ්‍ය ලෙස කලබල නොවී ඉදිරියේ පැමිණිය හැකි ඕනෑම දරුණු තත්වයකට මුහුණ දීම සදහා අප සුදානම් විය යුතුයි. චීනය ඉතාමත් සැලසුම් සහගතව හා සාමුහිකව මෙයට මුහුණ දුන් නිසා අද වන විට යම් කිසි මට්ටමකින් මෙය පාලනය කර ගැනීමට සමත් වී සිටිනවා. එකාවන්ව සාමුහිකව සිටිය යුතු මේ අවස්ථාවේ අපේ රටේ මහ මැතිවරණයක් පැවැත්වීම නුවණට හුරු දෙයක්ද කියා නැවත කල්පනා කර බැලිය යුතුයි.

:       0       136

බත් කන හරක්Tuesday, 10 March 2020 08:25 AM

විමල් ඡන්දෙට එන නිසා දිය යුතුය.

:       1       125

Vajira Tuesday, 10 March 2020 03:57 AM

අපේ රටේ ආර්ථිකය රදා පවතින්නේ විදේශගත ශ්‍රමිකයින් එවන මුදලින්. මේ අය අපේ රටේ පුරවැසියන්. ඔවුන් කරදරයට පත් වූ විට පිහිට වීම අපේ යුතුකම නොවේද? කොරෝනා වලට වඩා භයානක මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පොහොට්ටුවේ දේශපාලකයින් මුල් වී ඔවුන් මව්බිමට පැමිණීමට විරුද්ධව කරන උද්ඝෝෂණ පිළිකුල් සහගතයි.

:       248       961

අ-ගුණ බණ්ඩා Tuesday, 10 March 2020 04:08 AM

ෂරියා දැන් හරිද? ඕවා අන්තවාදී හම්බ සල්ලි කිය කිය කෑ ගැහුවා නේද?කුකුල් බෙට්ටත් බෙහෙතට ඕනෙ වෙනවා කියන්නේ ඕකට තමා.

:       430       613

siri Tuesday, 10 March 2020 09:11 AM

දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයින් මඩකලපු ශරියා විශ්වවිද්‍යාලයටත් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයටත් යොමු කිරීමේදී ඔවුන්ගෙන් රුපියල් 7,500ක මුදලක් අය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතිබව වාර්තා වෙනවා.ඔවුන්ගේ ආහාර සඳහා මෙම මුදල අය කරන බව පැවසෙන අතර පානීය ජලය ද ඔවුන් විසින් වෙනම මුදල් ගෙවා මිලදී ගත යුතුව ඇති බවද කියනවා. එම පිරිස් කටුනායක සිට මඩකලපුවට යැවීම සඳහා නිසි වැඩපිළිවෙලක් සුදානම් කර නොතිබීම නිසා ඉමහත් අපහසුතාවයට පත්ව ඇති අන්දම පෙන්වන සජීවී වීඩියෝ පටයක් දැනට අන්තර් ජාලයේ සංසරණය වෙනවා. එහි ආපසු පැමිණි පිරිස් ගෙනා ගමන් මලු අධික වීම නිසා අවශ්‍ය තරම් වාහන ලබාගැනීම ප්‍රමාදවිමෙන් සියලුම දෙනා කිසිදු පිළිසරණක් නොමැතිව පැය ගණනක් අසරණව සිටිනු දක්නටපුළුවන්."කෝටි ගණන් මුදල් වැය කරමින් අධ්‍යාපනය සඳහා චීනයට ගොස් සිටි ඉහළ පවුල්වල සාමාජිකයින් විශේෂ ගුවන්යානා යවා නොමිලේම ගෙන්වාගෙන සියලු සැප පහසුකම් ලබාදුන් ආණ්ඩුවක් මෙසේ විදෙස් රැකියාවල නිරත වී සිටි සාමාන්‍ය ජනතාවගෙන් ආහාර සහ ජලය සඳහාත් මුදල් ඉල්ලීමෙන් ඔවුන් බෙදන්නාවූ හැඳි දෙක මනාව පෙන්නුම් කෙරෙන බව" සමහරු චෝදනා කර නවා.

:       0       204

siriTuesday, 10 March 2020 10:48 AM

ආහාර සහ පානිය ජලය සඳහා මුදල් අයකරන බව සඳහන් වෙන ලිපියක පිටපතක්ද අන්තර්ජාලයේ පල කර තිබෙනවා. දැන් කවුරු මොන නිවේදන නිකුත් කලත් මේවා බොරු වෙන්න බැහැ. එතන ඉන්න ආණ්ඩුවේ නිලධාරින් කර කියාගන්නට දෙයක් නොමැතිව ඉතාම අසරණ තත්වයට පත්ව ඇති අන්දමයි එම වීඩියෝ පටයේ පෙනෙන්න තියෙන්නේ.

:       1       0

බද්රානි Tuesday, 10 March 2020 10:39 AM

දේශප්‍රේමී,, පුහු, රට විරුවන් පහුගිය කාලේ දඟලපු දඟලිල්ලට මම නම් හිතුවා ඔහොම වෙයි කියලා. තමන් දුක් මහන්සියෙන් හරිහම්බ කරන දේ තමන් වෙනුවෙන් අරපිරිමැස්මෙන් පරිහරණය නොකොට, දේශපාලන තක්කඩියන්ගේ ඉච්චා බස් වලට රැවටිලා, මෝඩ චුන් රැගෙන අතපය දිගහැරලා විවිධ සංවිධානාත්මක මුදල් ලබාදෙමේ, ප්‍රතිපල දැන් ලැබී තියනවා. " තම හිසට තම අතමය සෙවනැල්ල" කියන දේ ඉගෙන ගෙන රුපියල් 7500ක් ගෙවලා නිරෝධනය වෙන්න. අනුන්ගේ විපතින් ගානක් පොකට් එකට දා ගැනීම සිරි ලාංකිකයින්ගේ චර්යාව බව අවබෝධ කර ගන්න. දැන් සැපද!!

:       1       0

ප්‍රීති Tuesday, 10 March 2020 11:38 AM

අගෞරව කළ හිස්බුල්ලා මැතිතුමාට පින් දීලා ඔතන මේ දින ටිකේ හොඳින් ඉන්න. උද්දච්ජකමට කෑ ගැහුවට ඵලක් නැහැ. තමන් කවුද කියන දේ අවබෝධ කරගෙන විනීතව හැසිරෙන්න පුරුදු වෙන්න. ශ්‍රී ලංකික ජනතාවගේ මුදල් සොරකම් නොකොට, මැදපෙරදිග රටවල අධාරයෙන් හිස්බුල්ලා මහතා විසින් ඉදිකළ මේ ගොඩනැගිල්ල වනසා දමන්නේ නැතිව නිසි ලෙස පාවිච්චි කරන්න. "කාපු පතේ පහරන්න" නම් එපා. මෙය කාරුණික ඉල්ලීමක්.

:       57       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 102 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site